javascript:void(0)

Friday, December 28, 2012

...කතා දෙකක්...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

අද.....ලියන්න....... ලොකූ මාතෘකාවක් අරගන්නෙ නෑ මම.... ඒත් අපේ ජීවිත වලට ගොඩක් සමීප පුංචි කතා දෙකක් මතක් උනා ලියල දාන්න....

පළවෙනි එක - "ගෑණු අඬනව මිනිස්සු බොනව"

ඔය කියන කාරණා දෙක බෝම දරුණු විදියට... වෙන් කරන්න බැරි තරම් තදින් බැඳිල තියෙන දෙකක් කියලයි මට නම් හිතෙන්නෙ.. ඔය දෙකේ දෙපැත්තෙම වැඩි සාධාරණත්වයක් දකින්නෙ නෑ... හෙහේ... මොකද මිනිස්සු බොන එකේ ගතයුත්තක් ගෑණු දකින්නෙ නෑ වගෙම.. ගෑණු අඬන එකේ ගතයුත්තක් මිනිස්සු දකින්නෙත් නෑ...   එහෙම නේද? :)

මම ,මිනිස්සු බොන එක හේතුවක් විදියට "දුක" ගන්නම්කො... කොහොමත් ජීවිතේට නොබී ම හිටපු  සමහර අයත් "දුක" නිසා නෙ බොන්න පුරුදු වෙලා තියෙන්නෙ...

කෝම හරි කමක් නෑ... හේතු ගොඩක් තිබුනත්. මම එක හේතුවක් ගත්තොත් මේ දෙකටම පොදු; ගෑණු අඬන්නෙ දුක ට.... මිනිස්සු බොන්නෙ දුක ට කියල....
එතන ප්‍රශ්න දෙකක්,

1. දුකට ඇඬුවා කියා ගෑණුන්ට ලැබෙන්නේ මොනවා ද?  (අඬන්න එපා කිවුවාට ගෑණු අඬන එක නවත්තනවා ද?)

2. දුකට බිවුවා කියා මිනිස්සුන්ට ලැබෙන්නේ මොනවාද?  (බොන්න එපා කිවුවාට මිනිස්සු බොන එක නවත්තනවා ද?)

එහෙනම් අඩන්න එපා කියන මනුස්සය ද හරි බොන්න එපා කියන ගැහැණිය ද හරි? ප්‍රශ්නයක් නේද?

සංවාදයට විවෘතයි -- කමෙන්ට්ස්

විශේෂයි 1 - ----බොන එක ශරීර සෞඛ්‍ය පිරිහීමට හේතු වේ කියන තර්කයට එන්න කලින් මේ තත්වය ගැන හිතන්න කියන එක මගේ විශේෂ ඉල්ලීමක්! මොකද මම මේ කතා කරන්නෙ ඊට ගොඩාක් කලින් අවස්ථාවක් ගැන---

විශේෂයි 2   - ----(ගෑණු = මහත්මියන් සහ මෙනෙවියන්)   (මිනිස්සු = සියලුම පිරිමින්)------
---------------------------------------------------------------------------------------------------------------------------

දෙවෙනි එක  - "කෙල්ලෙක් හොයන්නෙ තමන් එක්ක තමන්ගෙ අනාගතය සාර්ථකව ගත කරන්න පුලුවන් කොල්ලෙක්ව... ඒත් කොල්ලෙක් හොයන්නෙ තමන්ගෙ අතීතය බොහොම සාර්ථකව ගත කරපු කෙල්ලෙක්ව...."

සාමාන්‍යයෙන් කෙල්ලෙක් (යාලු වෙන්න කලින් කොල්ලගෙ අතීතය ගැන දැනගත්තොත් නම් ඉතින් අප සරණයි.. යාලු වෙන එකකුත් නෑ) කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනට පස්සෙ ඒ කොල්ලගෙ අතීතය දැනගත්තොත්.... එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියල... ඒ අතීතය හාරා අවුස්සල හොයල බලන්නවත්... කොල්ලව දාල යන්නවත් වැඩි කැමැත්තක් නෑ නේද? මොකද... කෙල්ලෙක් විදියට ඔයා හිතනව එයාගෙ අතීතෙන් වැඩක් නෑ.. දැන් මගෙත් එක්ක හොඳින් ඉන්නව නෙ..එයා හොඳ විදියට වෙනස් වේවි කියල...
1. ඒක එහෙම නේද?

ඔව් එහෙම නැති අයත් ඉන්න බව මම දන්නව......

කොල්ලෙක් සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙ "පස්සෙන් ගිහින්" නෙ යාලු වෙන්නෙ... නෑ ඉතින් මම කතා කලේ ප්‍රායෝගිකව... කෙල්ලෙක් කොච්චර කලත් කොල්ලෙක් ගැන හිතක් පහල වෙච්ච ගමන්ම ගිහින් කොල්ලගෙන් අහන්නෙ නෑ නෙ.. ඉස්සෙල්ලම කොල්ලට අඟවනව නෙ තමන් එයා ගැන උනන්දුයි කියන එක... අන්න ඒ නිසා ඒ ඒ තත්වත් එක්ක.. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින්.. අර මම කියපු "පස්සෙන් යන "කාලෙ හරි තමන් ගැන උනන්දුයි කියල දැනෙන කාලෙ හරි කෙල්ල ගැන..
2. එයාගෙ අතීතය ගැන ඒව මේව විස්තර හොයනව නේද?

ඔව් එහෙම නැති අයත් ඉන්න බව මම දන්නව....


3. කතාවෙ ප්‍රායෝගික බව ගැන ඔයාලගෙ අදහස මොකක්ද?


විශේෂයි 1  ---තමන්ගෙ දක්ෂතාවය තමන්ගෙ මතය තරයේ ඔප්පු කරන්න උත්සහ නොකර තමන්ගෙ ස්වභාවය පිළිබඳව අවංකව හදවතින්ම උත්තර බලාපොරොත්තු වෙමි-----


11 comments:

  1. mehemai habai andana eka karanne duka pita karaganna. Bt dukai kiyla hamadaama kisima ganu knk andai kyla mn hithan na. Mula di anduwath passe duka daraa gena wada karanawa.

    bt pirimi dukatai kyla drinks gaththama eka digata ma karanne nathuwa innawa harima adui ne da? :)

    ReplyDelete
  2. 1.adanna epaa kiyala wadakuth na,
    Bonna epa kiyala wadakuth na.
    Oya dekama karanne dhuka thuni karagannane..
    Adana kena adai duka thuni wenakam..
    Bona kena boi duka thuni wenakam..
    Wate inna un sanasanna try karai.

    Saralawama minis hagim pudumaakarai.manasa sansun nathi unaama,dhuka,sathuta,aathatiya wadi unama gahanu,pirimi depakshayama manasikawa wenas wim walata bajanaya wenawa..
    E wenas wim thula thaman kawda karanne monawada kyna deth amataka wenawa.
    Maha paruwatha wage hitapu minissu unth shanakayakin ada watenne,jiwithe pasubam walata lak wenne oya karanaya nisai.

    2.api onama kenek kenekge atithaya gana wimasanawane,hoyala balanawane.
    Kolleknam godak durata kellekge atithaya hoyala blanawa,
    Oya kyna widiyata kello kollekge athithaya nosoya anagathe gana hithanawa.
    Ow eka hari bahutharak dena diha balapuwahama..
    Athithaya kenekge amihirinam anagathayath amihirida..
    Na..ehema wenna one nane.onama kenekta jiwithe waradina than thiyenawa waradim wenawa..
    Ehema kyla mulu jiwitha kalema eya waradima karaida..
    Premaya kynne waradi deyk nemeine.
    Kenekta prahama premaya sarthaka wenna puluwn,thawath kenekta premayan 7,8 k awasane thmange niyama sahakaruwa,sahakariya labenna puluwan.

    Kumara babasara,kumara babasara rakunanam echcharai.ehema raka ganna bari una unath awabodaya,awankabawa tiyenawanam dennekta sathutin inna puluwn,hamadetama wadagath wenne awabodhaya..

    Onna okai mage adahasa nam..

    4n eken apu nisai singlish walin type kale.kiyawa ganime apahasuthawk una nam samaenna..

    Jayama wewa !!!

    ReplyDelete
  3. කාන්තාවක් පිරිමියෙකු හා දීගන්නේ දාහක් බලාපොරොත්තු හිතේ රුවාගෙන.(ඒ බලාපොරොත්තු කවදාවත් ඉටුනොවනා වග එයාලා කවදාවත් හිතන්නේ නෑ). ඇවිත් ටික දිනක් එකට ගතවෙනකොට එයාලට දැනෙනවා තමන් හිනයක චරිත බව. විසඳුම කඳුළු වලින් හොයන්න හදනවා.
    පිරිමි කවදාවත් නොබොන අය ඉන්නවා. ටිකක් තරමට බොන අය ඉන්නවා.ජීවිතය කවදාවත් පරිසමාප්තියක් නැති ඒ මතම රැදෙන දෙයක් බව පිරිමි වටහා ගන්නවා.ඒ සමගම ගැහැනියගේ කඳුළ තමන්ගේ බිමට ලයිසමක් කර පෙන්වමින් හීං අඩියක් ගහන්න නිමිත්ත කර පෙන්වනවා. කඳුළ නැතත් බොන එකා හොරෙන් හෝ බොනවා. කඳුළ ඉදිරියේ බීම ලයිසොං ගත කරනවා කියලයි මට හිතෙන්නේ. බලාන ගියාම මේ සේරම මල විකාර.ඔන්න ඔය වෙලාවට තමා හිතෙන්නේ ස්වාධීන තිරණ ගන්න කැමති දෙන්නෙක් ට නම් ලිවින් ටූ ගෙදර් සම්ප්‍රදාය ඉතාමත් ගැලපෙනවා කියා. ඒත් කරුමය අපි ජීවත්වෙන්නේ අප සතුටු වන්නට වඩා අනුන් සතුටු කරන්නට වීමයි.

    ReplyDelete
  4. මේ පිලිතුර පලවෙනි කතා වටය.

    මම බීමෙන් අපේක්ෂා කරන්නේ මගේ සතුට දැනෙන ග්‍රන්ථි බලහත්කාරයෙන් උද්දීපනය කර ගැනීමය. එය විද්‍යාත්මකව ඔප්පු කර ඇත. චොකලට් කෑමෙන්ද ඒදේ සිදු වේ.

    ස්කයි හාමිනේ කියන විදිහට ඇඬීමෙන් පීඩනය අඩුවේ. සිතට සැහල්ලුවක් දැනේ.

    දෙකෙන්ම වෙන්නේ ශරීර ඉන්ද්‍රියයන් රැවටීමය. දෙකම සිරුරේ රසායනික සමතුලිතතාවයට අහිතකරය.



    ReplyDelete
    Replies
    1. වටිනා අදහසක්..

      ස්තූතියි අදහස ට..

      Delete
  5. Adanawa nemei adenawa...dukata.eth tika welawakadi duka dara ganeewi.pirimiyekuth duka nisa bela eka nawathhuwoth hodai..mokada beemata abbahi wenne nathuwa...nathnam me pirimiya mul wana pawle hamotama adenna wenawa...
    kollek gewath kellek gewath atheethen wadak ne..yam kenekge warthamanaya diha balalai apita theeranayak ganna puliuwan.ekai niwaradi..

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....