javascript:void(0)

Tuesday, December 31, 2013

--වාසනාවට ඇත්ත කතාවක්--"

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


      මේක මගෙ යාලුවෙක් මේ ළඟකදි කියපු කතාවක්. මේ යාලුවව මට හම්බ උනෙ ගම්පහ ගාඩර් එක උඩදි... ඒ එනකොටත් තව කවුද අයියල දෙන්නෙක් එක්ක එයා හිටියෙ. මට නම් කිවුවෙ චැනල් ෆයිව් එකේ මොකක්ද එකකට සෙට් උනා කියල... එයා කියපු කතාවත් එක්ක මට හිතුන.. සමහර කොල්ලන්ගෙ ඇත්තම කතාවත් මේ වගේමයි නේද කියල.. ඒ නිසා ඕන දෙයක් වෙන්න කියල ඔන්න ඒකත් මම ලියල දැම්ම... මේකට හේතු වෙච්ච එයාගෙ කතාව මම මේ විදියට එයාගෙම වචන වලින් දාන්නම්..

 "  ඒ කාලෙ බොන්න ඕන... සල්ලි නෑ.. හැබැයි ඇති වෙන්න බොන්න හම්බ වෙනව නිකම්ම...

   ඊට පස්සෙ... බොන්න ඕන.. ඒත් සල්ලි නෑ.. හැබැයි ඇති වෙන්න බොන්න හම්බ වෙනව නිකම්ම.... ඒත් සල්ලි නොදී බොන්න අකමැති නිසා වැඩිය බිවුවෙ නෑ...

   මම එහෙම වෙච්ච නිසා ඊට පස්සෙ, බොන්න ඕන... බොන්න සල්ලිත් නෑ, නිකම් බොන්න හම්බ වෙන්නෙත් නෑ..
 

     දැන් මට බොන්න එහෙමට උවමනාවක් නෑ, ඒත්... මට ඇති වෙන්න.. බොන්න සල්ලි තියෙනව, ඇති වෙන්න බොන්නත් හම්බ වෙනව නිකම්ම...
 ඒත් මම දැන් බොන එක පස්සෙ යන්නෙ නෑ, එහෙමට කියල බොන්නෙත් නෑ...බොන්න උවමනාවකුත් නෑ..."

මම මේ කියන්නෙ ගොඩක් පෝසත් සල්ලි තියෙන පිරිමි ළමයි ගැන නෙවෙයි.. මේ කතාව, ඒ තරම්ම සල්ලි නැති යාන වාහන නැති සාමාන්‍ය පංතියෙ පවුලකට ඉපදෙන ටිකක් විනෝදයට බර වගකීම් වැඩිය නැති උසස්පෙළ කරන වයසෙ කොල්ලො ගැන..

             මම ඉතුරු ටික කියන්න යන්නෙ නෑ... ඔය මගෙ යාලුව කියපු කාරණා ටික කියවල බලල ඔයාලම කමෙන්ට් එකක් දාල යන්නකො.. මම මේ කියන කතාවෙ යම් කිසි ගැළපීමක් තියෙනව නේද කියල..
කෙටවල


             ඔය කියන මගෙ යාලුවට උසස්පෙළ කරල ඉවර වෙච්ච කාලෙ හරියට යාලුවො හිටිය... ඒ අතරෙ ටිකක් යහමින් සල්ලි තිබුන අයත් හිටිය. ඒ කාලෙ විනෝදයටමයි බර... ජීවිතේ කිසිම වගකීමක් බරක් දැනෙන්නෙ නැති කාලයක් නෙ...
           බොන එක හොඳයි කියනව නෙමෙයි.... ඒත් මම මේ කතා කරන්නෙ යථාර්තය ගැන. ඒ කාලෙ ජීවිතේ කියන්නෙ කොල්ලො ටිකක් එක්ක සෙට් වෙලා බොන එක, ෆන් ගන්න එක, හොරෙන් නාන්න ට්‍රිප් යන්න එහෙම සෙට් වෙන එක.. පිස්සු වැඩ කරන එක, විශේශයෙන්ම කැපී පෙනෙන්න උත්සහ කරන එක, මෝඩ වැඩ කරන එක එහෙම.. අනිත් වැදගත්ම දේ වලි වලට එහෙම යන එක... ඒක ඔය කාලෙ වයසෙ හැටියක් නෙ.... මොන්ටානා එකට හැරෙන පාර ළඟ කේක් කඩේ ඉස්සරහ කල්ලි ගැහෙන, කල්ලි ගැහිල තියෙන කොල්ලො නම් මේ කියන කතාව හොඳටම දන්නව නෙ..

 
අලවල
           හැබැයි මම මේ කතා කරන මගෙ යාලුවත් අන්න ඒ කල්ලි වල හිටපු කෙනෙක් ඉස්සර... ඒ චරිතයෙ ඉස්සරයි අදයි වෙනස එදා හොඳටම මම දැක්ක ඒ ගාඩර් එක උඩ හම්බ උන මොහොතට.... වචන වලට කියාගන්න බැරි උනත් උසස් පෙළ කරන, කරපු කාලෙ නිදහසේ වගකීම් නැතුව ගෙවපු සරල නිදහස් ජීව්තේ ගැන ලොකූ කතාවක් ඒ ඇත් ඇතුලෙ ලියවෙලා තියෙනව මම දැක්ක...

අලුත් මිණුවන්ගොඩ පාර


             බලන්න ඔයාලටත් මම මේ කියපු විදියෙ ජීවිතයක් තිබුන ද කියල ඒ කාලෙ... සාහර විට සමහර අය නම් මේ දවස් වල ගෙවන්නෙ මේ කියපු ජීව්තේ... ඒත්.. මේ වෙනකොට ඔය මම කියපු විදියෙ ජීවිතයක් ගත කරපු, මේ පෝස්ට් එක කියවන ගමන් ඒ කාලෙ කරපු වැඩ මතක් කර කර හිනා වෙන, දුක් වෙන අය මේ වෙනකොටත් පෝස්ට් එක කියවන එක පැත්තකට දාල තමන් ගත කරපු ඒ ලස්සන කාලෙ ගැන බෝම ලස්සන චිත්ත රූපයක් මවාවෙගෙන ඒක රස විඳිනව  ඇති... අන්න ඒ අයට මගේ මේ කතාව වෙන කාටවත්ම වඩා හොඳටම දැනේවි...

සතුටු වෙන්න, දුක් වෙන්න එපා.. කවද හරි අපිට සතුටු වෙන්න ඉතුරු වෙන්නෙ ඔය ටික විතරමයි... --මතකයන්--- 

--මතක වස්තුව-- ලියන පවනි තරංගා

9 comments:

  1. A/L කරන කොල්ලෙක්මි
    සමකාලීනයන් හා සසදන විට පෝස්ටුව සතය්‍ය ය.

    සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
  2. අපිත් A/L කාලේ රස්තියාදු ගැහුව ක්ලාස් කට් කලා කෙල්ලො පස්සෙ ගියා ඒත් බිව්වෙ නෑ,
    ඒ නිසා එදා බොන්න උවමනාවක් තිබ්බෙත් නෑ, බොන්න සල්ලි තිබ්බෙත් නෑ, අදත් ඒ ටිකම තමා :D
    සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා... :)

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්ම්ම්....අනේ මන්දා....තව ටිකක් ලියන්න තිබුනා අක්කියෝ... :)
    anyways...ලස්සනයි... :)
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ...ලබන්නවූ 2014 නව වසරේදී වෑඩි වෑඩියෙන් තවත් ලස්සන පෝස්ට් ලියන්න ලෑබේවා කියලා ප්‍රාර්තනා කරනවා අක්කිට.... :)

    ReplyDelete
  4. ඔව් නංගි(??).. එහෙම කතා ඇත එමට.

    ඔසුනවවේ.. ( මේ අවුරුද්දෙවත් හොද චීත්තයක් හොයාගනිං..)

    ReplyDelete
    Replies
    1. සමලිංගික විවාහ තහනම් නේද ලංකාවෙ...

      Delete
  5. සුභ 2014ක් වේවා!

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා පවනියෝ.....
    බීම ගැන අත්දැකීම් නැති බැවින් පැසීම උගහටය....
    (හරිද මන්දා කිව්වා )

    ReplyDelete
  7. සුභ අලුත් අව්රුද්දක් වේවා අක්කේ.කතාව නම් ගොඩක් වටිනවා. හැබැයි මේ ගැන අත්දැකීම් නම් නෑ . තව ලියන්න සුභ පතනවා. ජය!!!

    ReplyDelete
  8. මමත් ගම්පහ /. පිස්සු නැටුවා.. ක්ලාස් කට් කලා.. ඒත් මමත් බිව්වෙ නම් නෑ.. තාමත් බිලා නෑ.. පවනි අක්කට කියන්න.. ඇත්තටම දැං නං හිතෙනව ගත්ත ආතල් මදි කියලා .. :( බොන එක නෙමේ මම කියන්නෙ.. අනෙක් පදේවල් උනත් මට ගොඩක් මිස් උනා :(

    සුභ අලුත් අවුරුද්දක් :)

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....