javascript:void(0)

Friday, October 12, 2012

සඟවා ගනු මැන...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

http://www.google.lk/imgres?start=182&hl=en&biw=1366&bih=664&addh=36&tbm=isch&tbnid=FoSWiWQ6dASRMM:&imgrefurl=http://madhava.com/photo/atlantic2002/halifax_wedding/page3.html&docid=gciE1MUTVlmXVM&imgurl=http://madhava.com/photo/atlantic2002/halifax_wedding/couple_dance.jpg&w=1200&h=1600&ei=N5V2UMdLgfCtB_TngMAP&zoom=1&iact=hc&vpx=461&vpy=145&dur=751&hovh=259&hovw=194&tx=121&ty=105&sig=116697186571833687551&page=7&tbnh=146&tbnw=96&ndsp=30&ved=1t:429,r:24,s:182,i:81
"සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි..
මා හද බිය වී..
සැළී සැළී යයි..."


අම්මියෝ... නිකම් පපුවට ඉඳිකටු වලින් අනිනව වගෙ...
හැම වෙලේම හැම දෙයක්ම ගැන හිතින් මවා ගන්න මට ඒකත් මැවිල පේනව..  උඩ ගිහින් පොළවට වැටෙන අළු බිඳිති දිහා බලාගෙන තනිකම - යතාර්ථය වගෙ දේවල් ගැන පැය ගාණක රසවත් දීර්ඝ මනෝභාවයන් මවන මට.. ඒකත් මැවිල පේනව...

පුරුදු වෙන හැටි...
ඇසට ඇස හමුවෙන විදියට....
අතින් අල්ලන්.... දෑත් පටලවන්...
අනිත් අත..  නාභියට ආසන්නෙ ඉනෙහි තවරාන...
විටෙක..
සුසුම් සුවඳ දැනෙන...
හද ගැස්ම ඔවුනතර.... දැනෙන තරමට සමීපව...

මේ එකින් එක මැවෙන මගෙ හිත තුල.... හරියට.. චිත්‍රපටියක් වගෙ...අම්මියෝ... තව කිවුවොත් නම් මගෙ පපුව හිර වෙලා මැරෙයි වගෙ.. :ඩී 
ඒ මගෙ හැටි.... මගෙ ලිවීම් වගෙම මගෙ ගොඩක් දේවල් වලදි (මම කරන කියන දේවල්)මම හිතින් ඒ අනුරුවවල් චිත්ත රූප ඒ ලෝක මවා ගන්නව.

"මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයක ඔබ සඟවා තබනෙමි...
හිරු රැස් බිඳැකුදු ඔබෙ රුව දුටු සඳ...
ඉරීසියාවෙන් පිරැවෙයි මා හද..

සඟවා ගනු මැන..."

                කවුරු හරි පපුවට ඉඳි කටු වලින් අනින කොට ඔයාම ඔයාගෙ වම් අතේ මහපොට ඇගිල්ලෙ අඟල් බාගයක් විතර දිග නියපොත්ත අනිත් අතින් උඩට ඇදල වෙර දාල හමෙන් නියපොත්ත ගලවල ගන්න හදනකොට...  අන්න ඒ වගෙ වගෙයි ඒ වේදනාව මටත් දැන් දැනෙන්නෙ.....
                එහෙම ගලෝල ගත්තම නියපොත්තට යටින් ගැහි ගැහි තියෙන ලේ පිරිච්ච මස් වැදැල්ල දකිනකොට දැනෙන අප්පිරියාව... කලන්තෙ වගෙ ගතිය.. ඔක්කාරෙට එනව වගෙ දැනෙන ගතිය... තමයි මටත් දැන් දැනෙන්නෙ....


"සොමි සඳවත ලෙස රුසිරු නොවී නම්...
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත..
එනමුදු ඊයේ මට පෙන්වූ රුව...
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත...

සඟවා ගනු මැන.."


ඒත්....
තවමත්.. මට වමනෙ ගියෙ නෑ..... කලන්තෙ හැදුනෙ නෑ.... ලේ බිඳක් වත් ඇඟෙන් එළියට ආවෙ නෑ....
පුදුමයි....  මට ඒක දරාන ඉන්න පුලුවන් වෙලා...  දරාගෙන ඉන්න පුලුවන් කියන්නෙ???

මම ඉස්සර තරම් ආත්මාර්ථකාමී නෑ... මම ටිකින් ටික.... එහෙම වෙන එක අඩු වෙලා.... මට... කරන්නම අමාරු දේවල් උනත්.... කරන්න පුලුවන් වෙලා.... ඒ විශේෂ කෙනෙක්ගෙ සතුට වෙනුවෙන්... මගේම සතුට වෙනුවෙන්ම ගොඩාක් දුක දරාගත්තු... මම වෙනුවෙන්ම මගේ සතුට වෙනුවෙන්ම ගොඩාක් කැපකිරීම් කරපු... ඔයා වෙනුවෙන්..... ඔයාගෙ සතුට වෙනුවෙන්... මට ගොඩාක්ම දුක හිතෙන... මට ගොඩාක්ම වේදනාකාරී දේවල්... දරාගන්න පුලුවන් වෙලා... ඔන්න දැන් නම්... මට හිතෙනව... ඔයා කරපු දේවලුත් එක්ක... මමත් අපෙ ආදරේ වෙනුවෙන්... සාධාරණයක් කරල තියෙනව කියල.... සතුටුයි මට..


ඒ හැම දේකටමත් වඩා..... හැම දෙයක්ම ඔයා මට කියන එක... ගැන ගොඩාක් සතුටුයි මට..... මම අද මේ වගෙ දේකදි වගෙම හැම දේකදිම මම සතුටු වෙන්නෙ අන්න එ නිසා කියල මට හිතෙනව...


පරිස්සමට.. ඕක දුරදිග යන්න පුලුවන් මානසික රෝගයක් ලු... ;)
මානසික රෝගයක් කියන්නෙ... මෙහෙම දරාගන්න බැරි වීමේ මානසික රෝගයකුත් තියෙනවලු!!

මොනව උනත්... රස විඳින්න පුලුවන්.. ලස්සන සිංදුවක්.. ගොඩක් අය රස වින්දලත් ඇති මේ වගේ දේවල් ගැන එම වෙනකොට.. ඒත් ඉතින්.. ඕව එලිපිට කියන්න ලැජ්ජයි ලු නෙ.. ඔහොම ඉවසන් ඉන්න බෑ කියල කියන එක.. ;) බැරි වෙලාවත් මානසික රෝගියෙක් කියල හංවඩු ගැහුවොත් එහෙම.. නේද?
:ඩී

අහල බලන්නකො සිංදුව.... හරිම ලස්සනයි.... ===> මෙන්න


කෑම පැය වෙලේ ටිකක් හදිසියෙන් ලිවුවෙ... කියවනකොට සීග්‍රගාමී දුම්රියක් වගේ දැනුන නම් සමාවන සේක්වා...

පලි - ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය.... ඔහුගේ/ඇයගේ යහලුවන් සමඟ උත්සවයකදී සතුටු වන අවස්ථාවක... එක්වරම ඔහු හෝ ඇය මිතුරන් සමඟ යුගල නර්තනයක (කපල් ඩාන්ස් -කොල්ලයි කෙල්ලයි) යෙදීමට සූදානම් වන බව හෝ යුගල නර්තනයක යෙදෙන බව හෝ සහකරුවෙකු සමග යුගල නර්තනයක් පුහුණු වන බව හෝ ඔබට දැනගන්නට ලැබුණු විට ඔබත් මා මෙන් අයෙක් නම් ඔබගේ සිතුවිලි දාමයන් ද (චිත්ත වීදි) එම මොහොතේ... මීට සමාන විය හැක.... ඔබටත් මෙවන් සිතුවිලි ඇති විය හැක.......

අත්දැකීම් තිබේ ද????
;)

22 comments:

  1. පලවෙනි වතාවට ආවෙ ආපු ගමන් අහපු සිංදුවත් පලවෙනි වතාවට ඇහැව්වෙ...
    මටත් ඔහොමනෙ මොනාහරි කරන්න හරි ලියන්න හරි කියන්න හරි යද්දි හිතේ මැවෙනවා ඔක්කොම.

    ReplyDelete
    Replies
    1. වික්ටර් රත්නායකගේ මෙච්චර වටිනා සින්දුවක් කලින් අහලා නැත්නම් ඔයා ඉපදිලා තියෙන්නේ ඊයේ වෙන්න ඕනේ. ඔයා අහන්නේ අර කොත්තු මී සහ ලෙමන් පෆ් විකුණන 'ගොතාරිස්'‌ ලගේ සින්දුද?

      Delete
    2. nishi - ඒක තමයි කල්පිතය... ඒ කල්පිතය තමයි ලියවෙන්නෙ... හෙහේ.. ටිකක් විතර මම වගේ නේද?
      :)
      පළමු වතාවට ආපු නිෂී ව මම නම් සාදරයෙන් පිළිගන්නව මගේ මතක වස්තුවට.... ආයෙත් ඇවිත් යන්න එන්න... :)


      Delete
    3. ඇනෝ - ඕකෙ තවත් පැත්තක් මම දකිනව ඇනෝ... මගෙ ගෙදරට ඉස්සරහ ගෙදර ඉන්න පොඩි එකා ඒකට හොඳම උදාහරණයක්.. ඒ කොල්ලගෙ ගෙදර ඒ තාත්ත දාල තියෙන රේඩියෝ එකේ යන්නෙම අලුත් සිංදු... සමහර ඒව නම් හොඳයි.. ඒත් සමහර ඒවල නම් ගත යුත්තක් ඇත්තෙම නෑ (මම දකින විදිය).
      ඒත් ඒ කොල්ල පරණ සිංදු වලට ආසයි... ළඟදි අහපු ජෝතිපාල මහත්මයගෙ ගීතයක් මහ හයියෙන් කිය කිය ළිඟ ළඟ නානව මම දැක්ක දවසක්..
      ඇත්තටම ඒ කොල්ලගෙ කතාව කොයි තරම් දුක්බර ද?

      අන්න ඒ විදියෙ සමාජ තත්ව වල අය මේ වගෙ ගීත වලට ආස උනත්.. ඒ අයට මෙහෙම ගීත අහන්න අවස්ථාව ලැබෙනව අඩුයි නේද?
      එක අතකට පව් කියලත් හිතෙනව අර පොඩි එකා ගැන...

      Delete
  2. ෆෝන් වලින් කියවන අයට: This song in MP4 from YOUTUBEINMP4.COM :)

    ReplyDelete
  3. සිසලු මානවයන් තුළ ඇතිවිය හැකි තත්ත්වයක් මේ.බොහොම ලස්සනට විග්‍රහ කොට තිබෙනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. පුද්ගල මනෝභාවයන් තමයි ඉතින්... අපි හිත් දියුණු කරපු උත්තමයො නෙමෙයි නෙ තවම අපිට අයිති දෙයක් තමන්ට විතරමයි අයිති කියල නොහිතා ඉන්න තරම්... නේද?
      :)

      Delete
  4. Replies
    1. ස්තූතියි සහෝදරයා....

      Delete
  5. ඕ... මට නම් තාම ඇතිවෙලා නෑ එහෙම සිතුවිලි.ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔහොම යන් ඔහොම යන්...
      ආදරේක පැටලිලා මේ වගෙ අවස්ථාවකට මූණ දුන්නොත්.. මේ මම කියල තියෙන දේවල් ටික මතක් කරගන්ටකො...
      :ඩී

      Delete
  6. හ්ම්ම්.. ඉරිසියාව කියන දේ ඉතින් අපි කාටත් අඩු වැඩි වශයෙන් දැනෙනවා නේ.. යුගල නැටුම් ගැන අත්දැකිම් නම් නැ..ඒත් වේදිකා නාට්‍ය අත්දැකීම් නම් තියෙනවා. ඒ වෙලාවට ඉතින් හූල්ල හූල්ල බලාගෙන හිටපු එක තමා කරලා තියෙන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. " හූල්ල හූල්ල බලාගෙන හිටපු එක"
      ++++++++++

      අපි හිත් දියුණු කරපු උත්තමයො නෙමෙයි නෙ තවම අපිට අයිති දෙයක් තමන්ට විතරමයි අයිති කියල නොහිතා ඉන්න තරම්... නේද?
      :)

      Delete
  7. හනේ මට නැති දේමනේ අප්පා ඔය වියුක්ත චින්තනය... මං මේ කල්පනා කරන්නේ කොහොමද වැඩිදියුණු කරගන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. හෙහේ... උත්සහ කරන්න.. උත්සහ කරන්න...
      කරන්න අමාරුයි තමයි.. දුකයි තමයි....
      ඒත් කරගත්තට පස්සෙ හිතට දැනෙන සතුට වචන වලට හරවන්න බැරි තරම් වෙයි...
      :)

      Delete
  8. "සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ
    අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි..
    මා හද බිය වී..
    සැළී සැළී යයි..." thax pawani

    ReplyDelete
  9. මාරම වචන ටිකක් ..

    "සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ
    අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි..
    මා හද බිය වී..
    සැළී සැළී යයි."

    ReplyDelete
    Replies
    1. අවස්ථාව හිතට වද්දන්න පුලුවන් හොඳම ගැළපෙනම වචන ටික සමඟ සංගීතය...

      ස්තුතියි හිරුහිමාවී...

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....