javascript:void(0)

Monday, October 29, 2012

18ට අඩු ආදරවන්තියන්ට සහ 18ට අඩු ආදරවන්තියන් ඉන්න 18ට වැඩි ආදරවන්තයන්ට ==> 1
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ --> මෙතනින්
කෙල්ලො නරක නෑ හැමෝම... නරක අයත් ඉන්නව....මම මේ කියන්නෙ එහෙම නරක අය ගැන නෙමෙයි.. ඒත් පසුකාලීනව නරක වෙන්නෙ මෙහෙම කෙල්ලො තමයි කියන්නත් මගෙ අත්දැකීම් තියෙනව.....හොඳ අයත් ඉන්නව...  මේ එයාල ගැන...

එයාලටම එයාලව තේරුම්ගන්න බැරි... එයාලටම එයාල ගැන තේරෙනෙ නැති.. එයාලටම එයාල බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න බැරි.. කොයි තරම් ඒක කියල දෙන්න හැදුවත් තේරුම්ගන්නෙ නැති අය ගැන(සමහර විට අර කියනවත් වගේ ඉන්න විසේකාර වයස නිසා ටිකක් තේරුම්ගන්න අමාරු කාලෙ නිසා වෙන්නත් ඇති.) එහෙම අය ආදරේ කියන දේ වැරදියට තේරුම්ගන්නව... කොල්ල ආදරේ කරනව.. තේරුම් කරල දෙන්න හදපුවම පිළිගන්නෙ නැතුව.... ආදරවන්තය එහෙම කියා දෙන්න හදනකොට... එයා එහෙම කරන්නෙ ආදරවන්තියගෙන් වෙන් වෙන්නයි කියල ආදරවන්තිය හිතල.. ඒ ගැන ආදරවන්තය එක්ක රණ්ඩු වෙන නිසා... කොල්ලොත් හිත රිදවන්න අකමැතිකමට ආදරේ කරනව. එයාල අදරේ කරන්නෙ ඇත්තටම... ඒත් කෙල්ල ආදරේද කරන්නෙ කියල ඒ කෙල්ලටවත් තේරුම්ගන්න අමාරුයි...

           ඊට පස්සෙ පහු වෙලා කවුරු හරි කියපු දේවල් අහල හෝ,

වෙනත් කාගෙ හරි භාහිර බලපෑම් මත  හෝ,
              එහෙමත් නැත්නම් තමන්ටම ඇති වෙන ආසාවක් මත හෝ,
      ඇත්තටම තේරුම් අරන් හෝ නැතුව හෝ තේරුම් ගත්තු බවක් අඟවල අන්තිමේදි අර කොල්ලව අමාරුවෙ දානව..
(එක්කො; අයියෙ මේක ආදරේ නෙමෙයි... අපි මේක නවත්තමු, අයියෙ මේකට ගෙදරින් කැමති වෙන එකක් නෑ අයියෙ.. මට දැන් තේරෙනව ගෙදරට පිටින් යන්න බෑ කියල මට.. අයියෙ මට සමාවෙන්න, අපි අතරෙ හැමදාමත් වෙන්නෙ රණ්ඩු..මම හිතන්නෙ ඒ අපේ නොගැළපීම නිසා වෙන්න ඇති. තව තව කල් අපි මෙහෙම ඉඳල ඉටු නොවෙන බලාපොරොත්තු තියන් ඉන්නවට වඩා ලොකු දුකක් විඳල හරි අපි වෙන් වෙමු..ඒක අපි දෙන්නටම හොඳයි වගෙ.. දෙපැත්තටම සාධාරණ.. බොහොම කපටි විදියට... හිත් රිදෙන්නෙ නැති බිඳෙන්නෙ නැති විදියට වෙන් වෙන්න ඕන පසුබිමයි බාසාවයි දාල වෙන් වෙයි )

         මෙන්න මෙතනදි ආදරවන්තයො වගෙම ආදරවන්තියොත් තේරුම්ගන්න ඕන හොඳට... තමන්ට තේරුම් යන කාලෙට හෝ තමන්ට වෙන කෙනෙක් ළඟට යන්න ආසාවක් ඇති වෙන කාලෙකට හෝ තමන් යාලු වෙලා ඉන්න කෙනාගෙ ධනය බලය තත්වය ලස්සන කොයි තරම් අඩුද කියල පැහැදිළිව පේන කාලෙට හෝ...... ආදර සම්බන්ධතාවය නවත්තල එක පැත්තක් වලට ඇදල දාල අමාරුවෙ දාන්න... ඒ පැත්තෙ ඉන්න කොල්ල හෝ කෙල්ල ඔයාලට ඕන විදියට සෙල්ලම් කරන්න..ඕන වෙලාවට ලං වෙන්නයි එපා වෙලාවට ඈත් වෙන්නයි පුලුවන් තමන්ගෙ සෙල්ලම් බඩු නොවන වග!! ඒවත් තමුන් වගෙම හිත පිත් තියෙන ගැඟීම් දැනීම් තියෙන වටිනා ජීවිත මිසක තමන්ගෙ අත පල්ලෙන් වැටුන සෙල්ලම් බඩු නොවන බව...

       අද ගෑණු ලමයින්ට සිද්ධ වෙන බොහෝමයක් අපරාධ වලට ප්‍රධානම හේතුව මේක බව මට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනව... ඔප්පු කරන්නත් පුලුවන්.... තමන් ගොඩාක්ම ආදරේ කරපු තමන්ගෙ දුක සැප බෙදාගත්තු නිතරම තමන් එක්ක හිටපු කෙල්ලට පිහියෙන් කොටල මරන්න.. එයාගෙ ෆොටෝස් අන්තර්ජාලයට එකතු කරන්න.. වීඩියෝස් අන්තර්ජාලයට එකතු කරන්න...හෝ එහෙම කරන බවට තර්ජනය කරන්න...එහෙම කරල කෙල්ලගෙ චරිතය සම්පූර්ණයෙන්ම විනාස කරල තවත් කොල්ලෙක්ට ඒ කෙල්ල දිහා බලන්නවත් නොහිතෙන විදියට වැඩ සිද්ධ කරන්න.... කෙල්ලව උස්සන් ගිහින් දූෂණය කරල මරල දාන්න.... මේ කියපු දේවල් වලටත් වඩා දේවල් පවා.. තම්න්ගෙ ආදරවන්තියගෙන් මේ තරම් පළිගන්න... ඔයාලට හිතෙනවද කොල්ලොන්ට මානසික රෝග කියල?? නෑ... ඔය හැම කොල්ලෙක්ම වගේ (ඔක්කොම නෙමෙයි) ඔය සිද්ධි වලට කලින් හරිම ලස්සන හොඳ විදියෙ ජීවිත ගත කරපු අය. ඕන නම් ඔයාලත් හොයල බලන්නකො... එයාලව රවටල එයාලගෙ ජීවිත එක්ක සෙල්ලම් කරල එයාලව මානසික රෝගියො වෙන්න තරම් අසාධාරණයක් කරපු අය ගැන හොයල බලන එක සාධාරණැයි කියලයි මම නම් දැනටත් කියන්නෙ...

             මේ කිවුවෙ කොල්ලොන්ගෙ පැත්තෙන්... කෙල්ලොන්ගෙ පැත්තෙනුත් මේක මේ වගෙමයි.. අහිංසක ලස්සන ජීවිත ගත කරපු කෙල්ලෙක් තමන්ගෙ ආදරවන්තයගෙ අලුත් ආදරවන්තියගෙ දුරකතන අංකය හොයාගෙන කුණුහරපෙන් බනින්න තරම් ඒ හිත් දරුණු වෙන්න... කොයි තරම් දෙයක් ඒ හිත් වලට වෙන ඕනද?
           මතක තියාගන්න ආදරේ කරන දරුවනේ... "ආදරයයි වෛරයයි අතරෙ තියෙන්නෙ  කෙස් ගහක පරතරයකි" කියලත් ලොකූ කතාවක් තියෙනව කියන එක...
 

එක ඔප්පු වෙන අවස්ථාත් ඔයාලගෙ ජීව්ත වලට ලැබෙන්න ඉඩ තියෙන බව...!!

හොඳ ආදරවන්තයො ආදරවන්තියො ඉන්නව.. එයාල මොනව උනත් එයාලගෙ ආදරෙන් පළිගන්නෙ වෛර කරන්නෙ නෑ. ඒත් ඒ බෝම සුළු පිරිසයි....


 බහුතරය එහෙම නෑ කියල හොඳට මතක තියාගන්න ඕන...!

මේ කොටසට වැටෙන අදහස් නිගමනයෙන් අනතුරුව මෙම කතාවෙහි මීළඟ කොටස ලබන සතියේ..... මොකද ඔයාල හිතන්නෙ මේ ගැන?





---සියල්ල සත්‍ය සිදුවීම් ඇසුරිනි---

31 comments:

  1. නියම අදහස. මේක ඊයේ හිරුනැති හෝරාවේ ලියපු පෝස්ට් එකට නියමෙට ගැලපෙන උත්තරයක් කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අහ්..අයියෝ... මම ඒක දැක්කෙ නෑ නෙ..
      :(

      ස්තූතියි..

      Delete
  2. ලිපියෙ අන්ත්ර්ගතයට එකගයි... :D

    ReplyDelete
  3. Replies
    1. ඔව්.. මේක සැබෑ සිද්ධියකටත් සම්බන්ධයි...

      (Y)

      Delete
  4. මිනිහෙක්ව හොදට තැලිලා හැදිල එන්න බූටක් කෑම වටිනව.

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒක නම් ඇත්ත තමයි....
      ඒකත් දෙවිදියකට....
      එහෙම හැදිල එන්න පුලුවන්...
      ඒත්. දරාගන්න බැරි විදියෙ උන්ට... ඒ කියන්නෙ අර කාපු බූට් එකේ සැරට කෝච්චියට බෙල්ල තියන උන්ට? බෙල්ලෙ වැල දාගන්න, ගඟේ මුහුදෙ පනින උන්ට...
      අප සරණයි නේහ්?
      :ඩී

      Delete
  5. මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. දැන් ඇත්තටම දෙන්නෙක් යාලු වෙලා ඉඳලා පස්සෙ නොගැලපෙන බව වැටහුනොත් මොකක්ද කරන්න ඕන? ඒත් ඔන්න ඔහේ බැඳලම බලමු කියල දිගටම කරගෙන යන එකද?

    ඒ වගේම ඇත්තටම ගෙදරින් අකමැති නම් තෝරගන්න ඕන අම්මලද සහකාරයද? (කොහොම හරි කැමති කරගන්න කියන එක උත්තරයක් නෙවෙයි. කොහොමවත් එහෙම බැරි ගෙවල් ඕන තරම් තියෙනවා.අපේ කොල්ලෙකුට අම්මා වස බිල මැරෙනව කියපු නිසා අවුරුදු 5ක සම්බන්දෙ නතර කරන්න උනා.)

    ReplyDelete
    Replies
    1. මම දකින විදියට නම්...100%ක්ම ගැළපෙන ආදරවන්තයො නෑ... පිටින් එහෙම පේන්න තිබුනත්... ඒ ජීවිත ඇතුලට එබිකම් කරල බැලුවම.. එහෙම නෑ... මම දන්න විදියට නම් හැමෝම කරන්නෙ ඒ නොගැළපීම් වලදි එක්කෙනෙක් අනිකාට වෙනුවෙන් කැපවීමක් තමයි..
      ඇත්තටම තියෙන්නෙ නොගැළපීමක් නම්... ඒක දෙන්නම තේරුම් අරන් වෙන් වෙන එකට මම ගොඩක් විරුද්ධ නෑ..
      හැබැයි මෙහෙම දෙයක් තියෙනව..... යෝජනා ස්ථිරත්වයෙන් එහෙම විවාහ උන ඒ තරම් ගැළපීමක් නැති ඒත් අදටත් ගොඩක් සතුටින් ජීවත් වෙන අයව මම අධ්යයනය කරල තියෙනව.... ඒ විවාහ වෙච්ච අය ඒකෙ වරදක් දකින්නෙත් නෑ.. ඒත් අද ජීවත් වෙන අපි නිදහස් මනසක් එක්ක හැම දෙයක් දිහාම බලන නිසා තමයි ඔයාගෙ හිතටත් මෙන්න මේ වගෙ අදහසක් පහල උනේ - "ඔහේ බැඳලම බලමු කියල දිගටම කරගෙන යන එකද?" එහෙම නේද?
      :)

      අනික මම මේ පෝස්ටුව ලියල තියෙන්නෙ ගොඩක් දුරට සැබෑවටම සිද්ධ වෙච්ච සිද්ධියක් එක්ක... ඒකෙදි තියෙන ඇත්තෙම හේතුව.... නොගැළපීම නෙමෙයි... අන්න ඒ තුළින් මම දෙන්න හදන අදහස පොඩ්ඩක් ගන්න පුලුවන් නම්.. මීටත් වඩා මම කියන්න අදහස් කරපු දේ ඔයාට පැහැදිළි වේවි.

      "ඒ වගේම ඇත්තටම ගෙදරින් අකමැති නම් තෝරගන්න ඕන අම්මලද සහකාරයද? " මේකටත් කලින් උත්තරම තමයි... ඒක ද ඇත්තම හේතුව කියන එක.. :)

      ඔව්.. ඒකෙ මම දකින පැති කීපයක් තියෙනව.. ඒ ඒ අවස්ථාව අනුව ඒක වෙනස් වෙනව.. පුංචි උදාහරණයක් එක්ක මෙහෙම කිවුවොත්, අවුරුදු පහක සම්බන්ධයක්. කෙල්ලගෙ අම්මල හොයල බලනව කොල්ල ගැන.. දැනගන්නව මේ කොල්ල මීට කලිනුත් යාලු වෙලා ඉඳල බැඳල කෙල්ලො කීප දෙනෙක්ම අමාරුවෙ දාපු කෙනෙක් කියල.. ඒ අමාරුවෙ දාපු හැම කෙනෙක්ම අවුරුදු පහකට වඩා ඒ කොල්ලත් එක්ක යාලු වෙලා හිටපු කෙල්ලො කියල.. අම්මල සාධාරණ නැද්ද විරුද්ද වෙන එක? ආදරෙන් මත් වෙලා අන්ධ වෙලා ඉන්න කෙල්ලට කොච්චර කිවුවත්.. එයා පිළිගනී ද? තේරුම් ගනී ද? තමන් ඉදිරියෙදි වැටෙන්න යන අමාරුව දකී ද? නෑ නේද? අන්න ඒකයි කියන්නෙ ප්‍රශ්නයේ ස්වභාවය අනුව ඒකට දෙන්න පුලුවන් උත්තරය වෙනස් වෙනව කියල මේ වගේ ප්‍රශ්න වලදි...
      මෙහෙමයි.. අපේ සමහර දෙමවුපියො අපි වගේ නිදහස් විවෘත මනසකින් බලන්නෙ නෑ නෙ.. සමහරු තවම අර එක්දහස් අටසිය ගනන් වල පුහු ගතානුගතික මෝඩ ඇස් වලින් අද ලෝකයත් දකින්න හදනව.. එහෙම අය ගැන නම් කතා කරල වැඩක් නෑ නෙ..
      බොහොම ලොකු මාතෘකාවක් මේක..
      පෝස්ට් එකකින් කතා කරමු..
      :)

      කොහොම උනත්.. ස්තුතියි ඇනෝ ඔයාගෙ අදහසට..වටිනව..

      Delete
  6. මේක නම් සහතික ඇත්ත කතාවක්..

    ReplyDelete
  7. මේ වගේ දෙවල් අහෙද්දිත් බය හිතෙනවා. ඊළග කොටසත් දාමු :)

    ReplyDelete
    Replies
    1. බය වෙන්න ඕන වැරදි කරන අය.. ඔයාල නෙමෙයි නෙ.. නේද?
      ;)

      අනිත් කොටසත් දැම්මෝ...

      Delete
  8. ලිපියේ කරුණු සදහා එකගයි .....

    ReplyDelete
  9. බොහොම ස්තුතියි ඇන්ටි අපිට ඒ විස්තර කියලා දුන්නට :)
    අපි නම් තාම ඕවා ගැන දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ අපේ තාත්තල වගේ ඉන්න අය කියන කතා....
      :ඩී

      දන්නෙ නෑ ලු..
      :ඩී

      Delete
  10. අහම්බෙන් ආවේ මේ පැත්තෙ.. කියලා තියන ඒවා ඇත්ත.. ඉතුරු කොටසත් දාන්න..

    ReplyDelete
    Replies
    1. ආයෙත් ඇවිත් යන්න එන්න...
      ස්තූතියි ආවට..

      ඉතුරු කොටසත් දැම්මෝ...

      Delete
  11. නන් ඵල මල් රැස පුබුදන මුත් ගස
    මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
    ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි

    ReplyDelete
    Replies
    1. "ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි "
      ++++

      Delete
  12. ඔය විවිධාකාර වූ පෙම්වතුන්/පෙම්වතියන් අතරේ තමන්ට ලොකු වංචාවක්/ රැවටිල්ලක් කරලා දාල ගිය පෙම්වතියගේ/ පෙම්වතාගේ දියුණුවම පතන සැඟවුණු පිරිසකුත් ඉන්නවා... ඒ උන්ගේ ආදරය කෙස් ගහක දුරකටවත් හොලවන්න බැරි තරම් අචල නිසා... සමා වෙන්න.... නියම ආදරය හා වයිරය අතර දුර අනන්තයි කියලයි මට නම් දැනෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව්... එහෙම අය ඉන්නව බව මමත් දන්නව.. මටත් හම්බ වෙලා තියෙනව ඒ වගේ උත්තම පුරුෂයින්වත්....

      ආදරයයි වෛරයයි අතරෙ තියෙන්නෙ කෙස් ගහක පරතරයක් කියන එක එයාලට අදාල නෑ තමයි.. ඒත් එහෙම අය අතලොස්සයි මේ සමාජයෙ....

      Delete
  13. සංක්ෂිප්ත වාර්තාවක් වගේ..
    අවුලක් නෑ..
    ඒත් ගොඩක් අය ආකර්ෂණය සහ ආදරය කියන දෙක පටලවා ගෙන පටන් ගන්න සබඳතා නිසා දෙන්නම අමාරුවේ වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට කරන්න තියෙන එකම දේ එකතු වෙන්න කලින් වෙන් වෙන එක තමයි..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තාමයි මම මේ පොස්ට් එකේ මුළින්ම දැම්මෙ 18ට අඩු ආදරවන්තියො කියල...
      ගොඩක් අඩු වයස් වල ඉන්න ගෑණු දරුවො "ආකර්ෂණය සහ ආදරය" පටලවා ගන්නව හොඳටම.... මේ පෝස්ට් එකෙත් තියෙන්නෙ ඒ වගේ දෙයක් තමයි....
      අන්න ඒ ගැන ඇත්තටම ආදරේ කරන 18ට වැඩි ආදරවන්තයොන්ව දැණුවත් කරන එක තමයි මගෙ මේ පෝස්ට් එකේ පරමාර්ථය.

      මම ඊළඟ පෝස්ට් එකේ දාල තියෙනව එහෙම දැනෙන්නෙ සැබෑ ආදරයක් නම් විතරයි කියල.. අන්න එතනට එනකම් කියවනකොට රවීන්ටත් ඒක හොඳට පැහැදිළි වෙයි මේ කියන කෙල්ල ගෙ අවබෝධය "ආකර්ෂණය සහ ආදරය"ගැන..

      ස්තූතියි රවින්...
      කතාව ඇත්ත... මමත් පිළින්නව...

      Delete
  14. ඇත්තක් නැත්තෙමත් නැ. මම දැකලා තියනවා ගොඩක් කොල්ලො තමන්ගේ පලවෙනි සම්භන්දේ නතර වුනාම ගෑනු පිලිබන්ද තරහකින් ඉන්නවා.අලුතෙන් ගෑනු ලමයෙක් හිටියත් මෙ තරහා හිත අතුලේ තියනවා.කොල්ලෙක්ගේ පලවෙනි කෙල්ල වෙන එක තරම් කෙල්ලෙක්ට වාසනාවක් නැ.

    ReplyDelete
    Replies
    1. "කොල්ලෙක්ගේ පලවෙනි කෙල්ල වෙන එක තරම් කෙල්ලෙක්ට වාසනාවක් නැ."
      100%ක්ම එකඟයි ඒ කතාව එක්ක....

      Delete
  15. akki qwa ara pali ganne nathy "Sulu pirisata" aithy kenek mama :/ eth eka maha wedanawak..! :(
    thanx akki

    ReplyDelete
    Replies
    1. වේදනාවක් තමයි ඒත් තමන්ට තියෙන ඒ හැකියාව ගැන සතුටු වෙන්න ඕන නංගො...
      මොකද ඒක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි...
      දුක් වෙන්න එපා...

      Delete
  16. @ කැරලිකාරී
    ehema ekak danna kenek inna eka wath loku deyak..
    math mge 1st ekenpasse wadiya naha... gaanata ..

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....