![]() |
පිංතූරෙ ගත්තෙ --> මෙතනින් |
මම දකිනව පිංතූර...
ගොඩක් පිංතූර....
සමහර ඒව දකිනකොට මට දුකයි...
මට ඒව දකිනකොට හිතෙනව, මමත් ඒ පිංතූර වල ඉන්න හිටපු කෙනෙක් නේද කියල. මම ඒ පිංතූර වල නෑ නේද කියල හිතෙනකොට හිතට මාර දුකයි...
ඊළඟට............
කවද හරි දවසක..........
මම ඒම ඉන්න පිංතූර දකිනකොට.......
එතකම් ගත වෙන්නෙ මගෙ ජීවිතේ වටිනා කාලය නේද කියල හිතෙනකොට, ජීවිතේ යම් ස්ථාවරයකට එන්න හිතන් හිටපු කාලය නේද කියල හිතෙනකොට හිතේ පතුලක ඉඳන් ඉහලට එන ඒ සියුම් දුක මිශ්ර වේදනාව ගිණියම් වෙච්ච ලෝදිය ටිකක් බිංදු බිංදු ඔලුවට හලාගත්තත් නොදැනී යන එකක් නෑ මයෙ හිතෙ...

මම ගුරුවරුන්ට බනින්න කැමති නෑ....
මොකද මමත් ගුරුවරයෙක් නිසා...
මොකද මමත් ගුරුවරයෙක් නිසා...
ඒ වගෙම මම පිණට ඉගෙන ගන්න ගියෙත් නෑ...
ලක්ෂ ගාණක් වියදම් කරලයි මම ඉගෙනගන්න ගියෙ.
ගෙදරින් සල්ලි අරන් ගෙවුවෙත් නෑ...
ගෙවපු සල්ලි ඔක්කොම වගෙ
මම
ණය වෙලා,
වැඩ කරල,
මහන්සියෙන් හොයපු සල්ලි...
මම කාටවත් බනින්නෙ නෑ...
අපහාස කරන්නෙත් නෑ...
මට මේ වෙන දේවල් ගැන ලොකු දුකකුත් නෑ,
මහ ලොකු කලකිරීමකුත් නෑ....
මේ මම පහුගිය ආත්ම වල හරි මේ ආත්මෙ හරි කරපු කියපු දේවල් තමයි මේ ලැබෙන්නෙ.
ලැබෙන්න තියන දේවල් මට ලැබෙයි,
නොලැබෙන දේවල් නොලැබී යයි...
ඒත් මම මගෙ උත්සහය වත්
මගෙ ගේම වත් අත අරින්න කිසිම සූදානමක් නෑ,
විස්වාසෙන් කියන්න පුලුවන්,
මම ඒක අත අරින එකකුත් නෑ...!
මහ ඉහළින් දිනන්න කියල ලොකූ ආසාවකුත් නෑ,
ඒ වගෙම පරදින්න බයත් නෑ....!
මහ ඉහළින් දිනන්න තරම් දේවල්
මගෙ ජීවිතේ ඇත්තෙත් නෑ...!
----ජය----