javascript:void(0)

Tuesday, December 3, 2013

අපේ බීච් පාටිය - ගෙට්ටුව 2013
--මුහුද අපේ...... ලොල්--"


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

       
                 අම්මියෝ... මගේ මතක වස්තුව සෑහෙන්න පරණ වෙලා මකුළුදැල් බැඳලත් එක්ක.. 
:ඩී


         හරි හරි... ඒක නෙමෙයි අද කතාව... අද කතාව අපේ බ්ලොග් ලියන උන්දැල එකතු වෙන ගෙට්ටුව ගැන... තුන් වෙනි හෝ හතරවෙනි ගෙට්ටුව මයෙ හිතේ...

             ගාල්ලෙ ගෙට්ටුවෙදිත් හරි හරි වැඩ උනා ලු... හයි වේ එකේ යන්ඩ කලින් බස් තල්ලු කරපු උන්දැල, නුවර ඉඳන් කැන්ඩි යන්න හදදු උන්දැල, විටමින් ගන්ඩ කඩවල් වල ගිහින් වයස නෑ කියල විටමින් නැතුව ආපු උන්දැල, පාන්දරින්ම කිරි ටොපි හදන් ආපු උන්දැල, අපිට උදේට කන්න බනිස් ගෙනත් දීපු උන්දැල, බස් රථය ඇතුලත වැඩිහිටියන්ට පමණැයි රූපරාමු වීඩියෝ කල සහ ඒවායේ රඟපාපු උන්දැල, කොළඹ කට්ටිය එනකොට වැල්ලෙ නිදාගෙන හිටි උන්දැල, පොරොන්දු ඉෂ්ට කොරන්ට ගිහින් මත්පැන් බෝතල් කටේ තියන් බීපු උන්දැල.. ඒ ඔක්කොටමත් වඩා මං එනකම් බලන් හිටපු මාව කාර් එකේ එක්කන් යන්න බලන් හිටපු එහෙම උන්දැල මේ වෙනකොට කටවල් ඇරගෙන බාගෙට හිනා වෙවී එදා වෙච්ච සිද්ධි මතක් කරනව ඇති.... බලන්ට... ඔයාත් ඔය කියන සිද්ධිය වල උන්න ද දන්නවද එහෙම කියල....

 මේ බලන්ට -ගාල්ලෙ ගෙට්ටුව සහ “The අපිට වෙච්ච දේ Show”





 ඔන්න ඉතින් ඒකත් ඉවර උනා... ඊට පස්සෙ මෙහෙමයි..
ඊට පස්සෙ ඕන් තවත් මොකක්ද ගෙට්ටුවක් තිබුන ලු.. ගම්පහ ද කොහෙද කියල පැත්තෙ..
මටත් කතා කලා ඕන්...    ;)  සිරා අයිය කියල කෙනෙක්.... බෝම අමාරුවෙන් බේරුනේ... අම්ම දැනගත්ත නම් කොල්ලෙක් එක්ක කතා කරනව කියල, විසුමක් වෙන්නෙ නෑ..   :ඩී



               ඒකෙත් හරි හරි සිද්ධි තමයි උනේ... කවුද මන්ද උන්දැ කෙනෙක් නම් ලිස්ට් එක අතේ තියන් ගේට්ටුව ළඟට වෙලා බලන් උන්න ලු එන කට්ටිය කවුද එයාලගෙ නම් මොනවද කියල හොයාගන්න එහෙම..... තවත් අය ගෙට්ටුවට ඇවිත් ගෙට්ටුවට නෙමෙයි වගේ ඇවිත් මල් වත්තෙ ගේට්ටුව ළඟ ඉඳගෙන උන්න ලු... සමහරු ගෙට්ටුවට එනවයි කියල ගම්පහට ඇවිත්, ගම්පහ නගරය ගැන මාර ආදරයක් ඇතිවෙල ප්ලැට්ෆෝම් ටිකට් එකක් අරන් ස්ටේෂන් එකට වෙලා නිදාගෙන උන්න ලු.. ඇන්ඩ් සෝ ඔන්..

මෙන්න ඒකෙ විස්තර අපේ රජාගෙ කතා කරන පිංතූර වලින්...

ගෙට්ටුවේ කැතම කැත කතා කරන පොටෝ!!! - Live & Exclusive -

මඩ පොටෝ Season 2

එන්න එන්න!!!! තව ගහගම්මු!!! - මඩ පොටෝ Season 2

 හරි හරි... ඒව ඉවරයි... ඔන්න තවත් සීසන් එකක් ඇවිත් ඒකට..... සයිබර් ගෙට්ටුව 2013....!!!!! :)
 මේ පාර ගෙට්ටුව තියෙන්නෙ ගල්කිස්ස බීච් එකේ... ගොඩක් කස්ටිය යනව ලු... මන්ද.. මාව නම් යවන පාටක් නෑ අපෙ ගෙදරින්.. ඒ උනාට උපරිම උත්සහය දරන්නම්කො...
මෙන්න ගෙට්ටුව ගැන විස්තර...

මෙන්න දවස  ---->

දෙසැම්බර් 21 වෙනිදා

මෙන්න තැන ----->

ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස් ( Jo Jo's Place in Mount Lavinia )

මෙන්න මෙතනින් වැඩි විස්තර ---->

 ගිනියම් ඉර ........ සඳ සිසිලස ............අතරේ හොයනවා හොයනවා අපි අපි කවුරුද?

 

17 comments:

  1. Replies
    1. අෆ්ෆට... ඒ මොකෝ අෆ්ෆා?

      Delete
    2. දැන් ප යන්න ටයිප් කරන්නම බැරිද මන්දා..........
      ෆක තමයි........

      Delete
    3. මට එන්න වෙන්නෙත් නැති පාටයි....
      :(

      Delete
  2. පවනි නංගි...පති වත කෙළසගන්නෙ නැතුව සුන්දර දවසක් ගත කරලා අපිට මඩ ෆොටෝ ටිකකුත් එකතු කරගෙන පරිස්සමෙන් ගෙදර යන්න... බොලාට ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. අංකල් පවනි දුව ඉන්නවද :P

      Delete
    2. @ සිරා - මම යන එක ශුවර් නෑ අෆ්ෆ... ගෙදරින් යවයි ද දන්නෙ නෑ...

      @ සමී - :)

      Delete
    3. @පවනි

      ඒ මොකෑ එවන්නේ නැත්තේ උබ ලොකු වෙලාද ?

      Delete
    4. මට විභාගෙ නෙ.... :(

      Delete
  3. Replies
    1. ජය වේවා.... එහෙනම් එදාට හම්බ වෙමුකො...
      :)

      Delete
  4. මේකට නම් සලකා බලන්න වෙනවා දැන් ගෙවල් වලින් පැන ගන්න හරිම අමාරුයි නොව බ්ලොග් ලෝ කේ වැඩ වලට අපේ තාත්තත් කොහෙන් හරි වල් බ්ලොග් එකක් කියවලද කොහෙද දැන් බ්ලොග් අරහන්

    ReplyDelete
    Replies
    1. අප්පට.. එහෙමත් එකක් ද.... වෙලාවට අපේ තාත්ත බ්ලොග් ගැන වැඩිය දන්නෙ නෑ....
      කාරි නෑ... ජිංජිබිරිස් අයිය ගාල්ලෙ ගෙට්ටුවෙදි බස් එක තල්ලු කරපු හැටිත් තවම මතකයි මට... බලන්නත් ආසයි ආයෙ.... එන්නකො එදාට... අපි හමු වෙලා කතා කරමුකො...
      :)

      Delete
  5. පවනියා එළියට බැහැලා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නලින් අයියා.. ඔන්න මේ පාර නම් ගිය පාර වෙච්ච දේවල් වෙන්නෙ දෙන්නෙ නෑ කියල පොරොන්දු වෙනව මම... :)
      --මැජික් පෙන්වන්නේ නැත--!!

      රස්නෙ දැනෙන්නම ඕන අප්ප ආයෙ ලියන්න පටන් ගන්න... ඕන ආයෙමත් රස්නෙ දැනුන.. :)

      Delete
  6. සමහර කෙල්ලන්ට බ්ලොග් මතක් වෙන්නෙ ගෙට්ටු ආවහම :P

    අක්කෙ මේ පාර මැජික් පෙන්නනෝ නේ ඔයා අපිට :3

    ReplyDelete
    Replies
    1. "රස්නෙ දැනෙන්නම ඕන අප්ප ආයෙ ලියන්න පටන් ගන්න... ඕන ආයෙමත් රස්නෙ දැනුන.. "

      එක දිගට ලියාගෙන ආවට මොකක්දෝ නිසා එක පාරටම ඒක නැවතුනා...
      :(

      නෑ නෑ... මේ පාර මම අටම් අයියට පොරොන්දු වෙලා තියෙන්නෙ මම.. මැජික් පෙන්නන්නේ නැත!!!

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....