![]() |
පිංතූරෙ ගත්තෙ >>--> මෙතනින් |
හොදින් හිතල බලනකොට මට නම් හිතෙන්නෙ අපි කවුරුත් ජීවත් වෙන්නෙ අපිට වුවමනා නිසා නෙමෙයි!!!!
මන්ද මම මේ කියන දේ අනිත් අයටත් දැනෙන්නෙ එහෙමමද කියල නම්....
මම උදාහරණයකට ගත්තොත් මම ජීවත් වෙන්නෙත් මට වුවමනාවකට නෙමෙයි!!!!
මා මත බලාපොරොත්තු ගොඩ ගහගෙන ඉන්න දෙවෙනි තුන්වෙනි පාර්ශව කීපයක් නිසයි!!!
ඔයාලටත් එහෙම හිතෙන්නෙ නැද්ද??
ඇත්තම කියනව නම් දැන් හුගක් දෙනෙක් කියන විදියට 2012 අවසානෙ දි ලෝක විනාසෙ වෙනව නම් ඒක ලොකු දෙයක්..... ලෝකෙම නැති වුනත් අඩු ගානෙ මාව වත්!!!!
අපි චූටි කාලෙ ඉදල අපේ අම්මල තාත්තලගෙ බලාපොරොත්තු සඵල කරවන්න ජීවත් වෙනව....
තර්කානුකූලව හිතල බැලුවොත් අපි ජීවත් වෙන්නෙ අපේ ඉලක්කයකට යන්නමද??????
නැහ නේද??? (හැමෝටම අදාල නැති වෙන්න පුලුවන්)
හදවතට එකගව කතා කලොත් පාරෙ හිගා කකා ජීවත් වෙන හිගන්නට හොද ඉලක්කයක් තියෙනව එයාගෙම, අපට නැති වුනත්!!!!
අඩු ගානෙ එයාට ඊළග ආහාර වේල ලබාගන්නවත් එයාට ඉලක්කයක් තියෙනව!!!!!!
ඒත් එක්ක බලනකොට එක අතකට අපේ ජීවිත කොයි තරම් අවාසනාවන්තද???
ඔයාලට ඒක කොහොමද දැනෙන්නෙ????
ප.ලි. - සෑහෙන කාලෙකට කලින් මට ජීවිතේ ගැන හිතුණු දෙයක්...... අනේ මන්ද..... මට ආයෙමත් ළඟදි මේක හම්බ වුන නිසා ලියල දාන්න හිතුන....
ඔයාල මොකද හිතන්නෙ?
ඒ දවස් වල මේකට ලැබුණු අදහස් නම රහිතව මම මෙහෙම දාන්නම්කො... -
THS - "මම දන්න විදියට නම් අපි ජීවත් වෙන්නෙ තනියම ඉන්න කාලේ,
ගෑණු පරාණයක් දා ගත්තම බාගෙට මැරෙනවා!!!!!
බැදගත්ත දාට??????????????
හම්!!!!!!!!............
Game over!!.."
Pirate - "mage kathawa oita wada wenas bun....man jiwat wenne man kemati nisa... mata one nisa... meka mage jivite.... me jivita kale man kemati deyak kemati vidiyakata karanawa......"
Pooh - "Samahara walawata ma kathawa aththak. . . . .bt smtimz. . . Naa! Adara gana balaporoththu tiyagaththoth jiwath wanna apaama onawata! Nada iya? ? ?"
CRS - "man nam jeevath wenne marenna thawa kal thiyena nisa, mechchara ikmanata marenna pin madiy machoo thawa jeevithe duk widinna one"
DM - "matat ahema akak tiyanawa at me samaje hituwata wada napuru aim kudu pattan karanawa. mata nan me dusta samaje epa wela amma tatta aim dunnat hlp aka dunnan kohewat adalatwayak nati kawru hari katuwa gahanawa"කොටින්ම කිවුවොත් මේකට වැටිච්ච එක අහිංසක නංගි කෙනෙක්ගෙ කමෙන්ට් එකක් නිසා මට සෑහෙන කරදර වලට මූණ දෙන්නත් වුනා. ගෙදරින් පිට වෙලා කන්න බොනවත් නැතුව හිටපු මට ඒක ගොඩක් ලොකු ප්රශ්නයක් වුනත් මට ඊට වඩා ඒ නංගි ගැන හිතල තීරණයක් ගන්න වුනා, ටිකක් දරුණු වුනත් ඒක හරි කියල මම අදටත් විස්වාස කරනව. කවද හරි මේ පෝස්ට් එක එයා දකීවි. එහෙම දවසකට එයාට හිතුනොත් මම එයාට මොකක් හරි වරදක් කලා කියල... ඒකටත් මට සමාවෙන්න.... ( මගේ පෙම්වතියක් ගැන නොවේ)