javascript:void(0)

Tuesday, November 13, 2012

වයස 14+ කෙල්ලන් & 18+ කොල්ලන්ට පමණයි --> 2


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පළවෙනි කොටස කියවපු නැති අය ඒ කොටසත් කියවල මේක කියෙවුව නම් තමයි හොඳ... මෙන්න ---> 1 කොටස

....................................ඊට පස්සෙ පහු වෙලා කවුරු හරි කියපු දේවල් අහල හෝ වෙනත් කාගෙ හරි භාහිර බලපෑම් මත හෝ එහෙමත් නැත්නම් තමන්ටම ඇති වෙන ආසාවක් මත ඇත්තටම තේරුම් අරන් හෝ නැතුව හෝ තේරුම් ගත්තු බවක් අඟවල අන්තිමේදි අර කොල්ලව අමාරුවෙ දානව..(එක්කො; අයියෙ මේක ආදරේ නෙමෙයි... අපි මේක නවත්තමු, අයියෙ මේකට ගෙදරින් කැමති වෙන එකක් නෑ අයියෙ.. මට දැන් තේරෙනව ගෙදරට පිටින් යන්න බෑ කියල මට.. අයියෙ මට සමාවෙන්න, අපි අතරෙ හැමදාමත් වෙන්නෙ රණ්ඩු..මම හිතන්නෙ ඒ අපේ නොගැළපීම නිසා වෙන්න ඇති. තව තව කල් අපි මෙහෙම ඉඳල ඉටු නොවෙන බලාපොරොත්තු තියන් ඉන්නවට වඩා ලොකු දුකක් විඳල හරි අපි වෙන් වෙමු..ඒක අපි දෙන්නටම හොඳයි වගෙ.. දෙපැත්තටම සාධාරණ.. බොහොම කපටි විදියට... හිත් රිදෙන්නෙ නැති බිඳෙන්නෙ නැති විදියට වෙන් වෙන්න ඕන පසුබිමයි බාසාවයි දාල වෙන් වෙයි ).........
             අන්න එදාට කෙල්ලට ඒකෙ අරුමයක් නැති වෙයි. අඩු ගානෙ හිතට දැනෙන්නෙවත් නැති වෙයි. සමහර විට වෙන යාලුවෙක් එක්ක කතා කර කර සතුටු වෙනකොට තමන්ට ගොඩක් ආදරේ කෙනෙක් ඉන්නව නේද../..ආදරේ කරපු කෙනෙක් හිටිය නේද කියන එකත් අමතක වෙයි.. මොකද ඒක... ආදරේ... ඒක ආදරේම උනා නම් කෙල්ලෙක්ට/ කොල්ලෙක්ට තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව එහෙම දෙයක් කරන්න අමාරුයි.. කොයි තරම් උනත් වෙන කෙනෙක් තමන්ට ලං වෙද්දි තියා ලං වෙන්න හදනව කියල දැනෙනකොටත් ඒ කෙනා ගැන විකර්ෂණයක් ඇති වෙන්නෙ සැබෑ ආදරේ දි විතරමයි.....

             ඒ වගෙම තමන්ට ආදරේ කරන කෙනෙක් ඉද්දි තමන්ට වෙන කාටවත් ලං වෙන්න හිතට දැනෙන අකමැත්ත.. වෙන කෙනෙක්ට හුස්ම පොදක් වත් දැනෙනවට තියෙන අකමැත්ත.. ආසාවෙන් හෝ බලෙන්ම හෝ වගෙ වෙන කෙනෙක්ට ලං වෙන උත්සහ කරනකොට... වෙන කෙනෙක් ලං වෙන්න උත්සහ කරනකොට දැනෙන ඒ පිළිකුල් සහගත හැඟීම.. ඒ විකර්ශණය ඇති වෙන්නෙ....සැබෑම ආදරේදි විතරමයි... සැබෑ ආදරබර හදවතක් තුළ විතරමයි... අනික ඒක බලෙන් ඇති කරගන්න පුලුවන් දේකුත් නෙමෙයි.. උත්සහ කරල බලෙන් ඇති කරගන්න බෑ ඒ වෙන කෙනෙක්ට ලං වෙන හෝ වෙන කෙනෙක් ලං වෙනකොට දැනෙන ඒ අකමැත්ත... ඒක හද පතුලෙන්ම එනව ඔබ සැබෑවටම ආදරයක් කරනව නම්.... පැහැදිළි ඇති ඒක මම හිතන්නෙ.... නේද?

        මම මේක මේ ළඟකදි සිදු වෙච්ච සැබෑ සිදුවීමක් එක්ක උදාහරණයකට අරන් මෙහෙම පැහැදිළි කරන්නම්කො....
හිතන්න.. ඔයාට ඉන්නව ඔයාගෙ පංතියෙ හොඳ යාලුවෙක්.... එයා කෙල්ලෙක්... ඔයාගෙ හොඳම යාලුවෙක්... යාලුවෙක් විතරයි.. හොඳ ද.. ;) එයා කියනව ඔයාට "මම දැන් කපල් ඩාන්ස් එකක් ප්‍රැක්ටිස් වෙනව මෙතන බෝයි කෙනෙක් එක්ක" කියල.. එහෙම කිවුව කියල ඔයාගෙ හිතට කිසි විශේෂ... හෘදයාංගම හැඟීමක්... හිත රිදෙන ගතියක් ඇති වෙනවද...? නෑ නෙ.. ඔයා කියයි... "එල එල... තවත් කොල්ලෙක් අමාරුවෙ කියල" :පී

          දැන් අනිත් පැත්ත.. හිතන්න.. ඔයා කෙල්ලෙක්..... ඔයාට හරි ආසයි කොල්ලෙක් එක්ක ඩාන්ස් කරන්න.. ඔයාටත් ආදරේ කරන කෙනෙක්.. ආදර සම්බන්ධතාවක්... කොල්ලෙක් නෑ.. ඉතින්... ඔයාට ඕන ඔයාගෙ ගොඩක් දේවල් කියන යාලුවට මේකත් කියන්න.. මෙහෙම අවස්ථාත් ලැබෙනව කියල එයාට පේන්න කියල දාන්න... එයා මොනවද ඒ ගැන කියන්නෙ කියල එහෙම බලන්න... ;)

          දැන් ඒකෙම අනිත් පැත්ත.... ඔයා කෙල්ල... ඔයාට ආදරවන්තයෙක් ඉන්නව...ඔයාට මෙහෙම අවස්ඨාවකට මුහුණ දෙන්න වෙනව... ඔයාට සිද්ධ වෙනව ඔයාගෙ යාලුවෙකුත් එක්ක එදාම අඳුනගත්තු  කොල්ලො ටිකක් එක්ක යුගල නර්තනයකට සහභාගී වෙන්න.. ඔයාට බෑ කියන්න පුලුවන් උනත්.. මොකක්දෝ හේතුවක් නිසා බෑ කියා ගන්නත් බෑ... ඒ වගේම ඔයා හරි ආසයි එයාල ඇහුවම ඔයාට බෝයි කෙනෙක් නෑ කියල කියන්නත්... ඒ ඇයි කියන එක ඔයාටවත් තේරුම්ගන්න බෑ... (ඒත් ඕනම කොල්ලෙක් යටි අදහසකුත් සහිතව ඊටත් වඩා තමන්ගෙ යුතුකමක් විදියට ඔය වගෙ අවස්ථාවලදි කොල්ලෙක් ඉන්නවද කියන එක කෙලින්ම අහනව... ඒක අනිවා වෙන දෙයක්...)  ඒ අතරෙ ඔයාට මතක් වෙනව.. ඔයාගෙ ආදරවන්තයව... වෙලාවකට හිතෙනව ..ආදරවන්තයෙක් නෑ කියල කිවුවට... එයාලට පේන්න මැසේජ් කරන්න ඕන බෝයි ට.. එයාලට නිකම් ඇඟවෙන්න අරින්න..හරියට එයාලට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල ඉන්නව වගෙ මටත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියල...

       ආයෙමත් ඔයාගෙ හිත වෙනස් වෙනව... එක්කො ඕන නෑ... මම කොල්ලෙක් නැති ගානටම ඉන්නව කියල.... ඔයාට ඩාන්ස් කරන්න ආසාවත් තියනව...ඒත් ආස නෑ වගෙත් දැනෙනව... මොකද ඔයාට චුට්ටක් ඔයාගෙ ආදරවන්තයවත් මතක් වෙනව... එයාට තුරුලු වෙනකොට දැනෙන... අමුතු ගතියත් මතක් වෙනව..
         ඒත් ඊට වඩා ඔයාට මේ අලුත් කෙනාව අත්හදා බලන්න තියෙන ආසාව වැඩියි..ඔයාට හිතනව.. ඩාන්ස් කරන්න ඕන..කියල.. ඔයාට මොහොතක සතුට වෙනුවන්.. අමතක වෙනව ඔයාගෙ ආදරවන්තයව... ඩාන්සින් පාට්නර් එක්ක ඉන්න එකෙන් ලැබෙන සතුට උපරිමයෙන් බුක්ති විඳින්න...ආසාවකුත් ලාවට වගෙ ඔයාට ඇති වෙනව..

        ආදරවන්තය ඕක කරන්න එපා කිවුවත් (එයාට ඔතනට ඇවිත් ඔයා ඕක කරනවද නැද්ද කියල බලන බැරි බව දන්න නිසා) "නෑ මම ඒක කරන්නෙ නෑ අයියෙ" කියල බොරුවක් කියල හරි අර සතුට ලබන්න ඔයාගෙ හිත හැදෙනව.. ඒ වගෙම ඒ අතරෙ... ඔයාම ඔයාගෙ හිත සාධාරණීකරණය කරගන්න උත්සහ කරනව... "මොකො මම මෙයා එක්ක ඩාන්ස් කලා කියල.... මෙයත් එක්ක යාලු වෙනව යැ" කියල...

         ඒ සාධාරණ හිතත් එක්ක තව තවත් එයාට සමීප වෙලා සතුටින් ඉන්න ආසාවක් ඇති වෙනව... ඒ අතරෙ.. ඔයා දකිනව.. ඔයාගෙ ආදරවන්තයට වඩා.... එයාගෙ වෙනස්කම්... අත.. පය..ඇඟිලි වල සිනිදු හෝ රළු ගතිය.. ඇඟ... හැඩය.. ශක්තිය.... හිතට අල්ලන ගති ලක්ෂණ... එයාගෙ කතාව.. ඒ විලාශය.. හැඩ රුව.. වැඩ කරන විදිය එහෙම....

         ඔක්කොම ඉවර උනාට පස්සෙ... අර අඳුනගත්තු යාලුවොත් ගියාට පස්සෙ.... ඔයාට මතක් වෙන්නෙම .... ඔයාගෙ.. ආදරවන්තයව නෙමෙයි... අර විශේෂ පුද්ගලයව... ඒ දැනුන හරි අමුතු හැඟීම්... අමුතු ආසාවල්... එයාගෙ විශේෂතා.. අමුතු දේවල්....මේ වෙනකොට කොටින්ම ඔයාටවත් නොදැනිම ඔයාගෙ ආදරවන්තයව දුරින් දුරට යනව.. මොහොතකට හෝ මේ දේවල් කල්පනා වෙන... මතක් වෙන වෙලාවෙදි ආදරවන්තයව අමතකත් වෙනව...

       ඒ අතරෙ ඔයාට මහ අමූතු බය හිතෙන.. පාලු.. තනිකමක් දැනෙනව.. ඔන්න ඔයාට ආයෙ ඔයාගෙ ආදරවන්තයව මතක් වෙන මොහොත. කවූරුවත්ම ළඟ නැතුව.. වෙන කවදටත් වඩා තමන් ගොඩාක් තනියම.. කවුරුවත්ම නෑ.. තමන් තනි වෙලා කියල ලොකූ දරාගන්න බැරි තනිකමක් දැනෙන මොහොත.... ඒත්.... දැන් හිත ඇතුලෙ අර පුද්ගලයත් ඉන්නව... ඔයාට ඕන දැන් ඒ දැනුන... කරපු කියපු දේවල්... ඒ හැම දෙයක්ම ආදරවන්තයගෙන් හංගන්න....කොටින්ම ඒ පුද්ගලය ගැන ආදරවන්තයට කියල තිබුනට.. එයා තවත් එක් පුද්ගලයෙක් විතරමයි කියල ආදරවන්තයට ඇඟවෙන්න ඇරල... එයාට හොරෙන් අර පුද්ගලයව තව අධ්‍යයනය කරල බලන්න....

           ඔයා ඒකට මොකක් හරි බොරුවක්... හෝ මොකක් හරි සාධාරණ හේතුවක් හොයාගන්නව.... ඔයාට...ආදරවන්තයගෙන් වහං වෙලා... අර පුද්ගලයට... ටිකක් සමීප වෙලා බලන්න... අන්න එතනින් අලුත්ම සිද්ධිය පටන් ගන්නව... මොකද තමන් ඇත්තටම ආදරේ කලා හෝ නොකල හෝ ඒ කොල්ල කරන්නෙ අපි කියනව වගෙ සිරා ආදරයක්.. ඉතින් "ඒකා"ට ඔයාගෙ හැම පුංචි වෙනසක්ම.. කොටින්ම ඔයාගෙ සිතුවිල්ලක වෙනසක්. කතාවෙ වචන වෙල පුංචි වෙනසක් පවා හොඳට දැනෙන නිසා...ඒ අලුත් වෙනසත් එක්ක අලුත්ම සිද්ධිය ඌට හොඳට දැනෙනව...

          දැන් මේ මොහොත වෙනකොට.... ඔයාට දැනෙනව.... ඔයාගෙ ආදරවන්තයට වඩා අර පුද්ගලය ඔයාට සමීපයි වගෙ ගතියක්... එයා ඔයත් එක්ක නිතරම සම්බන්ධ වෙලා ඉන්න උත්සහ කරන ගතියක් දැනෙනව... එයා ඔයා ගැන උනන්දු බවක් පෙන්නන බව දැනෙනව... ඒ අතරෙ. ඔයාට.. ඒ වැඩ වලටත් බාධා කරමින් ඉන්න.. ඔයාගෙ නිදහස එයාගෙ සීමාවෙන් පිට යන්න නොදී හිරකරගෙන ඉන්නව වගෙ ඔයාට පේන....  ඔයාගෙම ආදරවන්තය එක්ක ඇති වෙන පුංචි විකර්ශනයත් එක්ක... ඔයාට එයා කරන හැමදෙයක්ම වරදක් වගේ පේන්න ගන්නව ටිකින් ටික... ඔයාගෙ හිත රිදවීමක් වගෙ දකින්න ගන්නව... ඔයාට කේන්ති යන හේතුවක් විදියට පේන්න ගන්නව ආදරවන්තය
යි.. එයා කරන වැඩයි... (ඔයාට තේරෙන්නෙ නෑ ඇයි එයා එහෙම කරනෙ කියල... ඒත් ඔයාටත් ඔඩා හොඳින් එයා දන්නව ඇයි එසේ කළයුත්තෙ කියල..) ඒ කේන්ති යන්න යන්න...ඩාන්ස් කරපු කෙනා හොඳයි මූ වගෙ මගෙ හිත රිදවන්නෙ නෑ... මම අකමැති දේවල් කරන්නෙත් නෑ... ඒකයි මේකයි කියල හිතෙන අතරෙ ඔයාටත් නොදැනිම ඒ කෙනා සමීපම වෙලා ඔයාට ආදරවන්තයටත් වඩා.. (ඒත් තවම ඔයා එයා ගැන හරියට දන්නෙත් නෑ.. එයා මීට වඩා ඔයාට රලු වෙයි ද දන්නෙත් නෑ.. මොකද ඔයා එයාගෙන් සතුට ලැබෙන විදිය විතරමයි දැක්කෙත්)

        මේ වෙනකොට ඔයාට ඔයාගෙ ආදරවන්තය උවමනා නෑ.. එයාගෙන් ලැබෙන ආදරේ කරුණාව.. සොයා බැලීම වගෙ එයාගෙන් ලැබෙන දේවල් උවමනාත් නෑ... ඒකමයි හිතේ වැඩ කරන්නෙ....
            අර කතාවට කියන වගෙ නොකෙරෙන වෙදකමට කෝඳුරු හත් පට්ටයකුයි තවත් චුට්ටකුයි ඕන වගේ... ඔයාගෙ ආදරවන්තය මොන දේවල් කිවුවත්... ඒ හැමදෙයක්ම නොගැළපීම් ම වෙනව... ඔයාට ඕන අර අලුතෙන් හම්බ උනා කෙනාව තමන්ගෙ ආදරවන්තය කරගන්න මත් නෙමෙයි... (ඒත් ඔයාවත් දන්නෙ නෑ ඔයාගෙ යටි හිතේ එහෙම බලාපොරොත්තුවක් තියෙන නිසයි ඔයාගෙ උඩු හිතෙන් මේ විදියට හැම දෙයක්ම මෙහෙයවන්නෙ කියල..) ඒත් එයාට තව ටිකක් සමීප වෙන්න පුංචි ආසාවක් නැතුවමත් නෙමෙයි... කෝමහරි ඔයාට.... දැන් ඕන කෝම හරි ඔයාගෙ ආදරවන්තයගෙන් වෙන් වෙන්න....
"ඊට පස්සෙ පහු වෙලා කවුරු හරි කියපු දේවල් අහල හෝ වෙනත් කාගෙ හරි භාහිර බලපෑම් මත හෝ එහෙමත් නැත්නම් තමන්ටම ඇති වෙන ආසාවක් මත ඇත්තටම තේරුම් අරන් හෝ නැතුව හෝ තේරුම් ගත්තු බවක් අඟවල අන්තිමේදි අර කොල්ලව අමාරුවෙ දානව...."

         මෙන්න මෙතනදි කියපු අර (තමන්ට ඇති වෙන වෙනත් ආසාව නිසා) අමාරුවෙ දාන්න වස්තුබීජය වෙච්ච ඇත්තම හේතුව පිටට දාල තමන් නරක කෙනා වෙලා ප්‍රශ්නෙ අත ඇරුනොත් වැරදිකාරය වෙන්නෙ තමන්.. ඒ වගෙම... ඒක ආදරවන්තය දැනගත්තම.. සිද්ධ වෙන්න ඉඩ තියෙන... සිදුවිය හැකි දේවල්... ඔයාට හොඳට මැවිල පේනව.... න්න එහෙම වෙලාවල් වලදි සමහර විට හොඳ විදියට නොවිසඳුන නිසා කොල්ල පිස්සු වැටිල කරන්න පුලුවන් දේවල් ගැන කලින් පෝස්ට් එකේ මම දැම්ම නෙ.. ඒ වගෙ දේවල් ගැනත් ඔයාට පොඩි බයක් ඇති වෙනව.. සිද්ධ වෙන්න පුලුවන් දේවල් ගැන ලොකු බයක් ඇති වෙනව....


       මේක හොඳ විදියට විසඳෙන්න... ඊට පස්සෙ ඔයාට ඕන සාධාරණ හේතුවක්...සමහර විට... "දෙමවුපියො" ඔයාට මතක් වෙයි.. සමහර විට... "මොනව උනත් මට මගෙ අම්මගෙ තාත්තගෙ... අයියගෙ අක්කගෙ.. නැන්දල මාමලගෙ... බලාපොරොත්තු බිඳින්න බෑ අයියෙ.. ඒ දවස් වල මට ඒක් නොදැනුනට මම වෙනුවෙන් එයාල මහන්සි වෙන හැටි දකිනකොට මට දැන් ඒක හොඳටම තේරෙනව අයියෙ" කියල.... ඔයා කියයි... සමහර විට... "මට ඉගෙනගන්න එකයි ආදරෙයි බැලන්ස් කරගෙන කරගන්න බෑ අයියෙ... ඒ නිසා අපි ඒව ඉවර වෙනකම් මේක නවත්තමු...." කියයි ඒ වගෙ මොකක් හරි සාධාරණ හේතුවක් ඔයා හොයාගනීවි....

           ඒත් මෙච්චර කල් ආදරෙන් ඉන්න.. ආදරෙ කරන්න... ප්‍රශ්නයක් උනෙ නැති දේවල්..... ටිකින් ටික කාලයත් එක්ක හෙමින් හෙමින් ප්‍රශ්න බවට පත් උනා නම් ඒක සාධාරණ බව හිතාගන්න තිබුන... ඒත්... කවද හරි මම එන්නෙ ඔයා ලගටමයි කියල කියපු, ඔයා ඇරෙන්න මට වෙන කවුරුවත් ඕන නෑ කියල දිවුරපු කෙනෙක්ට අර කලින් කියපු දේවල් ආදර සම්බන්ධයට එක පාරටම ප්‍රශ්නයක් උනාම.... ඒක සාධාර
තර්කයකින් තොරව.... පිලිගනීවි කියල හිතනවද ආදරවන්තයෙක්...? අනික ඒක ඇත්තම හේතුව උනා නම්... ඔයාට ආදරවන්තයගෙන් හංගන්න දේවල් තියෙයි කියල හිතනවද ඔයා එයාට ඇත්තටම ආදරෙයි නම්...??  ආදරවන්තයට ඒ වෙනස නොදැනෙනවයි කියල හිතෙනවද?
එහෙම හිතෙනව නම් එහෙම හිතෙන්නෙ ඇත්තටම ඔයා එයාට ආදරයක් කරල නැති නිසයි කියන එක ඔයාට පිළිගන්න වෙනව නේද?

------------------------------------------------------------------------------------------------------------------
කවමදාවත් ආදරේ නිසා කිසිම කෙනෙක්ගෙ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්න එපා. ආදරෙ කියන්නෙ ඕනම කෙනෙක්ගෙ ජීව්තය වගෙ තමයි... එහෙම උනාම තමන්ගෙ ජීවිතෙත් සෙල්ලමක් වෙනව කවද හරි...කාට හරි....
-------------------------------------------------------------------------------------------------------------------

ප.ලි. - මේ කතාව හැම කොල්ලෙක්ටම/ හැම කෙල්ලෙක්ටම අදාල නොවේ... මා මේ කතා කරන්නෙ ඒ අතර සිටින එක් ආකාරයක කොටසක් පිළිබඳව මිසක සියළු අය පිළිබඳව නම් නොවේ... මෙහි මා කතා කරන්නේ සියළු කෙල්ලන් හා කොල්ලන් ගැන යැයි වරදවා වටහාගෙන අදහස් පළ නොකරණ ලෙස කාරුණිකව ඉල්ලා සිටිනව..

මුලදී කීවාක් මෙන්.. හොඳ අයද බොහෝමයක් සිටිත්... ඒ වගේම නරයක අයත් බොහෝමයක් සිටිත්... එකම කාණ්ඩයක වුවත් විවිද සිතුම් පැතුම් ඇති අය සිටිත්...
එහිත් සුලුතරයක් (එහෙම හිතනව මම) වු කොටසක් ගැන මෙහි කතා කර තිබෙත්..

21 comments:

  1. ""ඔයාගෙ හැම පුංචි වෙනසක්ම.. කොටින්ම ඔයාගෙ සිතුවිල්ලක වෙනසක්. කතාවෙ වචන වෙල පුංචි වෙනසක් පවා හොඳට දැනෙන නිසා...ඒ අලුත් වෙනසත් එක්ක අලුත්ම සිද්ධිය ඌට හොඳට දැනෙනව... ""

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්......

      පිළිගන්නව නේද?

      Delete
  2. කියෙව්වා.

    "අය්යෙ, මට ජෝතිගෙ, ආදර මල් පවනේ කොත්තුවක් දාන්න"

    "මල්ලි, දාන්න බලන්න අමරදේව මහත්තයගෙ, මින්ද්ද හී සර කොත්තුවක්.."

    http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_12.html

    ReplyDelete
  3. සියල්ල ගැනම එකඟයි. අත්දැකීම ඇත

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට මේ අත්දැකීම තියෙනව...
      දැනුවත් කරන එක මගෙ යුතුකම... මම ඒක කලා...

      ස්තුතියි...

      Delete
  4. //ඒ ව๧ගම තමන๞ට ආද๧໮ කරන ๧ක๧නක๞ ඉද๞ຩ තමන๞ට ๧වන ක๟ටවත๞ ල๜ ๧වන๞න හ๢තට ද๠๧නන අකම๠ත๞ත.. ๧වන ๧ක๧නක๞ට හ๤ස๞ම ๧ප๟දක๞ වත๞ ද๠๧නනවට ත๢๧යන අකම๠ත๞ත.. ආස๟๧වන๞ ๧හ๟๞ බ๧ලන๞ම ๧හ๟๞ ව๧ග ๧වන ๧ක๧නක๞ට ල๜ ๧වන උත๞සහ කරන๧ක๟ට... ๧වන ๧ක๧නක๞ ල๜ ๧වන๞න උත๞සහ කරන๧ක๟ට ද๠๧නන ඒ ප๢ළ๢ක๩ල๞ සහගත හ๠ඟ๣ම.. ඒ ໶ක໮ශණය ඇත๢ ๧වන๞๧න....ස๠බ๡ම ආද๧໮ຩ ໶තරමය๢... ස๠බ๡ ආදරබර හදවතක๞ ත๩ළ ໶තරමය๢... අන๢ක ඒක බ๧ලන๞ ඇත๢ කරගන๞න ප๤໳වන๞ ๧ද๞ක๩ත๞ ๧න๧මය๢.. උත๞සහ කරල බ๧ලන๞ ඇත๢ කරගන๞න බ๡ ඒ ๧වන ๧ක๧නක๞ට ල๜ ๧වන ๧හ๟๞ ๧වන ๧ක๧නක๞ ල๜ ๧වන๧ක๟ට ද๠๧නන ඒ අකම๠ත๞ත... ඒක හද පත๩๧ලන๞ම එනව ඔබ ස๠බ๡වටම ආදරයක๞ කරනව න໦.... //

    සිරා.... :))))))))))

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හදවතේ ගැඹුරින්ම දැනෙන සැබෑ ආදරය...

      Delete
  5. රිසර්ච් එකක් කළාද?

    ReplyDelete
    Replies
    1. හෙහේ... ඔව් ඔව්....
      කරපු ඒවයෙ සාරාංශයක්..

      ;)

      Delete
  6. wade ...sira....ah...habai sulutaraya newe ..bahutara yata wenne o dema tama

    ReplyDelete
  7. හම් මොනව කියන්නද කියලා හිතාගන්න බැ අතරමං වගේ මං

    ReplyDelete
    Replies
    1. පාරෙ මුළ ඉඳන් ගිහින් බලන්න....
      :)

      Delete
  8. හ්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  9. ඔය සම්බන්ධව මටද අත්දැකීම් රාශියක් ඇත... :(

    ReplyDelete
    Replies
    1. ඔයාට... මට.. වගෙම...ගොඩාක් අයට ඔය අත්දැකීම තියෙනව....
      :(

      ස්තූතියි අනූ මාව බලල යන්න ආවට..
      :)

      Delete
  10. ගොඩක් හොද කතාවක් අක්කෙ.ජීවිතේ කියන්නෙ ඔනෙ වෙනකොට ලඟට ගන්නයි,එපා වෙනකොට විසිකරන්නයි සෙල්ලම් බඩුවක් නෙමෙයි.godak ayata afair 1ka navaththanna one unama kiyanne gedarin kamathi na kiyalai,ay hathwalame gedarin kamathi welada yalu une.....

    ReplyDelete
    Replies
    1. ඕක අඩු වයසෙන් සම්බන්ධතා පටන් ගන්න ගොඩක් අයට වෙන දෙයක්.. ඒ කිවුවෙ කොල්ල ටිකක් වැඩිමල්, කෙල්ල ටික වයස අඩු... ඕකෙ අනිත් පැත්ත වෙනව අඩුයි නෙ....

      ජීව්තයක් කියන්නෙ ගහක් ගලක් නෙමෙයි... හිත් පිත් තියෙන හැඟිම් දැනීම් තියෙන දෙයක්... ඒව එක්ක සෙල්ලම් බඩු වගේ සෙල්ලම් කරන එක ගොඩක් වැරදි දෙයක්..

      Delete

  11. ඔබේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියට එක්කර ගැනිමට කෙරෙන කාරුණික ආරාධනයි මේ ……..
    http://syndi.wikasitha.com/

    ඔයාට පණිවිඩයක් දෙන්න විදිහක් නැති නිසයි පණිවිඩය මෙතන දැම්මේ.. ඇවිත් අපේ සින්ඩියේ Register වෙන්න…ස්තුතියි…

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....