javascript:void(0)

Tuesday, October 27, 2015

....පරතරය.......


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


....පරතරය....



එකිනෙකට වෙනස් ජීවිත කතා දෙකක්...

ගමන් මාර්ග දෙකක්...

එක මගක් නම් කවදාවත් එක් නොවන බව සැබැවි....

පීලි දෙක අනන්තය දක්වා සිල්පර කොටන් මත තම දුරස් බව රැකගෙන ගමන් කරනු ඇත....

එහෙත්..

අනෙක් මග?

රේල් පීල්ලෙන් කාලක තරම් වත් ගැහැට විඳ නැති මගීන් දෙදෙන....

ඇලීම්... ගැටීම්.. බිඳීම්...

තවත් අපූරු කතාවක...

තේරුම් ගත නොහැකි;
ළාමක මිනිස් සිත්... 


Thursday, May 21, 2015

....සීරුවෙන් හිටගෙන උපේක්ෂාව පුරුදු වෙන්නට........


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරය උපුටාගත්තෙ --> මෙතනින්

සුභ සිහින දකින්න... 
කල්පිතය යථාර්තය සමඟ ගළපවන්න... 
අටලෝ දහමට කම්පා නොවී 
ලැබෙන 
නොලැබෙන 
හැම දේම 
සමානව විඳ දරාගන්න... 
එන්න මතකවස්තුවට... 
සීරුවෙන් හිටගෙන උපේක්ෂාව පුරුදු වෙන්නට... 
ජීවිතේටම යහපතක් වෙන්න....

Thursday, March 19, 2015

උපාධිය - The Graduation


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ --> මෙතනින්
මම දකිනව පිංතූර...
ගොඩක් පිංතූර....
සමහර ඒව දකිනකොට මට දුකයි...
මට ඒව දකිනකොට හිතෙනව, මමත් ඒ පිංතූර වල ඉන්න හිටපු කෙනෙක් නේද කියල. මම ඒ පිංතූර වල නෑ නේද කියල හිතෙනකොට හිතට මාර දුකයි...
ඊළඟට............
කවද හරි දවසක..........
 මම ඒම ඉන්න පිංතූර දකිනකොට.......
 එතකම් ගත වෙන්නෙ මගෙ ජීවිතේ වටිනා කාලය නේද කියල හිතෙනකොට, ජීවිතේ යම් ස්ථාවරයකට එන්න හිතන් හිටපු කාලය නේද කියල හිතෙනකොට හිතේ පතුලක ඉඳන් ඉහලට එන ඒ සියුම් දුක මිශ්‍ර වේදනාව ගිණියම් වෙච්ච ලෝදිය ටිකක් බිංදු බිංදු ඔලුවට හලාගත්තත් නොදැනී යන එකක් නෑ මයෙ හිතෙ...


මම ගුරුවරුන්ට බනින්න කැමති නෑ.... 
මොකද මමත් ගුරුවරයෙක් නිසා...


ඒ වගෙම මම පිණට ඉගෙන ගන්න ගියෙත් නෑ... 
ලක්ෂ ගාණක් වියදම් කරලයි මම ඉගෙනගන්න ගියෙ.
ගෙදරින් සල්ලි අරන් ගෙවුවෙත් නෑ... 
ගෙවපු සල්ලි ඔක්කොම වගෙ
 මම 
ණය වෙලා, 
වැඩ කරල, 
මහන්සියෙන් හොයපු සල්ලි...
මම කාටවත් බනින්නෙ නෑ... 
අපහාස කරන්නෙත් නෑ... 
මට මේ වෙන දේවල් ගැන ලොකු දුකකුත් නෑ, 
මහ ලොකු කලකිරීමකුත් නෑ....
 මේ මම පහුගිය ආත්ම වල හරි මේ ආත්මෙ හරි කරපු කියපු දේවල් තමයි මේ ලැබෙන්නෙ.
ලැබෙන්න තියන දේවල් මට ලැබෙයි, 
නොලැබෙන දේවල් නොලැබී යයි... 
ඒත් මම මගෙ උත්සහය වත් 
මගෙ ගේම වත් අත අරින්න කිසිම සූදානමක් නෑ,
 විස්වාසෙන් කියන්න පුලුවන්, 
මම ඒක අත අරින එකකුත් නෑ...!
මහ ඉහළින් දිනන්න කියල ලොකූ ආසාවකුත් නෑ, 
ඒ වගෙම පරදින්න බයත් නෑ....!
මහ ඉහළින් දිනන්න තරම් දේවල් 
මගෙ ජීවිතේ ඇත්තෙත් නෑ...!


----ජය----

Wednesday, December 17, 2014

....සතුටු බිඳුවක්.....


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


                   අනේ මන්ද මිනිස්සු මොනව හොයන්න මේ තරම් මහන්සි වෙනවද කියල. මම එහෙම කියන්නෙ මටවත් තේරෙන්නෙ නෑ මම මේ මොනව හොයන්නද මහන්සි වෙන්නෙ කියල.. මම එහෙම අදහස් කලේ මුදල් වලට වඩා ගැඹුරට ගිය දෙයක් ගැනයි.

                  පවනිත් මේ දවස් වල මගෙ ළඟ නැති ගතියක් හිතට දැනෙනව. එයා හිටිය නම් මොකක් හරි පිස්සුවක් නටල මගෙ හිත කොහොම හරි හදනව. මම ගන්න තීරණ ගැන තර්ක කරන්න හිටියෙත් එයා විතරමයි. අන්න ඒ නිසයි මේ වෙලාවත් පවනි නැති අඩුව මට තදින්ම දැනෙන්නෙ....

              මට හෙට බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ඉංග්‍රීසි තේරීම් විභාගය. දැන් වෙලාව හවස 6.40යි. හෙට විභාගයට හිටියට පංතියට දාන්න තව විශාල මුදලක් ඕන (මගෙ හැටියට ඒක විශාලයි :) ). තවම මට ඒ ගැන නිශ්චිත තීරණයක් නැහැ. ඊයෙ ඉඳල මම වෙනුවෙන් වියදම් කරන එකත් තාත්ත නැවැත්තුව. දැන් ගෙදරින් කෑම විතරයි. සතයක් වත් දෙන්නෙ නැහැ. මගෙ ලොකුම අඩුව මම ගන්න තීරණ වෙනස්වීමක් ද මන්ද....

                       එදා (මට මතක ඇති කාලෙ) මම ඉඳගෙන ඉන්නකොට මගෙ ඉස්සරහින් මම දැක්කෙ අර සුපුරුදු අතු සිඳල දාපු ගඩුගුඩා ගහයි තැඹිලි ගහයි. මම ඒ තැඹිලි ගහේ අතු දිහා බලාගෙන විඳපු මනෝභාවයන් කොච්චරක් ද... (click -> බාල බොළඳ )  මේ වෙලාවෙ මගෙ ඉස්සරහ මගෙ මේසෙ උඩ විනිවිද පේන පාට පාට බෝතල් වල සෙරමික් ධාරිත්‍රක, ප්‍රතිරෝධක, ආලෝක විමෝචක දියෝඩ පුරවල තියෙනව... හරිම කෘතීම පරිසරයක් වගෙ.. ඒ අතරෙ මම කරපු මගේම නිර්මානත් තියෙනව.

                      ඈතින් පන්සල් පාර දිගේ මල් පුරවපු උරයකුත් අරගෙන බෝම හිමින් ළඟින් ළඟින් අඩිය තිය තිය කවුදෝ මන්ද පන්සල් යනව. පවනි හිටිය නම් කියයි "ඔයත් කවද හරි වයසට ගිය දවසකට ඒ වයසක කෙනා වගෙ ඔයත් ඒ විදියටම මල් පුරවපු උරයකුත් අරගෙන පන්සල් යයි" කියල. ඒත්... මමත් කටකාරයි නෙ.. මම එක පාරටම අනිත් පැත්තට කියාවි, "නෑ... මම ඒ පාරෙන් නෙමෙයි නෙ පන්සල් යන්නෙ, කණිෂ්ක මාමලගෙ වත්තෙන් පැනල නෙ" කියල. අනේ මන්ද මමත් කියවන විකාර... නේද?

හරිම නිශ්ශබ්දයි..... පාරෙ පන්සල් යන කෙනෙක් කියවන මොන මොනවදෝ ඈතින් ඇහුන. ඒත් එක පාරටම ආයෙ පන්සලේ කවි බණ වාදනය වෙන්න පටන් ගත්ත හයියෙන්... 

ඒත් එක පාරටම ආයෙමත්...

(වටපිටාවෙ කොයි තරම් සද්ද තිබුනත් හිත් දෙකක්, පුද්ගලයක් දෙදෙනෙක් අතර දැඩි නිහඬතාවක්... විනාඩි දෙක තුනක...)


               ඔව්.. මම මාම එක්ක කතා කලා. එයා මට ඒ ගාන ගෙවන්න චෙක් එකක් දෙන්න පොරොන්දු උනා. ඒ වෙලාවෙ මට දැනුන සතුටට මගෙ හුස්ම හිර උනෙ නැති ටික විතරයි. ඒ තරමට මම සතුටින්. මාම පත්තු කරපු හඳුන් කූරු සුවඳ මගෙ එක නාස් පුඩුවක් දිගේ තදින්ම ඇදිල ගියා හරියට සිත එකඟ වෙන්න මත් වුනා වගේ... මොකක්දෝ කියාගන්න බැරි ලස්සන දේක නැගල ගොඩක් සතුටින් මම පාවෙනව වගෙ දැනුන...

මොකක්දෝ කියාගන්න බැරි ලස්සන දේක නැගල ගොඩක් සතුටින් මම පාවෙනව වගෙ දැනුන...

           ඒ මනෝ ලෝකෙ ටිකක් වෙලා අතරමං වෙලා හිටපු මම ආයෙමත් පියවි ලෝකෙට ආවෙ මේ දුන්න ගාණ කවද හරි ගෙවන්න මම දැන් වැඩ කරන්න ඕන නේද කියල මතක් උනාමයි... ණයට හරි සල්ලි දෙන්න වත් කෙනෙක් උන්න එක ගැන සතුටු වෙලා මම ආයෙත් වැඩ පටන් ගත්ත....

ප.ලි. - ගොඩක් කලින් ඉඳල ලියල තිබුන පෝස්ට් එකක්... ඒත්... .ඒක හරි හැටි අවසාන කරල තිබුනෙ නෑ. හිත එකලාසයක් නැතුව එක එක බය හිතෙන දේවල් හිත හිත ඉන්න අතරෙ...  මේක දැකපුවම.. මට ආයෙමත් ඒ පරණ සිදුවීම මතක් උනා.
පෝස්ට් එක ලියන්න කලින් තිබුන හිත කොහෙ ගියා ද කියල හොයාගන්න බැරි තරම් වෙනස් වෙලා තිබුන පෝස්ට් එකේ අවසානය ලියල ඉවර වෙනකොට....

ප.ප.ලි - පවනි වගෙම විසේකාර, දඟ වැඩ කරන විදියෙ කෙනෙක් ජීවිතේට ළං උනත්... ආ පයින්ම ඈ හැරිල යන ගමන් තමයි දැන් ඉන්නෙ... ඒ නිසා ද කොහෙද හිතත් ටිකක් විකාර වෙලා තියෙන්නෙ...


කෝම උනත් පවනි ගෙ අඩුව පුරවන්න බෑ වෙන කාටවත්... මම ඒක තේරුම්ගත්ත හොඳටම...

Tuesday, December 16, 2014

..මගේ ආදර කතාව - 5.. [අවසන් කොටස]

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


          කතාව බෝම ලස්සනට ඉවර කරන්න හිතන් උන්නත්... හිත ඒ තරම් පිරිල නෑ... ඒ මතකයෙ යම් යම් තැන් අලුත් කලත් සම්පූර්ණ මතකයම අලුත් කරන්න මගෙ හිතක් නෑ...
                   ඒක හරිම සුවිශේෂී වසරක්... මගෙ උපන්දිනයත් සමඟ නොසිතූ ආකාරයේ අවථාවන් මා වෙත ආපු වසරක්... මම ඉගෙනගත් ආයතනයේම පළමු පංතිය කරන්න මට හම්බ වෙන්නෙත් හරියටම මගෙ උපන් දිනය දවසෙමයි....
            මට මතකයි... මම මේ කතාවෙ පලවෙනි කොටසෙදිම කිවුව කොහොමද මට එයාව හම්බ උනෙ කියල මුලින්ම... --->  "මම කොයි තරම් හෙවුවත් එහෙම එකක් හම්බ උනේ නෑ, ඒ කිවුවෙ අර මගෙ නංගි කෙනාගෙ කියල සැක කල හැකි එකවුන්ට් එකක්. ඒත් මට දෙයක් හම්බ උනා!!...."

                  මුලින්ම මම ඈ ව අධ්‍යයනය කලා. ඒ ගැන මම කලින් පෝස්ට් තුනේදිම කතා කරල තියෙනව... ඈ අහිංසක කෙල්ලක්...  අදටත් ඈ එසේමැයි.... මම මුහුණු පොත තුළින් කවදාවත් දැකල නොතිබුන හිතකට ආදරය කලා... ඒ හිතත් ඒ තරමටම ආදරය කලා, ඒත්... ඒ හිත ආදරය කියල කරපු නිර්වචනයයි මගෙ ආදරය පිළිබඳ නිර්වචනයයි ගොඩක් වෙනස්.... මුලදි අපිට ඒක නොදැනුනත් අපේ සම්බන්ධතාවෙ යම් යම් ගැටලු ඇති වෙච්ච තැන් වලදි වගෙම අවසන් කාලෙදිත් ඒක අපිට හොඳටම තේරුනා..

         මේ කතාව ලස්සන, කියවන්න ආස හිතෙන විදියෙ කතාවක් විදියට ලියන්න කොයි තරම් උත්සහ කරත් මට ඒකට හිත හදාගන්න බෑ... ඒ ගැන නම් කියවන ඔයාල මට සමා වෙන්න ඕන..  :-( 

              අපි එකිනෙකාට ආදරය ප්‍රකාශ කරල මුල් වරට අපි හමු උනේ, මීගමුව නගරයෙ එක්තරා ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක ඇතුලුවන ගේට්ටුව ළඟ... :)  නෑ නෑ, ඔයා හිතුව විදිය නෙමෙයි.... අපි එකට පංති ගියෙ නෑ.... ඈ ජීවිතේ පළවෙනි වතාවට ගෙදරින් පිටත පංතියකට ගිය ආයතනය ඉස්සරහ තමයි අපි හම්බ උනේ... පියවි ඇසින් අපි එකිනෙකාව දැන හඳුනගත්තෙ එදා...  මහ වෙලාවක් වගේ දැනුනත් අපි කතා කලේ වචන කීපයයි, විනාඩි කීපයයි....

එදා ඉඳන් අපි ගොඩාක් දුර ගමනක් ආව බෝම සතුටින්.... ගැටීම් දෙදරා යෑම් ඇති නොවුනාම නොවෙයි... මගෙ අතින් වැරදි නොවුනාම නොවෙයි, ඇගෙ අතින් වැරදි සිදු නොවුනාම නොවෙයි.... ඒත් ඒ කිසි දෙයක් අපිව ඈත් කරන්න සමත් උනේ නම් නෑ...    ඒත් අර ආදරය පිළිබඳ නිර්වචනයෙ වෙනස්කම් නිසා අපි අතර හිත් පළුදු වීම් ගොඩක් සිදු උනා. විශේෂයෙන්ම මේ කතා කරන කතානායකය ගෙ.

             කතානායකය තමන් ගෙ ආසාවන්, බලාපොරොත්තු වගෙ දේවල් වචන වලින් කිවුවට කතානායිකාව තමන්ගෙ ආසාවන්, බලාපොරොත්තු ආදිය වචන වලින් ප්‍රකාශ කලේ බෝම අඩුවෙන්... ඒ ගොඩක් දේවල් ඇගේ හැසිරීමෙන්, කතාබහින් තේරුම් ගනීවි යැයි ඈ බලාපොරොත්තු උනත් කතානායකයා ඒ දේවල් තේරුම් ගැනීමට සමත් උනෙ නෑ...

             පසුව සිදු වූ  දේවල් ඉතාමත්ම කනගාටුදායක උනා. තමන් කොයි තරම් අඟවන්න උත්සාහ කලත් තමන් අඟවන දේ තේරුම් ගන්නට තම ආදරවන්තය සමත් නෑ කියල නයනි ට තේරුනා. ඒත් ඒ අඟවන්නට උත්සහ කරපු දේවල් නයනි ගෙ හිත දිනාගැනීමේ උත්සහයකින් පසු වුනු මේ කතාවෙ තෙවන හා සිවු වන පාර්ශවයට තේරුම් ගන්නට, නයනි අඟවන්නට උත්සහ දරන දේ කුමක් ද යන්න තේරුම් ගන්නට හැකි වුනා.

එතැන් පටන් සියලු දේවල් ඉතාමත් කනගාටුදායක් වුනා. මත ගැටුම්... සිත් රිදවාගැනීම් ආදියත් ඇති උනා.

මෙහි කතාකල, ඈ අඟවන්නට උත්සහ කල දේවල් වැරදි දේවල් නොවේ, සාමාන්‍ය කෙල්ලෙකුගෙ හිතේ ඇතිවෙන අහිංසක ආසාවන් බව සලකන්න..

                         ඉන්පසු සිදු වූ සියල්ලෙන්ම ඈ හට ඇගෙ ආදරවන්තයාව විකර්ශනය වීමක් සිදු උනා. තම සතුටට තම ආදරවන්තයාගෙන් ඉඩක් නැති බව තේරුම් ගත් ඈ ඔහුගෙන් වෙන් වීමට උත්සාහ දැරුවා. යහපත් උත්සාහයක් සියල්ල අසාර්ථක වූ තැන ඈ විසින් නොකල යුතු ආකාරයේ අයහපත් උත්සාහයක් දරා ඈ අවසානයේ ජය ගන්නට සමත් වුනා. නමුත් ඈ ජයගත්තත් ඈ ජය ගැනීමට කල අයහපත් උත්සාහය නිසා කීප දෙනෙක්ම ඈ පිළිබඳ කළකිරීමටත්, හොඳම මිතුරන් දෙදෙනෙකු ඇගේ ක්‍රියාව නිසා විරසක වීමකුත් සිදු වූවා....

බෝම කෙටියෙන් සංක්ෂිප්තව මේ කතාව අවසන් කරන්න ට සිදු වීම පිළිබඳ සමාවන සේක්වා... මේ කතාව 100%ක්ම සත්‍ය චරිත හා සත්‍ය සිදුවීමක් වටා ගෙතුණු එකක්..  මේ සිදුවීම... එහෙමත් නැතිනම් මේ සම්බන්ධය අවසන් වී මේ වන විටත් මාස හතක් පමණ ගත වී අවසන්.. 

අවසන් වශයෙන් කතානායකයගෙ ඉල්ලීම "සමාවෙන්න.." කියන එක පමණයි....

නයනි විසින් අවසාන කාලයේදි වත් තම ආදරවන්තයා තමන් ව තේරුම් ගනීවි යැයි සිතා ඔහු හට එවූ ගීතයක් සමගින් මේ කතාව අවසන් කරනව....

සිත නිදි නෑ.... මගෙ ළඟ නෑ....
ඔබ දුර ඈත ගිහිල්ලා....



....සිටිනා තැනක නිදුකින් නිරෝගීව යෙහෙන් බෙලෙන් වැජබේවා...