javascript:void(0)

Monday, October 29, 2012

18ට අඩු ආදරවන්තියන්ට සහ 18ට අඩු ආදරවන්තියන් ඉන්න 18ට වැඩි ආදරවන්තයන්ට ==> 1
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ --> මෙතනින්
කෙල්ලො නරක නෑ හැමෝම... නරක අයත් ඉන්නව....මම මේ කියන්නෙ එහෙම නරක අය ගැන නෙමෙයි.. ඒත් පසුකාලීනව නරක වෙන්නෙ මෙහෙම කෙල්ලො තමයි කියන්නත් මගෙ අත්දැකීම් තියෙනව.....හොඳ අයත් ඉන්නව...  මේ එයාල ගැන...

එයාලටම එයාලව තේරුම්ගන්න බැරි... එයාලටම එයාල ගැන තේරෙනෙ නැති.. එයාලටම එයාල බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න බැරි.. කොයි තරම් ඒක කියල දෙන්න හැදුවත් තේරුම්ගන්නෙ නැති අය ගැන(සමහර විට අර කියනවත් වගේ ඉන්න විසේකාර වයස නිසා ටිකක් තේරුම්ගන්න අමාරු කාලෙ නිසා වෙන්නත් ඇති.) එහෙම අය ආදරේ කියන දේ වැරදියට තේරුම්ගන්නව... කොල්ල ආදරේ කරනව.. තේරුම් කරල දෙන්න හදපුවම පිළිගන්නෙ නැතුව.... ආදරවන්තය එහෙම කියා දෙන්න හදනකොට... එයා එහෙම කරන්නෙ ආදරවන්තියගෙන් වෙන් වෙන්නයි කියල ආදරවන්තිය හිතල.. ඒ ගැන ආදරවන්තය එක්ක රණ්ඩු වෙන නිසා... කොල්ලොත් හිත රිදවන්න අකමැතිකමට ආදරේ කරනව. එයාල අදරේ කරන්නෙ ඇත්තටම... ඒත් කෙල්ල ආදරේද කරන්නෙ කියල ඒ කෙල්ලටවත් තේරුම්ගන්න අමාරුයි...

           ඊට පස්සෙ පහු වෙලා කවුරු හරි කියපු දේවල් අහල හෝ,

වෙනත් කාගෙ හරි භාහිර බලපෑම් මත  හෝ,
              එහෙමත් නැත්නම් තමන්ටම ඇති වෙන ආසාවක් මත හෝ,
      ඇත්තටම තේරුම් අරන් හෝ නැතුව හෝ තේරුම් ගත්තු බවක් අඟවල අන්තිමේදි අර කොල්ලව අමාරුවෙ දානව..
(එක්කො; අයියෙ මේක ආදරේ නෙමෙයි... අපි මේක නවත්තමු, අයියෙ මේකට ගෙදරින් කැමති වෙන එකක් නෑ අයියෙ.. මට දැන් තේරෙනව ගෙදරට පිටින් යන්න බෑ කියල මට.. අයියෙ මට සමාවෙන්න, අපි අතරෙ හැමදාමත් වෙන්නෙ රණ්ඩු..මම හිතන්නෙ ඒ අපේ නොගැළපීම නිසා වෙන්න ඇති. තව තව කල් අපි මෙහෙම ඉඳල ඉටු නොවෙන බලාපොරොත්තු තියන් ඉන්නවට වඩා ලොකු දුකක් විඳල හරි අපි වෙන් වෙමු..ඒක අපි දෙන්නටම හොඳයි වගෙ.. දෙපැත්තටම සාධාරණ.. බොහොම කපටි විදියට... හිත් රිදෙන්නෙ නැති බිඳෙන්නෙ නැති විදියට වෙන් වෙන්න ඕන පසුබිමයි බාසාවයි දාල වෙන් වෙයි )

         මෙන්න මෙතනදි ආදරවන්තයො වගෙම ආදරවන්තියොත් තේරුම්ගන්න ඕන හොඳට... තමන්ට තේරුම් යන කාලෙට හෝ තමන්ට වෙන කෙනෙක් ළඟට යන්න ආසාවක් ඇති වෙන කාලෙකට හෝ තමන් යාලු වෙලා ඉන්න කෙනාගෙ ධනය බලය තත්වය ලස්සන කොයි තරම් අඩුද කියල පැහැදිළිව පේන කාලෙට හෝ...... ආදර සම්බන්ධතාවය නවත්තල එක පැත්තක් වලට ඇදල දාල අමාරුවෙ දාන්න... ඒ පැත්තෙ ඉන්න කොල්ල හෝ කෙල්ල ඔයාලට ඕන විදියට සෙල්ලම් කරන්න..ඕන වෙලාවට ලං වෙන්නයි එපා වෙලාවට ඈත් වෙන්නයි පුලුවන් තමන්ගෙ සෙල්ලම් බඩු නොවන වග!! ඒවත් තමුන් වගෙම හිත පිත් තියෙන ගැඟීම් දැනීම් තියෙන වටිනා ජීවිත මිසක තමන්ගෙ අත පල්ලෙන් වැටුන සෙල්ලම් බඩු නොවන බව...

       අද ගෑණු ලමයින්ට සිද්ධ වෙන බොහෝමයක් අපරාධ වලට ප්‍රධානම හේතුව මේක බව මට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනව... ඔප්පු කරන්නත් පුලුවන්.... තමන් ගොඩාක්ම ආදරේ කරපු තමන්ගෙ දුක සැප බෙදාගත්තු නිතරම තමන් එක්ක හිටපු කෙල්ලට පිහියෙන් කොටල මරන්න.. එයාගෙ ෆොටෝස් අන්තර්ජාලයට එකතු කරන්න.. වීඩියෝස් අන්තර්ජාලයට එකතු කරන්න...හෝ එහෙම කරන බවට තර්ජනය කරන්න...එහෙම කරල කෙල්ලගෙ චරිතය සම්පූර්ණයෙන්ම විනාස කරල තවත් කොල්ලෙක්ට ඒ කෙල්ල දිහා බලන්නවත් නොහිතෙන විදියට වැඩ සිද්ධ කරන්න.... කෙල්ලව උස්සන් ගිහින් දූෂණය කරල මරල දාන්න.... මේ කියපු දේවල් වලටත් වඩා දේවල් පවා.. තම්න්ගෙ ආදරවන්තියගෙන් මේ තරම් පළිගන්න... ඔයාලට හිතෙනවද කොල්ලොන්ට මානසික රෝග කියල?? නෑ... ඔය හැම කොල්ලෙක්ම වගේ (ඔක්කොම නෙමෙයි) ඔය සිද්ධි වලට කලින් හරිම ලස්සන හොඳ විදියෙ ජීවිත ගත කරපු අය. ඕන නම් ඔයාලත් හොයල බලන්නකො... එයාලව රවටල එයාලගෙ ජීවිත එක්ක සෙල්ලම් කරල එයාලව මානසික රෝගියො වෙන්න තරම් අසාධාරණයක් කරපු අය ගැන හොයල බලන එක සාධාරණැයි කියලයි මම නම් දැනටත් කියන්නෙ...

             මේ කිවුවෙ කොල්ලොන්ගෙ පැත්තෙන්... කෙල්ලොන්ගෙ පැත්තෙනුත් මේක මේ වගෙමයි.. අහිංසක ලස්සන ජීවිත ගත කරපු කෙල්ලෙක් තමන්ගෙ ආදරවන්තයගෙ අලුත් ආදරවන්තියගෙ දුරකතන අංකය හොයාගෙන කුණුහරපෙන් බනින්න තරම් ඒ හිත් දරුණු වෙන්න... කොයි තරම් දෙයක් ඒ හිත් වලට වෙන ඕනද?
           මතක තියාගන්න ආදරේ කරන දරුවනේ... "ආදරයයි වෛරයයි අතරෙ තියෙන්නෙ  කෙස් ගහක පරතරයකි" කියලත් ලොකූ කතාවක් තියෙනව කියන එක...
 

එක ඔප්පු වෙන අවස්ථාත් ඔයාලගෙ ජීව්ත වලට ලැබෙන්න ඉඩ තියෙන බව...!!

හොඳ ආදරවන්තයො ආදරවන්තියො ඉන්නව.. එයාල මොනව උනත් එයාලගෙ ආදරෙන් පළිගන්නෙ වෛර කරන්නෙ නෑ. ඒත් ඒ බෝම සුළු පිරිසයි....


 බහුතරය එහෙම නෑ කියල හොඳට මතක තියාගන්න ඕන...!

මේ කොටසට වැටෙන අදහස් නිගමනයෙන් අනතුරුව මෙම කතාවෙහි මීළඟ කොටස ලබන සතියේ..... මොකද ඔයාල හිතන්නෙ මේ ගැන?





---සියල්ල සත්‍ය සිදුවීම් ඇසුරිනි---

Friday, October 12, 2012

සඟවා ගනු මැන...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

http://www.google.lk/imgres?start=182&hl=en&biw=1366&bih=664&addh=36&tbm=isch&tbnid=FoSWiWQ6dASRMM:&imgrefurl=http://madhava.com/photo/atlantic2002/halifax_wedding/page3.html&docid=gciE1MUTVlmXVM&imgurl=http://madhava.com/photo/atlantic2002/halifax_wedding/couple_dance.jpg&w=1200&h=1600&ei=N5V2UMdLgfCtB_TngMAP&zoom=1&iact=hc&vpx=461&vpy=145&dur=751&hovh=259&hovw=194&tx=121&ty=105&sig=116697186571833687551&page=7&tbnh=146&tbnw=96&ndsp=30&ved=1t:429,r:24,s:182,i:81
"සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි..
මා හද බිය වී..
සැළී සැළී යයි..."


අම්මියෝ... නිකම් පපුවට ඉඳිකටු වලින් අනිනව වගෙ...
හැම වෙලේම හැම දෙයක්ම ගැන හිතින් මවා ගන්න මට ඒකත් මැවිල පේනව..  උඩ ගිහින් පොළවට වැටෙන අළු බිඳිති දිහා බලාගෙන තනිකම - යතාර්ථය වගෙ දේවල් ගැන පැය ගාණක රසවත් දීර්ඝ මනෝභාවයන් මවන මට.. ඒකත් මැවිල පේනව...

පුරුදු වෙන හැටි...
ඇසට ඇස හමුවෙන විදියට....
අතින් අල්ලන්.... දෑත් පටලවන්...
අනිත් අත..  නාභියට ආසන්නෙ ඉනෙහි තවරාන...
විටෙක..
සුසුම් සුවඳ දැනෙන...
හද ගැස්ම ඔවුනතර.... දැනෙන තරමට සමීපව...

මේ එකින් එක මැවෙන මගෙ හිත තුල.... හරියට.. චිත්‍රපටියක් වගෙ...අම්මියෝ... තව කිවුවොත් නම් මගෙ පපුව හිර වෙලා මැරෙයි වගෙ.. :ඩී 
ඒ මගෙ හැටි.... මගෙ ලිවීම් වගෙම මගෙ ගොඩක් දේවල් වලදි (මම කරන කියන දේවල්)මම හිතින් ඒ අනුරුවවල් චිත්ත රූප ඒ ලෝක මවා ගන්නව.

"මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයක ඔබ සඟවා තබනෙමි...
හිරු රැස් බිඳැකුදු ඔබෙ රුව දුටු සඳ...
ඉරීසියාවෙන් පිරැවෙයි මා හද..

සඟවා ගනු මැන..."

                කවුරු හරි පපුවට ඉඳි කටු වලින් අනින කොට ඔයාම ඔයාගෙ වම් අතේ මහපොට ඇගිල්ලෙ අඟල් බාගයක් විතර දිග නියපොත්ත අනිත් අතින් උඩට ඇදල වෙර දාල හමෙන් නියපොත්ත ගලවල ගන්න හදනකොට...  අන්න ඒ වගෙ වගෙයි ඒ වේදනාව මටත් දැන් දැනෙන්නෙ.....
                එහෙම ගලෝල ගත්තම නියපොත්තට යටින් ගැහි ගැහි තියෙන ලේ පිරිච්ච මස් වැදැල්ල දකිනකොට දැනෙන අප්පිරියාව... කලන්තෙ වගෙ ගතිය.. ඔක්කාරෙට එනව වගෙ දැනෙන ගතිය... තමයි මටත් දැන් දැනෙන්නෙ....


"සොමි සඳවත ලෙස රුසිරු නොවී නම්...
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත..
එනමුදු ඊයේ මට පෙන්වූ රුව...
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත...

සඟවා ගනු මැන.."


ඒත්....
තවමත්.. මට වමනෙ ගියෙ නෑ..... කලන්තෙ හැදුනෙ නෑ.... ලේ බිඳක් වත් ඇඟෙන් එළියට ආවෙ නෑ....
පුදුමයි....  මට ඒක දරාන ඉන්න පුලුවන් වෙලා...  දරාගෙන ඉන්න පුලුවන් කියන්නෙ???

මම ඉස්සර තරම් ආත්මාර්ථකාමී නෑ... මම ටිකින් ටික.... එහෙම වෙන එක අඩු වෙලා.... මට... කරන්නම අමාරු දේවල් උනත්.... කරන්න පුලුවන් වෙලා.... ඒ විශේෂ කෙනෙක්ගෙ සතුට වෙනුවෙන්... මගේම සතුට වෙනුවෙන්ම ගොඩාක් දුක දරාගත්තු... මම වෙනුවෙන්ම මගේ සතුට වෙනුවෙන්ම ගොඩාක් කැපකිරීම් කරපු... ඔයා වෙනුවෙන්..... ඔයාගෙ සතුට වෙනුවෙන්... මට ගොඩාක්ම දුක හිතෙන... මට ගොඩාක්ම වේදනාකාරී දේවල්... දරාගන්න පුලුවන් වෙලා... ඔන්න දැන් නම්... මට හිතෙනව... ඔයා කරපු දේවලුත් එක්ක... මමත් අපෙ ආදරේ වෙනුවෙන්... සාධාරණයක් කරල තියෙනව කියල.... සතුටුයි මට..


ඒ හැම දේකටමත් වඩා..... හැම දෙයක්ම ඔයා මට කියන එක... ගැන ගොඩාක් සතුටුයි මට..... මම අද මේ වගෙ දේකදි වගෙම හැම දේකදිම මම සතුටු වෙන්නෙ අන්න එ නිසා කියල මට හිතෙනව...


පරිස්සමට.. ඕක දුරදිග යන්න පුලුවන් මානසික රෝගයක් ලු... ;)
මානසික රෝගයක් කියන්නෙ... මෙහෙම දරාගන්න බැරි වීමේ මානසික රෝගයකුත් තියෙනවලු!!

මොනව උනත්... රස විඳින්න පුලුවන්.. ලස්සන සිංදුවක්.. ගොඩක් අය රස වින්දලත් ඇති මේ වගේ දේවල් ගැන එම වෙනකොට.. ඒත් ඉතින්.. ඕව එලිපිට කියන්න ලැජ්ජයි ලු නෙ.. ඔහොම ඉවසන් ඉන්න බෑ කියල කියන එක.. ;) බැරි වෙලාවත් මානසික රෝගියෙක් කියල හංවඩු ගැහුවොත් එහෙම.. නේද?
:ඩී

අහල බලන්නකො සිංදුව.... හරිම ලස්සනයි.... ===> මෙන්න


කෑම පැය වෙලේ ටිකක් හදිසියෙන් ලිවුවෙ... කියවනකොට සීග්‍රගාමී දුම්රියක් වගේ දැනුන නම් සමාවන සේක්වා...

පලි - ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය.... ඔහුගේ/ඇයගේ යහලුවන් සමඟ උත්සවයකදී සතුටු වන අවස්ථාවක... එක්වරම ඔහු හෝ ඇය මිතුරන් සමඟ යුගල නර්තනයක (කපල් ඩාන්ස් -කොල්ලයි කෙල්ලයි) යෙදීමට සූදානම් වන බව හෝ යුගල නර්තනයක යෙදෙන බව හෝ සහකරුවෙකු සමග යුගල නර්තනයක් පුහුණු වන බව හෝ ඔබට දැනගන්නට ලැබුණු විට ඔබත් මා මෙන් අයෙක් නම් ඔබගේ සිතුවිලි දාමයන් ද (චිත්ත වීදි) එම මොහොතේ... මීට සමාන විය හැක.... ඔබටත් මෙවන් සිතුවිලි ඇති විය හැක.......

අත්දැකීම් තිබේ ද????
;)

Friday, September 28, 2012

අප සරණයි නේහ්?


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                මම 12 වසරෙ ඉන්න කාලෙ මම ප්‍රධාන විෂයන් තුනටම අමතර පංති ගියා. ඒත් ඒ අවුරුද්ද ඇතුලත කවමදාවත් උදේ වරුවෙ ඉස්කෝලෙ නොයා පංති එන්න වෙන විදියට උදේ වරුවෙ අමතර පංති දාල නෑ කිසිම අමතර පංති ගුරුවරයෙක්. උසස්පෙළ පළමු වසර තුළ උදෑසන පාසල් කාලය අවහිර වන පරිදි පෙ.ව.8 සිට ප.ව.2 දක්වා පංති දැමීම කිසිදු අමතර පංති ගුරුවරයෙකු විසින් සිදු නොකරන දෙයක්!!! ඒක සාමාන්‍ය සිරිතක් වගේ. කොහොමත් පළමු වසර තුළ එහෙම පංති දැම්මොත් ළමයි එන්නෙ නැති බව එයාල දන්නව . මොකද උසස්පෙළ පළවෙනි අවුරුද්ද පැමිණීම අනිවාර්යයෙන්ම බලනව. ඒක ඔනෑම උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක් දන්නව. අනික එහෙම ඉස්කෝලෙ නොයා පංතිය යන්න බයයි... බැරිම වෙලා වත් මම 12 වසරෙ ඉද්දි මට එහෙම පංතියක් වැටුන නම් අපේ අම්මල තාත්තල කීයටවත් එදාට ඒ පංතියට යවන්නෙ නෑ. ඉස්කෝලෙ යන්න.. ගිහින් ඉස්කෝලෙ ඇරිල ඕන නම් ඒ පංතියට යන්න.. එහෙම බැරි නම් ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්න කියල තමයි එයාල කියන්නෙ. ඒත් මම කෝම හරි නාහෙන් අඬල හරි පංති යන්න ගෙදරින් අවසර ගත්ත නම්, එදාට අපෙ අම්ම හරි තාත්ත හරි එනව මගෙත් එක්ක, කවුද මේ සතියෙ දවසක ඉස්කෝලෙ කට් වෙන විදියට පංති දාපු ගුරුවරය කියල බලන්න....යි මම පංතියට යනවද කියල බලාගන්නත් එක්ක...

---හිතන්න ඒ කාලෙ අපේ අම්මලට තාත්තලට සමාජය ගැන තිබුන දැනුම අවබෝධය කොයි තරම් ද කියල.... Common sense එක?---

                   එහෙම දවසකට මාව තියා, අපේ උඩහ ගෙදර ඉන්න තනකොළ කපන මනුස්සයගෙ පුතාව වත් ඒ මනුස්සය යවන්නෙ නෑ පංති..!! ( ඌ එහෙම ගිය දවසක මාට්ටු උනා තාත්තටම :ඩී ) ඔන්න අපි නම් ගමේ. අපි සල්ලිකාර ලොකු තානාන්තර තියෙන ලොකු මිනිස්සුත් නෙමෙයි... :පී

     ඒ මම කොල්ලෙක් වෙලා අපේ අම්මලගෙ තාත්තලගෙ විමසිලිමත් බව... හොයා බලන බව... හිතන්න කෙල්ලෙක්ගෙ දෙමවුපියෙක්/භාරකාරයෙක් උනාම මීට වඩා කොයි තරම් සැළකි
ලිමත් වෙන්න ඕනද කියල...?

          එහෙම සතියෙ
දවසක ඉස්කෝලෙත් නොයවා සම්පුර්ණ දවසක පංතියකට (Full day class)යවන්න තරම්..?? එහෙම යන.. පංතිය.. තියෙන්නෙ කොහෙද? කවුද උගන්නන ගුරුවරය කියලවත් සොයා නොබලන්න තරම්?

        එහෙම යවල 5ට ඇරෙනවයි කියපු පංතියට ගිය තමන්ගෙ දුව, එක්කන් එන්න ගිය තාත්තට 6.30 වෙද්දිත් දුවව දකින්න වත් නොලැබුනාම...? පරක්කු නිසා පංතිය ළඟට ගියාම දුව වෙන පැත්තක ඉඳන් පංති ඇරෙන්න පරක්කු උනා කියාගෙන ළඟට එද්දි වත්..?


එතනදි මම ප්‍රධාන දුර්වල තැන් කීපයක්ම දකිනව..

* උසස්පෙළ පළමු වසර තුළ පාසල් කාලය තුළ (7.30-1.30) විශේෂයෙන්ම කිසිදු ප්‍රධාන නගරයක අමතර පංති නොපැවැත්වෙන බව (12 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා)නොදැනීම, ඒ පිළිබඳ අනවබෝධය...(ලෝකය සමාජය පිළිබඳ අවබෝධයක් නොමැතිකම, common sense නැති වීම )

* එසේ පංතියක් පැවැත්වෙන්නේ නම්, ඒ අදාල පංතිය පැවැත්වෙන ස්ථානය, අදාල ගුරුවරයා හා අදාල පංතිය පැවැත්වීමට හේතුව පිළිබඳ නොසැළකිලිමත් වීම. (කොහොමත් කලින් හේතුව missing නම් මේකත් missing නෙ :ඩී)

*5ට පංතිය අවසන් වන බව කී තම දියණිය 6 වන විටත් නොපැමිණෙන විට පංති පැවැත්වෙන ස්ථානයට ගොස් අදාල පංතිය නිම වීමට ප්‍රමාද වන හේතුව පිළිබඳව වත් සොයා නොබැලීම. අඩුම තරමින් අදාල පංතිය පැවැත්වෙන ස්ථානයට ගොස් ඒ අසල සිටින නිසි පුද්ගලයෙකුගෙන් වත් මේ වනතුරුත් පැවැත්වෙන පංතිය කුමක්දැයි සොයා නොබැලීම.

*6.30 වන විටත් තම දියණිය නොපැමිනීම නිසා පංතිය අසලට යන විට වෙනත් දෙසක සිට දියණිය පැමිණි විට, එසේ පැමිණෙන්නට හේතුව, අදාල පංතිය පැවැත්වුන ස්ථානය හා අදාල ගුරුවරයා පිළිබඳ විමසා එවෙලේවත් එම ගුරුවරයා හමු නොවීම.  විශේෂයෙන්ම උසස්පෙළ හදාරණ තරුණ දැරියකගේ පියෙක්.

* මේ සියල්ලටමත් වඩා තම දියණිය හදාරණ විෂයයන්, අදාල විෂයයන් සඳහා සහභාගී වන අමතර පංති, ඒවා පැවැත්වෙන ස්ථාන මෙන්ම එම අමතර පංති මෙහෙයවන ගුරුවරු පිළිබඳව ඇති ඉතා දැඩි අනවබෝධය... නොදැනීම... නොසැළකිලිමත් වීම.

* දියණිය අදාල දිනයේදි සහභාගී වූ අමතර පංතිය, පංතියේදී කරන ලද ඉගැන්වීම් පිළිබඳ දැනගැනීම සඳහා ඇති නිසි ක්‍රම්වේදයන් නොදන්නාකම. (අවම අවබෝධය, ලෝකය පිළිබඳ නොදැනීම මෙන්ම මේ සියල්ලටත් වඩා තම දියණිය පිළිබඳ නොදැනීම )

(රැකියාවක නියුතු වන මගේ පියා මසකට වරක් වත් මගේ අදාල පංති ප්‍රවේශපත්‍රය, මාගේ අදාල දිනයන් සඳහා වන සටහන් පරීක්ෂා කර ඇත... ඔහුට නොහැකි විට මෙන්ම මට හොරෙන්ද මාගේ මෑණියන් ඒ සියල්ල සිදු කර ඇත :ඩී....ඒ මගේ දෙමවුපියන්ගේ "නිසි ක්‍රම්වේදයන්" පිළිබඳ දැනීමය :ඩී )


------සත්‍ය සිදුවීමක් ඇසුරිණි-----


කොල්ලොන්ට නම් හරි වටිනව මේ වගෙ කෙල්ලන්ව? නේද?
ඒ උනාට....? පව් නේද අර අසරණ අම්ම තාත්ත?
හොඳ කොල්ලෙක්ට අහු උනොත් නම් හොඳයි...
ඒත්...
මම වගෙ කොල්ලෙක්ට අහු උනොත් නම්... අප සරණයි නේහ්? :ඩී

                    ඒ වගේම මේ කෙල්ලත් එක්ක යාලු වෙන කොල්ල කොයි තරම් බුද්ධියෙන් වැඩ කරන කොල්ලෙක් වෙන්න ඕනද මේ කෙල්ලව හසුරවන්න? මම කියන්නෙ හොඳ විදියෙ කොල්ලෙක් ගැන. මොකද බුද්ධිමත් කොල්ලෙක් නම් මම තේරුම් ගත්ත වගේ මෙන්න මේක තේරුම් ගන්නව මේ සිද්ධියෙන්, "මේ ලෝකෙ තමන් ගොඩක්ම ආදරේ කරන තමන්ව චූටි කාලෙ ඉඳල ලොකුමහත් කරල අවුරුදු දහ අටක්ම හොඳින් බලාගත්තු තාත්තට මෙහෙම කරන්න පුලුවන් නම් එයාට වෙන කෙනෙක්ගෙ ආදරයක් වෙනුවෙන්.., ඒ අවුරුදු දෙක තුනක ආදරයක් තියෙන වෙන කෙනාට ඔයිටත් වඩා කොයි තරම් දේවල් කරන්න පුලුවන් වෙයි ද?.. තාත්තට මෙහෙම නම්..?" ;) හෑහ් :@ මම බුද්ධිමත් ලු... ලොල්!!

මගෙ දැනුන විදියට නම් මම කරන්නෙ මෙන්න මෙහෙම දෙයක් -

  • ඉස්සෙල්ලම එයාගෙ අවංකකම මට පෙන්නන්න කියනව.
  • එයාට, මට පිටින් ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් මාර්ග හොයාගෙන එයාට නොදැනෙන්ඩ ඒ මාර්ග වලින් හුවමාරු වෙන දේවල් ගැන හොඳ සැළකිල්ලකින් ඉන්නව....
  • ඊට පස්සෙ හොඳ උපක්‍රමයක් යොදල එයාගෙ අවංකකම පරීක්ෂා කරනව.
  • (ඒ මොහොත වෙනතුරු එයා මට අවංකව කටයුතු කරල තියෙනව නම්... මගෙන් කිසි දෙයක් හංගල නැත්තම් හොඳයි. මට විස්වාසය තියන්න පුලුවන්. ඒත් අර දෙවෙනි කරුණ දිගටම කරනව.)
  • (එයා මගෙ විස්වාසය බිඳල තියෙනව නම්, එක වතාවක් හෝ දෙපාරක් සමාව දෙනව. ඒත් තුන් හතර පාරක් සමාව දෙන්න යන්නෙ නම් නෑ. )
  • මේ සියල්ල සිදු වෙනව වගේම ඒ මාර්ග වලින් හුවමාරු වෙන දේවල් මම දැනගන්න විදිය කෝමටවත්ම එයාට දැනගන්න අරින්නෙ නෑ.
  •  විස්වාසය තියන්න බැරි නම් ඒ හේතුවත් ඇතුළුව ප්‍රායෝගික නොවන හේතුවක් දාල සම්බන්ධය නවත්තන බවක් අඟවනව... එතනදි එයාගෙ තීරණය මත සම්බන්ධය නවත්තන හෝ දිගටම ගෙනියන එක තීරණය කරනව.



මේ ගැන සම්පූර්ණ අදහස් ඕන මට ඔයාලගෙන්.... ඔයාල මේ ප්‍රශ්නෙ දකින විදිය...  ඔයාට දැනුන විදිය... මට දැනුන විදියට මම කරනවයි කියපු දේව ගැන ඔයාගෙ අදහස..... මම හිතන්නෙ.. මේකට දරුවො ඉන්න දෙමවුපියො වගෙම ආදරවන්තයින්ගෙත් අදහස් ගොඩක් ඇති මේ ගැන...

                                                  ---------ස්තූතියි---------



Sunday, September 23, 2012

බැඳුනු පෙම් බිඳුණු කල...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."



නෙළන්න බැරි මල
බුදුන්ට පූජා වේවා කියා
කියම් මිස
වෙන කුමක් කියම් ද මම;
ප්‍රේමයට ලොබ බැඳ
පෙම් සුව නොලද කල
කියනු මිස
කුමක් කියමි ද මම;
බැඳුනු පෙම් බිඳුණු කල
විරහවත් වින්දනීයැයි
කියනු මිස වෙන
කුමක් කියමි ද මම..?

මේකත් හරියට මිදි තිත්තයි කිවුව වගේ කතාවක්...
අපි අපේම හිත් රවටගන්න මොහොතවල් කීපයක්...
ඒත්...
අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද?

Monday, September 3, 2012

සඳ දිය දෙවුන සේ...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                                     අද නම් මගෙ පෝස්ට් එක සිංදුවක්... හැමදාම ලියන එක අද අහන්න.. අගය කර කර රස විඳින්න මෑත කාලයේ බිහි වෙච්ච ලස්සන සිංදුවක් බ්ලොගේට දාන්න හිතුන... අර අපි කියනව මගෙ "මම අහන විදියෙ සිංදු" මේ කාලෙ බිහිවෙන්නෙ බොහොම සීමිත ප්‍රමාණ වලින්... ඒ මම ආස සිංදු... මේ තියෙන්නෙත් ඒ වගෙ එකක්... මේක කියන්නෙ මාලනී බුලත්සිංහල මහත්මිය සමඟ අසංක ප්‍රියමන්ත මහත්මා කිවුවම.. අසංක ප්‍රියමන්ත කියල දකිනකොටත් මට ටිකක් පුදුම හිතුන.. මොකද නම ගිය සංගීත කණ්ඩායම් එක්ක කැසට් පට වලට සිංදු කියන.. අර්ථයට වැඩි තැනක් නොදෙන ගායකයෙක් විදියෙ මහ අමුතු ප්‍රතිරූපයක් තමයි එතුමා ගැන මගෙ හිතේ තිබුනෙ... මන්ද.. ඉතින් ඒක මට දැනුන විදිය නෙ.. ඔයාලට ඒක වෙනමම විදියකට දැනෙන්නත් පුලුවන්. හැබැයි මේ ගීතය නිසා ඒ ප්‍රතිරූපයෙ නම් පුංචි වෙනසක් වුනා කියල මට දැනුන...

                   මේක යුග ගීයක්.. ආදරවන්තය තම් ආදරවන්තියට ආදරෙයි ගොඩාක්... තම ප්‍රියම්බිකාවගෙ මුහුණෙ එක පුංචි හිනාවක තියෙන වටිනාකම එයාට කියාගන්න බැරි තරම්..


සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම - නුඹ කොයි තරම් සුවඳ ද මගෙ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන - හමු වී වැළපෙමුද මෙලෙසින් හැමදාම


ඒත් ඒ ආදරේට බාධා ගොඩයි... අම්ම තාත්ත ඇතුළු නෑදෑ සනුහරේ ම මේ දෙන්නගෙ ආදර කතාවට විරුද්ධයි.. ඒත් ආදරවන්තය ගොඩාක් ආදරෙයි තමන්ගෙ ආදරවන්තියට... ඒ එකක්වත් එයාට ප්‍රශ්න නෙමෙයි එයාලගෙ කතාවට.. ඒත්...
ඒත්.. ආදරවන්තියට ඒක ලොකු ප්‍රශ්නයක්...දෙන්නට එක වහලයක් යටට යන්න.. ඒ මවාගත්තු පොදි බැඳගත්තු බලාපොරොත්තු වලින් පිරිච්චි ලෝකෙක තනි වෙන්න.. ඒ දෙන්නට... ආදරවන්තියගෙ දෙමවුපියන්ගෙන් එල්ල වෙන බාධාව ආදරවන්තියට බාධාවක් වෙලා තමන්ගෙ ආදර කතාවට...
එයාලගෙ මාර්ගය හරස් කරල කුළ බේදය...


නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේ ම - දිළිසෙන්නේ ද පුර පස දිළි සඳ ගාව
ඒ හඳ ඇයිද දියවක දී මුලු රෑම - දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව

ආදරවන්තයගෙ තවමත් කිසිම අදහසක් නෑ මේ සම්බන්ධය නවත්තන්න... තවමත් එයා ඒ මවාගත්තු ඒ දෙන්නගෙ ලෝකය නඩත්තු කරමින් ගොඩ නගමින් ඉන්නව.... ඒත්...ඒත් ආදරවන්තිය????
එයා ආදරවන්තය කියන හැමදේක ප්‍රති අර්ථය ජනිත කරවල මේ දේ සිදු නොවෙන දෙයක් බවට අඟවන්න ලොකු උත්සහයක් ගන්නව... එහෙම නේද?


ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ - සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
කඩඉම ළඟ ඉඳන් වත් නුඹ හැමදාම - මට අත වනාපන් නළියන නළ සේම


මුළදි ආදරවන්තය වැඩිය ගැඹුරින් හිතන්නෙ නෑ මේ ආදර්වන්තිය කියන්න හදන්නෙ මොකක්ද කියන දේ... එයාට දැනෙන්නෙ එයා කියන හැම දේකම ගැළපීමක් ගොඩනගන්න තම ප්‍රියම්බිකාව උත්සහ කරනව කියල.. ඒත්.... අන්තිමේදි ආදරවන්තයට දැනෙනව.. මේ තමන්ගෙ ආදරවන්තිය පුන පුනා කියන දේ.. කියපු දේවල් තුළ ගැබ් වෙලා තියෙන්නෙ.. දෙදෙනාගෙ නොගැළපෙන... එකතු නොවෙන බව කියල...

ආදරවන්තියගෙ කෙසේ වෙතත් මේ ආදරවන්තයගෙ බැඳීම තම ආදරවන්තිය කෙරෙහි.. ගොඩාක් ශක්තිමත්.... එයා තවමත් හිතනව... ඔය මොන දේ උනත් අපි දෙන්නට එකතු වෙන්න පුලුවන් කියල.. ඒක එහෙම වෙන්න පුලුවන්... ඒත් ආදරවන්තියට බෑ.. එයා මෙ ගීතයෙ මුළ ඉඳලම එයාගෙ හිතින් මේ සම්බන්ධෙ නතර කරල ඉවරයි..

මට නම් දැනුනෙ ඔන්න ඔහොමයි.... :)

"කඩඉම ළඟ ඉඳන් වත් නුඹ හැමදාම - මට අත වනාපන් නළියන නළ සේම " - මෙන්න මේ කොටසට තමයි මම මේ ගීතයෙ වැඩිපුරම ආස.... හරි අමුතු විදියට දැනෙනව ඒ කොටසෙ දි... හරියට.. මම... ගෙයි වැට කඩුල්ල අයිනෙ ඉඳන්... ඈතින්.. මගෙන් ඈත් වෙලා යන කෙනෙක්ට... අත වනනව වගෙ.... මැවිල පේනව මට... ගීත රචකයගෙ වෑයම සාර්ථකයි කියන එක එතනදි මට හොඳටම ඔප්පු වුනා කියල පස්සෙ මට හිතුන,,,


ඔයාලට කෝමද ඒක දැනුනෙ?


මෙන්න.. ඔයාලත් අහලම බලන්නකො ලස්සන වීඩියෝ එකකුත් එක්කම තියෙනව :)  -