javascript:void(0)

Sunday, January 20, 2013

වාර්ශික සුහද හමුව 2013


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

...:|වාර්ෂික සුහද හමුව 2013|:...




ඔන්න තවත් නව වසරක්..... සයිබර් අවකාශයේ අකුරු කරන බ්ලොග් කරුවන්ට කාරිණියන්ට.... ආයෙමත්.... හමු වෙලා එකිනෙකා අඳුනගන්න... කතා කරන්න.... පිංතූර ගන්න.. ලැබෙන තවත් සුවිශේෂී අවස්ථාවක්.... :)

අෆෝයි.... ලයින් එක ලොකු වැඩි උනා වගේ නේද?:ඩී

මේකයි සිද්ධිය... මේක අපේ බ්ලොග්කරුවන්ගෙ ගෙට් එක...

1. දිනය - 2013.01.27
2. ස්ථානය - ගම්පහ මල් වත්ත (හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය) 
3. ගෙට්ටුව ආරම්භ වෙන්නෙ - උදෑසන 9.00
4. උද්‍යානයට ඇතුලුවීමට අය කරන ප්‍රවේශ පත්‍ර‍ ගාස්තුව
හා
දිවා ආහාරයත් ඇතුලත් 
ප්‍රවේශ පත්‍ර‍යක් -
රු 200/- 
5. ගෙට්ටුව අවසන් කරන වෙලාව - හවස 3.00

ගම්පහ නගරයේ සිට පයින් යන දුරින් උද්භිද උද්‍යානය පිහිටා තිබේ..... පයින් එන තරමට.. සහ උදෙන්ම එන තරමට නැරඹිය හැකි දේවල් බොහෝ ය.. ;)

ෂල්ලි ඇති අයට ඕනෑ නම් තීවීල් එකක් හෝ වාහනයක වුවත් යා හැක.. ඒත් ඉතින් බස් එකේ ගියත් බැහැල ටිකක් දුර පයින් යන්න වෙනව....
:)

ඒත් සංවිධායක මහත්තුරු ඔයාලව පයින් යවන්න සූදානම් නෑ වගේ.... :) එයාල කියල තියෙන වෙලාවට ගම්පහට ආවොත්.... ඔයාලට පයින් යන්න වෙන එකක් නැති වෙයි වගෙ... ;)


ගමන් මාර්ගය දක්වා තිබෙන්නෙ ගම්පහ නගරයේ සිටයි. කොහොමත් ගම්පහට එන එක බොලාගෙ වැඩක් නෙව.... :ඩී

--------------------------------------------------------------

මීට කළින් ගෙට් එකේ සොඳුරු මතක බලන්න ආසයි ද???මෙන්න මේවට ගිහින් බලන්න....

--------------------------------------------------------------
බ්ලොග් ලියන්නන් මෙන්ම බ්ලොග් කියවන්නන්ටත් මෙම අවස්ථාව විවෘත ය. බ්ලොග් කියවන්නන්ට තම ප්‍රියතම බ්ලොග් කරුවන්/කාරිණියන් හමු වීමට හැකි මෙම විශේෂ අවස්ථාව මග ඇරගන්ට නම් එපා ඔන්න... :)


මම ගොඩාක් ආදරේ කරන මගේ ගොඩක් පෝස්ට් වලට හේතුපාදක වෙලා තියෙන නගරය තමයි ගම්පහ. මගෙ සමහර පෝස්ට්.... ගම්පහ නගරයෙ යම් යම් සුවිශේෂී ස්ථාන අලලා ලියවුණු ඒව....


     ඒ නිසයි මම අදටත් කියන්නෙ.... ගම්පහ නගරය මට නම් මතක සරණියක්...... පිටකොටුවට නොයා ජීවිතේ ගැන හැම දෙයක්ම ඉගෙන ගන්න පුලුවන්, ජීවිතේ රස විඳින්න පුලුවන්..ජීවිතේට අමරණීය මතකයන් එකතු කරගන්න පුලුවන් සුන්දර නගරයක් ගම්පහ!!!!

ඔය ජීවිත වලින් වැඩක් නෑ එක පාරක් වත් කැළණි පන්සලටයි ගම්පහ මල් වත්තටයි ගිහින් නැත්තම්!!!

හෙහේ.. ඒ දෙකටම ගියත් වැඩක් නෑ, දැන් රටේ ගොඩක් ඉහළ තැන් වල පෞද්ගලික පංති කරන ගුරුවරු ටියුෂන් කලාවේ අ යන්න ආ යන්න පුරුදු වෙච්ච ගම්පහ නගරයෙ හෝල් ක්ලාස් එකකට එක පාරක් වත් ගිහින් නැත්තම්..
ලොල්!!!

මේ සම්බන්ධ අනිත් පෝස්ට් ටික මෙන්න --
සෑමා ලියූ ලිපිය මෙතැනින්
රෙපා ලියූ ලිපිය මෙතැනින්
ජිංජි ලියූ ලිපිය මෙතැනින් 
සිරා ලියූ ලිපිය මෙතැනින්

ප.ලි. - මල් වත්ත තුළ යුගල වශයෙන් අශෝබන ලෙස හැසිරීම සපුරා තහනම් නැති අතර එවන් අවස්ථා නිසා ලක් වන්නට සිදුවන මඩ ප්‍රහාර සම්බන්ධව කවුරුවත් කාටවත් වග කියනු නොලැබේ...
;)

15 comments:

  1. දැන් අත් අල්ලගන්න කවුරු හරිත් හොයන දෙනවද එදාට

    ReplyDelete
  2. ස්තූතියි නගෝ...අපි එදාටම හමු වෙමු එහෙනං...

    ReplyDelete
    Replies
    1. හු.............. සිරා , හු......... හැක් දැන් මේවා දැක්කම වහ කන්නත් හිතෙනවා :D

      Delete
  3. Replies
    1. එහෙම නං හවසට එහේ සෙට් වෙන්නත් බැරුවයැ

      Delete
  4. හලේ.... අපි එනෝනේ.. උදේ 7ට ස්ටේෂන් එකේ ඉන්න නම් කීයට නැගිටින්න වෙයිද මන්දා,දත් මැද මැද එනවා එක්කෝ.. :/

    ReplyDelete
  5. හතට එන්නලුනේ ........... හය හමාරට විතර නැගිට්ටවන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් මේ කොමෙන්ටුවට රිප්ලයි කරන්න

    ReplyDelete
  6. කවුදෑ මාත් එක්ක ඩබල් දාං යන්න එන බ්ලොග් කාරිණිය????????????

    ReplyDelete
  7. ඕයාගෙ අහවල් එක්කෙනාත් එනවද?

    ReplyDelete
  8. ප්‍රේක්ශකඅපිට කොහෙද ඉතින් ඔය සැප. ;-(

    ReplyDelete
  9. Ado adi dukai honde..me eka nemei london wala kawuruwath neddoo..set wela adiyak wath gahanta..

    ReplyDelete
  10. හරි.... එහෙනම් එදාට හමු වෙමු...
    8.30 වෙනකාට මම ගුවන් පාලම උඩට එන්නම්....එතකොට කාවහරි දකින්න පුළුවන්නෙ....

    ReplyDelete
  11. මට තනියෙන් යන්න ලැජ්ජයි අෆ්ෆා

    ReplyDelete
  12. :( :( මට තමයි ඔය කාවවත් අඳුරගන්න බැරි වෙන්නේ :(

    ReplyDelete
  13. Gampaha nam anantha gos aththemi,clz walada ringaa aththemi..
    Kalani pansalda gos aththemi...

    Adee e wunata mal waththata ghn nane..

    Ekata ehenam 27 ma yamu...

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....