javascript:void(0)

Friday, December 28, 2012

...කතා දෙකක්...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

අද.....ලියන්න....... ලොකූ මාතෘකාවක් අරගන්නෙ නෑ මම.... ඒත් අපේ ජීවිත වලට ගොඩක් සමීප පුංචි කතා දෙකක් මතක් උනා ලියල දාන්න....

පළවෙනි එක - "ගෑණු අඬනව මිනිස්සු බොනව"

ඔය කියන කාරණා දෙක බෝම දරුණු විදියට... වෙන් කරන්න බැරි තරම් තදින් බැඳිල තියෙන දෙකක් කියලයි මට නම් හිතෙන්නෙ.. ඔය දෙකේ දෙපැත්තෙම වැඩි සාධාරණත්වයක් දකින්නෙ නෑ... හෙහේ... මොකද මිනිස්සු බොන එකේ ගතයුත්තක් ගෑණු දකින්නෙ නෑ වගෙම.. ගෑණු අඬන එකේ ගතයුත්තක් මිනිස්සු දකින්නෙත් නෑ...   එහෙම නේද? :)

මම ,මිනිස්සු බොන එක හේතුවක් විදියට "දුක" ගන්නම්කො... කොහොමත් ජීවිතේට නොබී ම හිටපු  සමහර අයත් "දුක" නිසා නෙ බොන්න පුරුදු වෙලා තියෙන්නෙ...

කෝම හරි කමක් නෑ... හේතු ගොඩක් තිබුනත්. මම එක හේතුවක් ගත්තොත් මේ දෙකටම පොදු; ගෑණු අඬන්නෙ දුක ට.... මිනිස්සු බොන්නෙ දුක ට කියල....
එතන ප්‍රශ්න දෙකක්,

1. දුකට ඇඬුවා කියා ගෑණුන්ට ලැබෙන්නේ මොනවා ද?  (අඬන්න එපා කිවුවාට ගෑණු අඬන එක නවත්තනවා ද?)

2. දුකට බිවුවා කියා මිනිස්සුන්ට ලැබෙන්නේ මොනවාද?  (බොන්න එපා කිවුවාට මිනිස්සු බොන එක නවත්තනවා ද?)

එහෙනම් අඩන්න එපා කියන මනුස්සය ද හරි බොන්න එපා කියන ගැහැණිය ද හරි? ප්‍රශ්නයක් නේද?

සංවාදයට විවෘතයි -- කමෙන්ට්ස්

විශේෂයි 1 - ----බොන එක ශරීර සෞඛ්‍ය පිරිහීමට හේතු වේ කියන තර්කයට එන්න කලින් මේ තත්වය ගැන හිතන්න කියන එක මගේ විශේෂ ඉල්ලීමක්! මොකද මම මේ කතා කරන්නෙ ඊට ගොඩාක් කලින් අවස්ථාවක් ගැන---

විශේෂයි 2   - ----(ගෑණු = මහත්මියන් සහ මෙනෙවියන්)   (මිනිස්සු = සියලුම පිරිමින්)------
---------------------------------------------------------------------------------------------------------------------------

දෙවෙනි එක  - "කෙල්ලෙක් හොයන්නෙ තමන් එක්ක තමන්ගෙ අනාගතය සාර්ථකව ගත කරන්න පුලුවන් කොල්ලෙක්ව... ඒත් කොල්ලෙක් හොයන්නෙ තමන්ගෙ අතීතය බොහොම සාර්ථකව ගත කරපු කෙල්ලෙක්ව...."

සාමාන්‍යයෙන් කෙල්ලෙක් (යාලු වෙන්න කලින් කොල්ලගෙ අතීතය ගැන දැනගත්තොත් නම් ඉතින් අප සරණයි.. යාලු වෙන එකකුත් නෑ) කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනට පස්සෙ ඒ කොල්ලගෙ අතීතය දැනගත්තොත්.... එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියල... ඒ අතීතය හාරා අවුස්සල හොයල බලන්නවත්... කොල්ලව දාල යන්නවත් වැඩි කැමැත්තක් නෑ නේද? මොකද... කෙල්ලෙක් විදියට ඔයා හිතනව එයාගෙ අතීතෙන් වැඩක් නෑ.. දැන් මගෙත් එක්ක හොඳින් ඉන්නව නෙ..එයා හොඳ විදියට වෙනස් වේවි කියල...
1. ඒක එහෙම නේද?

ඔව් එහෙම නැති අයත් ඉන්න බව මම දන්නව......

කොල්ලෙක් සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙ "පස්සෙන් ගිහින්" නෙ යාලු වෙන්නෙ... නෑ ඉතින් මම කතා කලේ ප්‍රායෝගිකව... කෙල්ලෙක් කොච්චර කලත් කොල්ලෙක් ගැන හිතක් පහල වෙච්ච ගමන්ම ගිහින් කොල්ලගෙන් අහන්නෙ නෑ නෙ.. ඉස්සෙල්ලම කොල්ලට අඟවනව නෙ තමන් එයා ගැන උනන්දුයි කියන එක... අන්න ඒ නිසා ඒ ඒ තත්වත් එක්ක.. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින්.. අර මම කියපු "පස්සෙන් යන "කාලෙ හරි තමන් ගැන උනන්දුයි කියල දැනෙන කාලෙ හරි කෙල්ල ගැන..
2. එයාගෙ අතීතය ගැන ඒව මේව විස්තර හොයනව නේද?

ඔව් එහෙම නැති අයත් ඉන්න බව මම දන්නව....


3. කතාවෙ ප්‍රායෝගික බව ගැන ඔයාලගෙ අදහස මොකක්ද?


විශේෂයි 1  ---තමන්ගෙ දක්ෂතාවය තමන්ගෙ මතය තරයේ ඔප්පු කරන්න උත්සහ නොකර තමන්ගෙ ස්වභාවය පිළිබඳව අවංකව හදවතින්ම උත්තර බලාපොරොත්තු වෙමි-----


Tuesday, November 13, 2012

වයස 14+ කෙල්ලන් & 18+ කොල්ලන්ට පමණයි --> 2


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පළවෙනි කොටස කියවපු නැති අය ඒ කොටසත් කියවල මේක කියෙවුව නම් තමයි හොඳ... මෙන්න ---> 1 කොටස

....................................ඊට පස්සෙ පහු වෙලා කවුරු හරි කියපු දේවල් අහල හෝ වෙනත් කාගෙ හරි භාහිර බලපෑම් මත හෝ එහෙමත් නැත්නම් තමන්ටම ඇති වෙන ආසාවක් මත,  ඇත්තටම තේරුම් අරන් හෝ නැතුව හෝ තේරුම් ගත්තු බවක් අඟවල අන්තිමේදි අර කොල්ලව අමාරුවෙ දානව..(එක්කො; අයියෙ මේක ආදරේ නෙමෙයි... අපි මේක නවත්තමු, අයියෙ මේකට ගෙදරින් කැමති වෙන එකක් නෑ අයියෙ.. මට දැන් තේරෙනව ගෙදරට පිටින් යන්න බෑ කියල මට.. අයියෙ මට සමාවෙන්න, අපි අතරෙ හැමදාමත් වෙන්නෙ රණ්ඩු..මම හිතන්නෙ ඒ අපේ නොගැළපීම නිසා වෙන්න ඇති. තව තව කල් අපි මෙහෙම ඉඳල ඉටු නොවෙන බලාපොරොත්තු තියන් ඉන්නවට වඩා ලොකු දුකක් විඳල හරි අපි වෙන් වෙමු..ඒක අපි දෙන්නටම හොඳයි වගෙ.. දෙපැත්තටම සාධාරණ.. බොහොම කපටි විදියට... හිත් රිදෙන්නෙ නැති බිඳෙන්නෙ නැති විදියට වෙන් වෙන්න ඕන පසුබිමයි බාසාවයි දාල වෙන් වෙයි ).........
             අන්න එදාට කෙල්ලට ඒකෙ අරුමයක් නැති වෙයි. අඩු ගානෙ හිතට දැනෙන්නෙවත් නැති වෙයි. සමහර විට වෙන යාලුවෙක් එක්ක කතා කර කර සතුටු වෙනකොට තමන්ට ගොඩක් ආදරේ කෙනෙක් ඉන්නව නේද../..ආදරේ කරපු කෙනෙක් හිටිය නේද කියන එකත් අමතක වෙයි.. මොකද ඒක... ආදරේ... ඒක ආදරේම උනා නම් කෙල්ලෙක්ට/ කොල්ලෙක්ට තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව එහෙම දෙයක් කරන්න අමාරුයි.. කොයි තරම් උනත් වෙන කෙනෙක් තමන්ට ලං වෙද්දි තියා ලං වෙන්න හදනව කියල දැනෙනකොටත් ඒ කෙනා ගැන විකර්ෂණයක් ඇති වෙන්නෙ සැබෑ ආදරේ දි විතරමයි.....

             ඒ වගෙම තමන්ට ආදරේ කරන කෙනෙක් ඉද්දි තමන්ට වෙන කාටවත් ලං වෙන්න හිතට දැනෙන අකමැත්ත.. වෙන කෙනෙක්ට හුස්ම පොදක් වත් දැනෙනවට තියෙන අකමැත්ත.. ආසාවෙන් හෝ බලෙන්ම හෝ වගෙ වෙන කෙනෙක්ට ලං වෙන උත්සහ කරනකොට... වෙන කෙනෙක් ලං වෙන්න උත්සහ කරනකොට දැනෙන ඒ පිළිකුල් සහගත හැඟීම.. ඒ විකර්ශණය ඇති වෙන්නෙ....සැබෑම ආදරේදි විතරමයි... සැබෑ ආදරබර හදවතක් තුළ විතරමයි... අනික ඒක බලෙන් ඇති කරගන්න පුලුවන් දේකුත් නෙමෙයි.. උත්සහ කරල බලෙන් ඇති කරගන්න බෑ ඒ වෙන කෙනෙක්ට ලං වෙන හෝ වෙන කෙනෙක් ලං වෙනකොට දැනෙන ඒ අකමැත්ත... ඒක හද පතුලෙන්ම එනව ඔබ සැබෑවටම ආදරයක් කරනව නම්.... පැහැදිළි ඇති ඒක මම හිතන්නෙ.... නේද?

        මම මේක මේ ළඟකදි සිදු වෙච්ච සැබෑ සිදුවීමක් එක්ක උදාහරණයකට අරන් මෙහෙම පැහැදිළි කරන්නම්කො....
හිතන්න.. ඔයාට ඉන්නව ඔයාගෙ පංතියෙ හොඳ යාලුවෙක්.... එයා කෙල්ලෙක්... ඔයාගෙ හොඳම යාලුවෙක්... යාලුවෙක් විතරයි.. හොඳ ද.. ;) එයා කියනව ඔයාට "මම දැන් කපල් ඩාන්ස් එකක් ප්‍රැක්ටිස් වෙනව මෙතන බෝයි කෙනෙක් එක්ක" කියල.. එහෙම කිවුව කියල ඔයාගෙ හිතට කිසි විශේෂ... හෘදයාංගම හැඟීමක්... හිත රිදෙන ගතියක් ඇති වෙනවද...? නෑ නෙ.. ඔයා කියයි... "එල එල... තවත් කොල්ලෙක් අමාරුවෙ කියල" :පී

          දැන් අනිත් පැත්ත.. හිතන්න.. ඔයා කෙල්ලෙක්..... ඔයාට හරි ආසයි කොල්ලෙක් එක්ක ඩාන්ස් කරන්න.. ඔයාටත් ආදරේ කරන කෙනෙක්.. ආදර සම්බන්ධතාවක්... කොල්ලෙක් නෑ.. ඉතින්... ඔයාට ඕන ඔයාගෙ ගොඩක් දේවල් කියන යාලුවට මේකත් කියන්න.. මෙහෙම අවස්ථාත් ලැබෙනව කියල එයාට පේන්න කියල දාන්න... එයා මොනවද ඒ ගැන කියන්නෙ කියල එහෙම බලන්න... ;)

          දැන් ඒකෙම අනිත් පැත්ත.... ඔයා කෙල්ල... ඔයාට ආදරවන්තයෙක් ඉන්නව...ඔයාට මෙහෙම අවස්ඨාවකට මුහුණ දෙන්න වෙනව... ඔයාට සිද්ධ වෙනව ඔයාගෙ යාලුවෙකුත් එක්ක එදාම අඳුනගත්තු  කොල්ලො ටිකක් එක්ක යුගල නර්තනයකට සහභාගී වෙන්න.. ඔයාට බෑ කියන්න පුලුවන් උනත්.. මොකක්දෝ හේතුවක් නිසා බෑ කියා ගන්නත් බෑ... ඒ වගේම ඔයා හරි ආසයි එයාල ඇහුවම ඔයාට බෝයි කෙනෙක් නෑ කියල කියන්නත්... ඒ ඇයි කියන එක ඔයාටවත් තේරුම්ගන්න බෑ... (ඒත් ඕනම කොල්ලෙක් යටි අදහසකුත් සහිතව ඊටත් වඩා තමන්ගෙ යුතුකමක් විදියට ඔය වගෙ අවස්ථාවලදි කොල්ලෙක් ඉන්නවද කියන එක කෙලින්ම අහනව... ඒක අනිවා වෙන දෙයක්...)  ඒ අතරෙ ඔයාට මතක් වෙනව.. ඔයාගෙ ආදරවන්තයව... වෙලාවකට හිතෙනව ..ආදරවන්තයෙක් නෑ කියල කිවුවට... එයාලට පේන්න මැසේජ් කරන්න ඕන බෝයි ට.. එයාලට නිකම් ඇඟවෙන්න අරින්න..හරියට එයාලට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල ඉන්නව වගෙ මටත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියල...

       ආයෙමත් ඔයාගෙ හිත වෙනස් වෙනව... එක්කො ඕන නෑ... මම කොල්ලෙක් නැති ගානටම ඉන්නව කියල.... ඔයාට ඩාන්ස් කරන්න ආසාවත් තියනව...ඒත් ආස නෑ වගෙත් දැනෙනව... මොකද ඔයාට චුට්ටක් ඔයාගෙ ආදරවන්තයවත් මතක් වෙනව... එයාට තුරුලු වෙනකොට දැනෙන... අමුතු ගතියත් මතක් වෙනව..
         ඒත් ඊට වඩා ඔයාට මේ අලුත් කෙනාව අත්හදා බලන්න තියෙන ආසාව වැඩියි..ඔයාට හිතනව.. ඩාන්ස් කරන්න ඕන..කියල.. ඔයාට මොහොතක සතුට වෙනුවන්.. අමතක වෙනව ඔයාගෙ ආදරවන්තයව... ඩාන්සින් පාට්නර් එක්ක ඉන්න එකෙන් ලැබෙන සතුට උපරිමයෙන් බුක්ති විඳින්න...ආසාවකුත් ලාවට වගෙ ඔයාට ඇති වෙනව..

        ආදරවන්තය ඕක කරන්න එපා කිවුවත් (එයාට ඔතනට ඇවිත් ඔයා ඕක කරනවද නැද්ද කියල බලන බැරි බව දන්න නිසා) "නෑ මම ඒක කරන්නෙ නෑ අයියෙ" කියල බොරුවක් කියල හරි අර සතුට ලබන්න ඔයාගෙ හිත හැදෙනව.. ඒ වගෙම ඒ අතරෙ... ඔයාම ඔයාගෙ හිත සාධාරණීකරණය කරගන්න උත්සහ කරනව... "මොකො මම මෙයා එක්ක ඩාන්ස් කලා කියල.... මෙයත් එක්ක යාලු වෙනව යැ" කියල...

         ඒ සාධාරණ හිතත් එක්ක තව තවත් එයාට සමීප වෙලා සතුටින් ඉන්න ආසාවක් ඇති වෙනව... ඒ අතරෙ.. ඔයා දකිනව.. ඔයාගෙ ආදරවන්තයට වඩා.... එයාගෙ වෙනස්කම්... අත.. පය..ඇඟිලි වල සිනිදු හෝ රළු ගතිය.. ඇඟ... හැඩය.. ශක්තිය.... හිතට අල්ලන ගති ලක්ෂණ... එයාගෙ කතාව.. ඒ විලාශය.. හැඩ රුව.. වැඩ කරන විදිය එහෙම....

         ඔක්කොම ඉවර උනාට පස්සෙ... අර අඳුනගත්තු යාලුවොත් ගියාට පස්සෙ.... ඔයාට මතක් වෙන්නෙම .... ඔයාගෙ.. ආදරවන්තයව නෙමෙයි... අර විශේෂ පුද්ගලයව... ඒ දැනුන හරි අමුතු හැඟීම්... අමුතු ආසාවල්... එයාගෙ විශේෂතා.. අමුතු දේවල්....මේ වෙනකොට කොටින්ම ඔයාටවත් නොදැනිම ඔයාගෙ ආදරවන්තයව දුරින් දුරට යනව.. මොහොතකට හෝ මේ දේවල් කල්පනා වෙන... මතක් වෙන වෙලාවෙදි ආදරවන්තයව අමතකත් වෙනව...

       ඒ අතරෙ ඔයාට මහ අමූතු බය හිතෙන.. පාලු.. තනිකමක් දැනෙනව.. ඔන්න ඔයාට ආයෙ ඔයාගෙ ආදරවන්තයව මතක් වෙන මොහොත. කවූරුවත්ම ළඟ නැතුව.. වෙන කවදටත් වඩා තමන් ගොඩාක් තනියම.. කවුරුවත්ම නෑ.. තමන් තනි වෙලා කියල ලොකූ දරාගන්න බැරි තනිකමක් දැනෙන මොහොත.... ඒත්.... දැන් හිත ඇතුලෙ අර පුද්ගලයත් ඉන්නව... ඔයාට ඕන දැන් ඒ දැනුන... කරපු කියපු දේවල්... ඒ හැම දෙයක්ම ආදරවන්තයගෙන් හංගන්න....කොටින්ම ඒ පුද්ගලය ගැන ආදරවන්තයට කියල තිබුනට.. එයා තවත් එක් පුද්ගලයෙක් විතරමයි කියල ආදරවන්තයට ඇඟවෙන්න ඇරල... එයාට හොරෙන් අර පුද්ගලයව තව අධ්‍යයනය කරල බලන්න....

           ඔයා ඒකට මොකක් හරි බොරුවක්... හෝ මොකක් හරි සාධාරණ හේතුවක් හොයාගන්නව.... ඔයාට...ආදරවන්තයගෙන් වහං වෙලා... අර පුද්ගලයට... ටිකක් සමීප වෙලා බලන්න... අන්න එතනින් අලුත්ම සිද්ධිය පටන් ගන්නව... මොකද තමන් ඇත්තටම ආදරේ කලා හෝ නොකල හෝ ඒ කොල්ල කරන්නෙ අපි කියනව වගෙ සිරා ආදරයක්.. ඉතින් "ඒකා"ට ඔයාගෙ හැම පුංචි වෙනසක්ම.. කොටින්ම ඔයාගෙ සිතුවිල්ලක වෙනසක්. කතාවෙ වචන වෙල පුංචි වෙනසක් පවා හොඳට දැනෙන නිසා...ඒ අලුත් වෙනසත් එක්ක අලුත්ම සිද්ධිය ඌට හොඳට දැනෙනව...

          දැන් මේ මොහොත වෙනකොට.... ඔයාට දැනෙනව.... ඔයාගෙ ආදරවන්තයට වඩා අර පුද්ගලය ඔයාට සමීපයි වගෙ ගතියක්... එයා ඔයත් එක්ක නිතරම සම්බන්ධ වෙලා ඉන්න උත්සහ කරන ගතියක් දැනෙනව... එයා ඔයා ගැන උනන්දු බවක් පෙන්නන බව දැනෙනව... ඒ අතරෙ. ඔයාට.. ඒ වැඩ වලටත් බාධා කරමින් ඉන්න.. ඔයාගෙ නිදහස එයාගෙ සීමාවෙන් පිට යන්න නොදී හිරකරගෙන ඉන්නව වගෙ ඔයාට පේන....  ඔයාගෙම ආදරවන්තය එක්ක ඇති වෙන පුංචි විකර්ශනයත් එක්ක... ඔයාට එයා කරන හැමදෙයක්ම වරදක් වගේ පේන්න ගන්නව ටිකින් ටික... ඔයාගෙ හිත රිදවීමක් වගෙ දකින්න ගන්නව... ඔයාට කේන්ති යන හේතුවක් විදියට පේන්න ගන්නව ආදරවන්තය
යි.. එයා කරන වැඩයි... (ඔයාට තේරෙන්නෙ නෑ ඇයි එයා එහෙම කරනෙ කියල... ඒත් ඔයාටත් ඔඩා හොඳින් එයා දන්නව ඇයි එසේ කළයුත්තෙ කියල..) ඒ කේන්ති යන්න යන්න...ඩාන්ස් කරපු කෙනා හොඳයි මූ වගෙ මගෙ හිත රිදවන්නෙ නෑ... මම අකමැති දේවල් කරන්නෙත් නෑ... ඒකයි මේකයි කියල හිතෙන අතරෙ ඔයාටත් නොදැනිම ඒ කෙනා සමීපම වෙලා ඔයාට ආදරවන්තයටත් වඩා.. (ඒත් තවම ඔයා එයා ගැන හරියට දන්නෙත් නෑ.. එයා මීට වඩා ඔයාට රලු වෙයි ද දන්නෙත් නෑ.. මොකද ඔයා එයාගෙන් සතුට ලැබෙන විදිය විතරමයි දැක්කෙත්)

        මේ වෙනකොට ඔයාට ඔයාගෙ ආදරවන්තය උවමනා නෑ.. එයාගෙන් ලැබෙන ආදරේ කරුණාව.. සොයා බැලීම වගෙ එයාගෙන් ලැබෙන දේවල් උවමනාත් නෑ... ඒකමයි හිතේ වැඩ කරන්නෙ....
            අර කතාවට කියන වගෙ නොකෙරෙන වෙදකමට කෝඳුරු හත් පට්ටයකුයි තවත් චුට්ටකුයි ඕන වගේ... ඔයාගෙ ආදරවන්තය මොන දේවල් කිවුවත්... ඒ හැමදෙයක්ම නොගැළපීම් ම වෙනව... ඔයාට ඕන අර අලුතෙන් හම්බ උනා කෙනාව තමන්ගෙ ආදරවන්තය කරගන්න මත් නෙමෙයි... (ඒත් ඔයාවත් දන්නෙ නෑ ඔයාගෙ යටි හිතේ එහෙම බලාපොරොත්තුවක් තියෙන නිසයි ඔයාගෙ උඩු හිතෙන් මේ විදියට හැම දෙයක්ම මෙහෙයවන්නෙ කියල..) ඒත් එයාට තව ටිකක් සමීප වෙන්න පුංචි ආසාවක් නැතුවමත් නෙමෙයි... කෝමහරි ඔයාට.... දැන් ඕන කෝම හරි ඔයාගෙ ආදරවන්තයගෙන් වෙන් වෙන්න....
"ඊට පස්සෙ පහු වෙලා කවුරු හරි කියපු දේවල් අහල හෝ වෙනත් කාගෙ හරි භාහිර බලපෑම් මත හෝ එහෙමත් නැත්නම් තමන්ටම ඇති වෙන ආසාවක් මත ඇත්තටම තේරුම් අරන් හෝ නැතුව හෝ තේරුම් ගත්තු බවක් අඟවල අන්තිමේදි අර කොල්ලව අමාරුවෙ දානව...."

         මෙන්න මෙතනදි කියපු අර (තමන්ට ඇති වෙන වෙනත් ආසාව නිසා) අමාරුවෙ දාන්න වස්තුබීජය වෙච්ච ඇත්තම හේතුව පිටට දාල තමන් නරක කෙනා වෙලා ප්‍රශ්නෙ අත ඇරුනොත් වැරදිකාරය වෙන්නෙ තමන්.. ඒ වගෙම... ඒක ආදරවන්තය දැනගත්තම.. සිද්ධ වෙන්න ඉඩ තියෙන... සිදුවිය හැකි දේවල්... ඔයාට හොඳට මැවිල පේනව.... අන්න එහෙම වෙලාවල් වලදි සමහර විට හොඳ විදියට නොවිසඳුන නිසා කොල්ල පිස්සු වැටිල කරන්න පුලුවන් දේවල් ගැන කලින් පෝස්ට් එකේ මම දැම්ම නෙ.. ඒ වගෙ දේවල් ගැනත් ඔයාට පොඩි බයක් ඇති වෙනව.. සිද්ධ වෙන්න පුලුවන් දේවල් ගැන ලොකු බයක් ඇති වෙනව....


       මේක හොඳ විදියට විසඳෙන්න... ඊට පස්සෙ ඔයාට ඕන සාධාරණ හේතුවක්...සමහර විට... "දෙමවුපියො" ඔයාට මතක් වෙයි.. සමහර විට... "මොනව උනත් මට මගෙ අම්මගෙ තාත්තගෙ... අයියගෙ අක්කගෙ.. නැන්දල මාමලගෙ... බලාපොරොත්තු බිඳින්න බෑ අයියෙ.. ඒ දවස් වල මට ඒක් නොදැනුනට මම වෙනුවෙන් එයාල මහන්සි වෙන හැටි දකිනකොට මට දැන් ඒක හොඳටම තේරෙනව අයියෙ" කියල.... ඔයා කියයි... සමහර විට... "මට ඉගෙනගන්න එකයි ආදරෙයි බැලන්ස් කරගෙන කරගන්න බෑ අයියෙ... ඒ නිසා අපි ඒව ඉවර වෙනකම් මේක නවත්තමු...." කියයි ඒ වගෙ මොකක් හරි සාධාරණ හේතුවක් ඔයා හොයාගනීවි....

           ඒත් මෙච්චර කල් ආදරෙන් ඉන්න.. ආදරෙ කරන්න... ප්‍රශ්නයක් උනෙ නැති දේවල්..... ටිකින් ටික කාලයත් එක්ක හෙමින් හෙමින් ප්‍රශ්න බවට පත් උනා නම් ඒක සාධාරණ බව හිතාගන්න තිබුන... ඒත්... කවද හරි මම එන්නෙ ඔයා ලගටමයි කියල කියපු, ඔයා ඇරෙන්න මට වෙන කවුරුවත් ඕන නෑ කියල දිවුරපු කෙනෙක්ට අර කලින් කියපු දේවල් ආදර සම්බන්ධයට එක පාරටම ප්‍රශ්නයක් උනාම.... ඒක සාධාර
ණ තර්කයකින් තොරව.... පිලිගනීවි කියල හිතනවද ආදරවන්තයෙක්...? අනික ඒක ඇත්තම හේතුව උනා නම්... ඔයාට ආදරවන්තයගෙන් හංගන්න දේවල් තියෙයි කියල හිතනවද ඔයා එයාට ඇත්තටම ආදරෙයි නම්...??  ආදරවන්තයට ඒ වෙනස නොදැනෙනවයි කියල හිතෙනවද?
එහෙම හිතෙනව නම් එහෙම හිතෙන්නෙ ඇත්තටම ඔයා එයාට ආදරයක් කරල නැති නිසයි කියන එක ඔයාට පිළිගන්න වෙනව නේද?

------------------------------------------------------------------------------------------------------------------
කවමදාවත් ආදරේ නිසා කිසිම කෙනෙක්ගෙ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්න එපා. ආදරෙ කියන්නෙ ඕනම කෙනෙක්ගෙ ජීව්තය වගෙ තමයි... එහෙම උනාම තමන්ගෙ ජීවිතෙත් සෙල්ලමක් වෙනව කවද හරි...කාට හරි....
-------------------------------------------------------------------------------------------------------------------

ප.ලි. - මේ කතාව හැම කොල්ලෙක්ටම/ හැම කෙල්ලෙක්ටම අදාල නොවේ... මා මේ කතා කරන්නෙ ඒ අතර සිටින එක් ආකාරයක කොටසක් පිළිබඳව මිසක සියළු අය පිළිබඳව නම් නොවේ... මෙහි මා කතා කරන්නේ සියළු කෙල්ලන් හා කොල්ලන් ගැන යැයි වරදවා වටහාගෙන අදහස් පළ නොකරණ ලෙස කාරුණිකව ඉල්ලා සිටිනව..

මුලදී කීවාක් මෙන්.. හොඳ අයද බොහෝමයක් සිටිත්... ඒ වගේම නරයක අයත් බොහෝමයක් සිටිත්... එකම කාණ්ඩයක වුවත් විවිද සිතුම් පැතුම් ඇති අය සිටිත්...
එහිත් සුලුතරයක් (එහෙම හිතනව මම) වු කොටසක් ගැන මෙහි කතා කර තිබෙත්..

Monday, October 29, 2012

18ට අඩු ආදරවන්තියන්ට සහ 18ට අඩු ආදරවන්තියන් ඉන්න 18ට වැඩි ආදරවන්තයන්ට ==> 1
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ --> මෙතනින්
කෙල්ලො නරක නෑ හැමෝම... නරක අයත් ඉන්නව....මම මේ කියන්නෙ එහෙම නරක අය ගැන නෙමෙයි.. ඒත් පසුකාලීනව නරක වෙන්නෙ මෙහෙම කෙල්ලො තමයි කියන්නත් මගෙ අත්දැකීම් තියෙනව.....හොඳ අයත් ඉන්නව...  මේ එයාල ගැන...

එයාලටම එයාලව තේරුම්ගන්න බැරි... එයාලටම එයාල ගැන තේරෙනෙ නැති.. එයාලටම එයාල බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න බැරි.. කොයි තරම් ඒක කියල දෙන්න හැදුවත් තේරුම්ගන්නෙ නැති අය ගැන(සමහර විට අර කියනවත් වගේ ඉන්න විසේකාර වයස නිසා ටිකක් තේරුම්ගන්න අමාරු කාලෙ නිසා වෙන්නත් ඇති.) එහෙම අය ආදරේ කියන දේ වැරදියට තේරුම්ගන්නව... කොල්ල ආදරේ කරනව.. තේරුම් කරල දෙන්න හදපුවම පිළිගන්නෙ නැතුව.... ආදරවන්තය එහෙම කියා දෙන්න හදනකොට... එයා එහෙම කරන්නෙ ආදරවන්තියගෙන් වෙන් වෙන්නයි කියල ආදරවන්තිය හිතල.. ඒ ගැන ආදරවන්තය එක්ක රණ්ඩු වෙන නිසා... කොල්ලොත් හිත රිදවන්න අකමැතිකමට ආදරේ කරනව. එයාල අදරේ කරන්නෙ ඇත්තටම... ඒත් කෙල්ල ආදරේද කරන්නෙ කියල ඒ කෙල්ලටවත් තේරුම්ගන්න අමාරුයි...

           ඊට පස්සෙ පහු වෙලා කවුරු හරි කියපු දේවල් අහල හෝ,

වෙනත් කාගෙ හරි භාහිර බලපෑම් මත  හෝ,
              එහෙමත් නැත්නම් තමන්ටම ඇති වෙන ආසාවක් මත හෝ,
      ඇත්තටම තේරුම් අරන් හෝ නැතුව හෝ තේරුම් ගත්තු බවක් අඟවල අන්තිමේදි අර කොල්ලව අමාරුවෙ දානව..
(එක්කො; අයියෙ මේක ආදරේ නෙමෙයි... අපි මේක නවත්තමු, අයියෙ මේකට ගෙදරින් කැමති වෙන එකක් නෑ අයියෙ.. මට දැන් තේරෙනව ගෙදරට පිටින් යන්න බෑ කියල මට.. අයියෙ මට සමාවෙන්න, අපි අතරෙ හැමදාමත් වෙන්නෙ රණ්ඩු..මම හිතන්නෙ ඒ අපේ නොගැළපීම නිසා වෙන්න ඇති. තව තව කල් අපි මෙහෙම ඉඳල ඉටු නොවෙන බලාපොරොත්තු තියන් ඉන්නවට වඩා ලොකු දුකක් විඳල හරි අපි වෙන් වෙමු..ඒක අපි දෙන්නටම හොඳයි වගෙ.. දෙපැත්තටම සාධාරණ.. බොහොම කපටි විදියට... හිත් රිදෙන්නෙ නැති බිඳෙන්නෙ නැති විදියට වෙන් වෙන්න ඕන පසුබිමයි බාසාවයි දාල වෙන් වෙයි )

         මෙන්න මෙතනදි ආදරවන්තයො වගෙම ආදරවන්තියොත් තේරුම්ගන්න ඕන හොඳට... තමන්ට තේරුම් යන කාලෙට හෝ තමන්ට වෙන කෙනෙක් ළඟට යන්න ආසාවක් ඇති වෙන කාලෙකට හෝ තමන් යාලු වෙලා ඉන්න කෙනාගෙ ධනය බලය තත්වය ලස්සන කොයි තරම් අඩුද කියල පැහැදිළිව පේන කාලෙට හෝ...... ආදර සම්බන්ධතාවය නවත්තල එක පැත්තක් වලට ඇදල දාල අමාරුවෙ දාන්න... ඒ පැත්තෙ ඉන්න කොල්ල හෝ කෙල්ල ඔයාලට ඕන විදියට සෙල්ලම් කරන්න..ඕන වෙලාවට ලං වෙන්නයි එපා වෙලාවට ඈත් වෙන්නයි පුලුවන් තමන්ගෙ සෙල්ලම් බඩු නොවන වග!! ඒවත් තමුන් වගෙම හිත පිත් තියෙන ගැඟීම් දැනීම් තියෙන වටිනා ජීවිත මිසක තමන්ගෙ අත පල්ලෙන් වැටුන සෙල්ලම් බඩු නොවන බව...

       අද ගෑණු ලමයින්ට සිද්ධ වෙන බොහෝමයක් අපරාධ වලට ප්‍රධානම හේතුව මේක බව මට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනව... ඔප්පු කරන්නත් පුලුවන්.... තමන් ගොඩාක්ම ආදරේ කරපු තමන්ගෙ දුක සැප බෙදාගත්තු නිතරම තමන් එක්ක හිටපු කෙල්ලට පිහියෙන් කොටල මරන්න.. එයාගෙ ෆොටෝස් අන්තර්ජාලයට එකතු කරන්න.. වීඩියෝස් අන්තර්ජාලයට එකතු කරන්න...හෝ එහෙම කරන බවට තර්ජනය කරන්න...එහෙම කරල කෙල්ලගෙ චරිතය සම්පූර්ණයෙන්ම විනාස කරල තවත් කොල්ලෙක්ට ඒ කෙල්ල දිහා බලන්නවත් නොහිතෙන විදියට වැඩ සිද්ධ කරන්න.... කෙල්ලව උස්සන් ගිහින් දූෂණය කරල මරල දාන්න.... මේ කියපු දේවල් වලටත් වඩා දේවල් පවා.. තම්න්ගෙ ආදරවන්තියගෙන් මේ තරම් පළිගන්න... ඔයාලට හිතෙනවද කොල්ලොන්ට මානසික රෝග කියල?? නෑ... ඔය හැම කොල්ලෙක්ම වගේ (ඔක්කොම නෙමෙයි) ඔය සිද්ධි වලට කලින් හරිම ලස්සන හොඳ විදියෙ ජීවිත ගත කරපු අය. ඕන නම් ඔයාලත් හොයල බලන්නකො... එයාලව රවටල එයාලගෙ ජීවිත එක්ක සෙල්ලම් කරල එයාලව මානසික රෝගියො වෙන්න තරම් අසාධාරණයක් කරපු අය ගැන හොයල බලන එක සාධාරණැයි කියලයි මම නම් දැනටත් කියන්නෙ...

             මේ කිවුවෙ කොල්ලොන්ගෙ පැත්තෙන්... කෙල්ලොන්ගෙ පැත්තෙනුත් මේක මේ වගෙමයි.. අහිංසක ලස්සන ජීවිත ගත කරපු කෙල්ලෙක් තමන්ගෙ ආදරවන්තයගෙ අලුත් ආදරවන්තියගෙ දුරකතන අංකය හොයාගෙන කුණුහරපෙන් බනින්න තරම් ඒ හිත් දරුණු වෙන්න... කොයි තරම් දෙයක් ඒ හිත් වලට වෙන ඕනද?
           මතක තියාගන්න ආදරේ කරන දරුවනේ... "ආදරයයි වෛරයයි අතරෙ තියෙන්නෙ  කෙස් ගහක පරතරයකි" කියලත් ලොකූ කතාවක් තියෙනව කියන එක...
 

එක ඔප්පු වෙන අවස්ථාත් ඔයාලගෙ ජීව්ත වලට ලැබෙන්න ඉඩ තියෙන බව...!!

හොඳ ආදරවන්තයො ආදරවන්තියො ඉන්නව.. එයාල මොනව උනත් එයාලගෙ ආදරෙන් පළිගන්නෙ වෛර කරන්නෙ නෑ. ඒත් ඒ බෝම සුළු පිරිසයි....


 බහුතරය එහෙම නෑ කියල හොඳට මතක තියාගන්න ඕන...!

මේ කොටසට වැටෙන අදහස් නිගමනයෙන් අනතුරුව මෙම කතාවෙහි මීළඟ කොටස ලබන සතියේ..... මොකද ඔයාල හිතන්නෙ මේ ගැන?





---සියල්ල සත්‍ය සිදුවීම් ඇසුරිනි---

Friday, October 12, 2012

සඟවා ගනු මැන...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

http://www.google.lk/imgres?start=182&hl=en&biw=1366&bih=664&addh=36&tbm=isch&tbnid=FoSWiWQ6dASRMM:&imgrefurl=http://madhava.com/photo/atlantic2002/halifax_wedding/page3.html&docid=gciE1MUTVlmXVM&imgurl=http://madhava.com/photo/atlantic2002/halifax_wedding/couple_dance.jpg&w=1200&h=1600&ei=N5V2UMdLgfCtB_TngMAP&zoom=1&iact=hc&vpx=461&vpy=145&dur=751&hovh=259&hovw=194&tx=121&ty=105&sig=116697186571833687551&page=7&tbnh=146&tbnw=96&ndsp=30&ved=1t:429,r:24,s:182,i:81
"සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි..
මා හද බිය වී..
සැළී සැළී යයි..."


අම්මියෝ... නිකම් පපුවට ඉඳිකටු වලින් අනිනව වගෙ...
හැම වෙලේම හැම දෙයක්ම ගැන හිතින් මවා ගන්න මට ඒකත් මැවිල පේනව..  උඩ ගිහින් පොළවට වැටෙන අළු බිඳිති දිහා බලාගෙන තනිකම - යතාර්ථය වගෙ දේවල් ගැන පැය ගාණක රසවත් දීර්ඝ මනෝභාවයන් මවන මට.. ඒකත් මැවිල පේනව...

පුරුදු වෙන හැටි...
ඇසට ඇස හමුවෙන විදියට....
අතින් අල්ලන්.... දෑත් පටලවන්...
අනිත් අත..  නාභියට ආසන්නෙ ඉනෙහි තවරාන...
විටෙක..
සුසුම් සුවඳ දැනෙන...
හද ගැස්ම ඔවුනතර.... දැනෙන තරමට සමීපව...

මේ එකින් එක මැවෙන මගෙ හිත තුල.... හරියට.. චිත්‍රපටියක් වගෙ...අම්මියෝ... තව කිවුවොත් නම් මගෙ පපුව හිර වෙලා මැරෙයි වගෙ.. :ඩී 
ඒ මගෙ හැටි.... මගෙ ලිවීම් වගෙම මගෙ ගොඩක් දේවල් වලදි (මම කරන කියන දේවල්)මම හිතින් ඒ අනුරුවවල් චිත්ත රූප ඒ ලෝක මවා ගන්නව.

"මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයක ඔබ සඟවා තබනෙමි...
හිරු රැස් බිඳැකුදු ඔබෙ රුව දුටු සඳ...
ඉරීසියාවෙන් පිරැවෙයි මා හද..

සඟවා ගනු මැන..."

                කවුරු හරි පපුවට ඉඳි කටු වලින් අනින කොට ඔයාම ඔයාගෙ වම් අතේ මහපොට ඇගිල්ලෙ අඟල් බාගයක් විතර දිග නියපොත්ත අනිත් අතින් උඩට ඇදල වෙර දාල හමෙන් නියපොත්ත ගලවල ගන්න හදනකොට...  අන්න ඒ වගෙ වගෙයි ඒ වේදනාව මටත් දැන් දැනෙන්නෙ.....
                එහෙම ගලෝල ගත්තම නියපොත්තට යටින් ගැහි ගැහි තියෙන ලේ පිරිච්ච මස් වැදැල්ල දකිනකොට දැනෙන අප්පිරියාව... කලන්තෙ වගෙ ගතිය.. ඔක්කාරෙට එනව වගෙ දැනෙන ගතිය... තමයි මටත් දැන් දැනෙන්නෙ....


"සොමි සඳවත ලෙස රුසිරු නොවී නම්...
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත..
එනමුදු ඊයේ මට පෙන්වූ රුව...
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත...

සඟවා ගනු මැන.."


ඒත්....
තවමත්.. මට වමනෙ ගියෙ නෑ..... කලන්තෙ හැදුනෙ නෑ.... ලේ බිඳක් වත් ඇඟෙන් එළියට ආවෙ නෑ....
පුදුමයි....  මට ඒක දරාන ඉන්න පුලුවන් වෙලා...  දරාගෙන ඉන්න පුලුවන් කියන්නෙ???

මම ඉස්සර තරම් ආත්මාර්ථකාමී නෑ... මම ටිකින් ටික.... එහෙම වෙන එක අඩු වෙලා.... මට... කරන්නම අමාරු දේවල් උනත්.... කරන්න පුලුවන් වෙලා.... ඒ විශේෂ කෙනෙක්ගෙ සතුට වෙනුවෙන්... මගේම සතුට වෙනුවෙන්ම ගොඩාක් දුක දරාගත්තු... මම වෙනුවෙන්ම මගේ සතුට වෙනුවෙන්ම ගොඩාක් කැපකිරීම් කරපු... ඔයා වෙනුවෙන්..... ඔයාගෙ සතුට වෙනුවෙන්... මට ගොඩාක්ම දුක හිතෙන... මට ගොඩාක්ම වේදනාකාරී දේවල්... දරාගන්න පුලුවන් වෙලා... ඔන්න දැන් නම්... මට හිතෙනව... ඔයා කරපු දේවලුත් එක්ක... මමත් අපෙ ආදරේ වෙනුවෙන්... සාධාරණයක් කරල තියෙනව කියල.... සතුටුයි මට..


ඒ හැම දේකටමත් වඩා..... හැම දෙයක්ම ඔයා මට කියන එක... ගැන ගොඩාක් සතුටුයි මට..... මම අද මේ වගෙ දේකදි වගෙම හැම දේකදිම මම සතුටු වෙන්නෙ අන්න එ නිසා කියල මට හිතෙනව...


පරිස්සමට.. ඕක දුරදිග යන්න පුලුවන් මානසික රෝගයක් ලු... ;)
මානසික රෝගයක් කියන්නෙ... මෙහෙම දරාගන්න බැරි වීමේ මානසික රෝගයකුත් තියෙනවලු!!

මොනව උනත්... රස විඳින්න පුලුවන්.. ලස්සන සිංදුවක්.. ගොඩක් අය රස වින්දලත් ඇති මේ වගේ දේවල් ගැන එම වෙනකොට.. ඒත් ඉතින්.. ඕව එලිපිට කියන්න ලැජ්ජයි ලු නෙ.. ඔහොම ඉවසන් ඉන්න බෑ කියල කියන එක.. ;) බැරි වෙලාවත් මානසික රෝගියෙක් කියල හංවඩු ගැහුවොත් එහෙම.. නේද?
:ඩී

අහල බලන්නකො සිංදුව.... හරිම ලස්සනයි.... ===> මෙන්න


කෑම පැය වෙලේ ටිකක් හදිසියෙන් ලිවුවෙ... කියවනකොට සීග්‍රගාමී දුම්රියක් වගේ දැනුන නම් සමාවන සේක්වා...

පලි - ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය.... ඔහුගේ/ඇයගේ යහලුවන් සමඟ උත්සවයකදී සතුටු වන අවස්ථාවක... එක්වරම ඔහු හෝ ඇය මිතුරන් සමඟ යුගල නර්තනයක (කපල් ඩාන්ස් -කොල්ලයි කෙල්ලයි) යෙදීමට සූදානම් වන බව හෝ යුගල නර්තනයක යෙදෙන බව හෝ සහකරුවෙකු සමග යුගල නර්තනයක් පුහුණු වන බව හෝ ඔබට දැනගන්නට ලැබුණු විට ඔබත් මා මෙන් අයෙක් නම් ඔබගේ සිතුවිලි දාමයන් ද (චිත්ත වීදි) එම මොහොතේ... මීට සමාන විය හැක.... ඔබටත් මෙවන් සිතුවිලි ඇති විය හැක.......

අත්දැකීම් තිබේ ද????
;)

Friday, September 28, 2012

අප සරණයි නේහ්?


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                මම 12 වසරෙ ඉන්න කාලෙ මම ප්‍රධාන විෂයන් තුනටම අමතර පංති ගියා. ඒත් ඒ අවුරුද්ද ඇතුලත කවමදාවත් උදේ වරුවෙ ඉස්කෝලෙ නොයා පංති එන්න වෙන විදියට උදේ වරුවෙ අමතර පංති දාල නෑ කිසිම අමතර පංති ගුරුවරයෙක්. උසස්පෙළ පළමු වසර තුළ උදෑසන පාසල් කාලය අවහිර වන පරිදි පෙ.ව.8 සිට ප.ව.2 දක්වා පංති දැමීම කිසිදු අමතර පංති ගුරුවරයෙකු විසින් සිදු නොකරන දෙයක්!!! ඒක සාමාන්‍ය සිරිතක් වගේ. කොහොමත් පළමු වසර තුළ එහෙම පංති දැම්මොත් ළමයි එන්නෙ නැති බව එයාල දන්නව . මොකද උසස්පෙළ පළවෙනි අවුරුද්ද පැමිණීම අනිවාර්යයෙන්ම බලනව. ඒක ඔනෑම උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක් දන්නව. අනික එහෙම ඉස්කෝලෙ නොයා පංතිය යන්න බයයි... බැරිම වෙලා වත් මම 12 වසරෙ ඉද්දි මට එහෙම පංතියක් වැටුන නම් අපේ අම්මල තාත්තල කීයටවත් එදාට ඒ පංතියට යවන්නෙ නෑ. ඉස්කෝලෙ යන්න.. ගිහින් ඉස්කෝලෙ ඇරිල ඕන නම් ඒ පංතියට යන්න.. එහෙම බැරි නම් ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්න කියල තමයි එයාල කියන්නෙ. ඒත් මම කෝම හරි නාහෙන් අඬල හරි පංති යන්න ගෙදරින් අවසර ගත්ත නම්, එදාට අපෙ අම්ම හරි තාත්ත හරි එනව මගෙත් එක්ක, කවුද මේ සතියෙ දවසක ඉස්කෝලෙ කට් වෙන විදියට පංති දාපු ගුරුවරය කියල බලන්න....යි මම පංතියට යනවද කියල බලාගන්නත් එක්ක...

---හිතන්න ඒ කාලෙ අපේ අම්මලට තාත්තලට සමාජය ගැන තිබුන දැනුම අවබෝධය කොයි තරම් ද කියල.... Common sense එක?---

                   එහෙම දවසකට මාව තියා, අපේ උඩහ ගෙදර ඉන්න තනකොළ කපන මනුස්සයගෙ පුතාව වත් ඒ මනුස්සය යවන්නෙ නෑ පංති..!! ( ඌ එහෙම ගිය දවසක මාට්ටු උනා තාත්තටම :ඩී ) ඔන්න අපි නම් ගමේ. අපි සල්ලිකාර ලොකු තානාන්තර තියෙන ලොකු මිනිස්සුත් නෙමෙයි... :පී

     ඒ මම කොල්ලෙක් වෙලා අපේ අම්මලගෙ තාත්තලගෙ විමසිලිමත් බව... හොයා බලන බව... හිතන්න කෙල්ලෙක්ගෙ දෙමවුපියෙක්/භාරකාරයෙක් උනාම මීට වඩා කොයි තරම් සැළකි
ලිමත් වෙන්න ඕනද කියල...?

          එහෙම සතියෙ
දවසක ඉස්කෝලෙත් නොයවා සම්පුර්ණ දවසක පංතියකට (Full day class)යවන්න තරම්..?? එහෙම යන.. පංතිය.. තියෙන්නෙ කොහෙද? කවුද උගන්නන ගුරුවරය කියලවත් සොයා නොබලන්න තරම්?

        එහෙම යවල 5ට ඇරෙනවයි කියපු පංතියට ගිය තමන්ගෙ දුව, එක්කන් එන්න ගිය තාත්තට 6.30 වෙද්දිත් දුවව දකින්න වත් නොලැබුනාම...? පරක්කු නිසා පංතිය ළඟට ගියාම දුව වෙන පැත්තක ඉඳන් පංති ඇරෙන්න පරක්කු උනා කියාගෙන ළඟට එද්දි වත්..?


එතනදි මම ප්‍රධාන දුර්වල තැන් කීපයක්ම දකිනව..

* උසස්පෙළ පළමු වසර තුළ පාසල් කාලය තුළ (7.30-1.30) විශේෂයෙන්ම කිසිදු ප්‍රධාන නගරයක අමතර පංති නොපැවැත්වෙන බව (12 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා)නොදැනීම, ඒ පිළිබඳ අනවබෝධය...(ලෝකය සමාජය පිළිබඳ අවබෝධයක් නොමැතිකම, common sense නැති වීම )

* එසේ පංතියක් පැවැත්වෙන්නේ නම්, ඒ අදාල පංතිය පැවැත්වෙන ස්ථානය, අදාල ගුරුවරයා හා අදාල පංතිය පැවැත්වීමට හේතුව පිළිබඳ නොසැළකිලිමත් වීම. (කොහොමත් කලින් හේතුව missing නම් මේකත් missing නෙ :ඩී)

*5ට පංතිය අවසන් වන බව කී තම දියණිය 6 වන විටත් නොපැමිණෙන විට පංති පැවැත්වෙන ස්ථානයට ගොස් අදාල පංතිය නිම වීමට ප්‍රමාද වන හේතුව පිළිබඳව වත් සොයා නොබැලීම. අඩුම තරමින් අදාල පංතිය පැවැත්වෙන ස්ථානයට ගොස් ඒ අසල සිටින නිසි පුද්ගලයෙකුගෙන් වත් මේ වනතුරුත් පැවැත්වෙන පංතිය කුමක්දැයි සොයා නොබැලීම.

*6.30 වන විටත් තම දියණිය නොපැමිනීම නිසා පංතිය අසලට යන විට වෙනත් දෙසක සිට දියණිය පැමිණි විට, එසේ පැමිණෙන්නට හේතුව, අදාල පංතිය පැවැත්වුන ස්ථානය හා අදාල ගුරුවරයා පිළිබඳ විමසා එවෙලේවත් එම ගුරුවරයා හමු නොවීම.  විශේෂයෙන්ම උසස්පෙළ හදාරණ තරුණ දැරියකගේ පියෙක්.

* මේ සියල්ලටමත් වඩා තම දියණිය හදාරණ විෂයයන්, අදාල විෂයයන් සඳහා සහභාගී වන අමතර පංති, ඒවා පැවැත්වෙන ස්ථාන මෙන්ම එම අමතර පංති මෙහෙයවන ගුරුවරු පිළිබඳව ඇති ඉතා දැඩි අනවබෝධය... නොදැනීම... නොසැළකිලිමත් වීම.

* දියණිය අදාල දිනයේදි සහභාගී වූ අමතර පංතිය, පංතියේදී කරන ලද ඉගැන්වීම් පිළිබඳ දැනගැනීම සඳහා ඇති නිසි ක්‍රම්වේදයන් නොදන්නාකම. (අවම අවබෝධය, ලෝකය පිළිබඳ නොදැනීම මෙන්ම මේ සියල්ලටත් වඩා තම දියණිය පිළිබඳ නොදැනීම )

(රැකියාවක නියුතු වන මගේ පියා මසකට වරක් වත් මගේ අදාල පංති ප්‍රවේශපත්‍රය, මාගේ අදාල දිනයන් සඳහා වන සටහන් පරීක්ෂා කර ඇත... ඔහුට නොහැකි විට මෙන්ම මට හොරෙන්ද මාගේ මෑණියන් ඒ සියල්ල සිදු කර ඇත :ඩී....ඒ මගේ දෙමවුපියන්ගේ "නිසි ක්‍රම්වේදයන්" පිළිබඳ දැනීමය :ඩී )


------සත්‍ය සිදුවීමක් ඇසුරිණි-----


කොල්ලොන්ට නම් හරි වටිනව මේ වගෙ කෙල්ලන්ව? නේද?
ඒ උනාට....? පව් නේද අර අසරණ අම්ම තාත්ත?
හොඳ කොල්ලෙක්ට අහු උනොත් නම් හොඳයි...
ඒත්...
මම වගෙ කොල්ලෙක්ට අහු උනොත් නම්... අප සරණයි නේහ්? :ඩී

                    ඒ වගේම මේ කෙල්ලත් එක්ක යාලු වෙන කොල්ල කොයි තරම් බුද්ධියෙන් වැඩ කරන කොල්ලෙක් වෙන්න ඕනද මේ කෙල්ලව හසුරවන්න? මම කියන්නෙ හොඳ විදියෙ කොල්ලෙක් ගැන. මොකද බුද්ධිමත් කොල්ලෙක් නම් මම තේරුම් ගත්ත වගේ මෙන්න මේක තේරුම් ගන්නව මේ සිද්ධියෙන්, "මේ ලෝකෙ තමන් ගොඩක්ම ආදරේ කරන තමන්ව චූටි කාලෙ ඉඳල ලොකුමහත් කරල අවුරුදු දහ අටක්ම හොඳින් බලාගත්තු තාත්තට මෙහෙම කරන්න පුලුවන් නම් එයාට වෙන කෙනෙක්ගෙ ආදරයක් වෙනුවෙන්.., ඒ අවුරුදු දෙක තුනක ආදරයක් තියෙන වෙන කෙනාට ඔයිටත් වඩා කොයි තරම් දේවල් කරන්න පුලුවන් වෙයි ද?.. තාත්තට මෙහෙම නම්..?" ;) හෑහ් :@ මම බුද්ධිමත් ලු... ලොල්!!

මගෙ දැනුන විදියට නම් මම කරන්නෙ මෙන්න මෙහෙම දෙයක් -

  • ඉස්සෙල්ලම එයාගෙ අවංකකම මට පෙන්නන්න කියනව.
  • එයාට, මට පිටින් ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් මාර්ග හොයාගෙන එයාට නොදැනෙන්ඩ ඒ මාර්ග වලින් හුවමාරු වෙන දේවල් ගැන හොඳ සැළකිල්ලකින් ඉන්නව....
  • ඊට පස්සෙ හොඳ උපක්‍රමයක් යොදල එයාගෙ අවංකකම පරීක්ෂා කරනව.
  • (ඒ මොහොත වෙනතුරු එයා මට අවංකව කටයුතු කරල තියෙනව නම්... මගෙන් කිසි දෙයක් හංගල නැත්තම් හොඳයි. මට විස්වාසය තියන්න පුලුවන්. ඒත් අර දෙවෙනි කරුණ දිගටම කරනව.)
  • (එයා මගෙ විස්වාසය බිඳල තියෙනව නම්, එක වතාවක් හෝ දෙපාරක් සමාව දෙනව. ඒත් තුන් හතර පාරක් සමාව දෙන්න යන්නෙ නම් නෑ. )
  • මේ සියල්ල සිදු වෙනව වගේම ඒ මාර්ග වලින් හුවමාරු වෙන දේවල් මම දැනගන්න විදිය කෝමටවත්ම එයාට දැනගන්න අරින්නෙ නෑ.
  •  විස්වාසය තියන්න බැරි නම් ඒ හේතුවත් ඇතුළුව ප්‍රායෝගික නොවන හේතුවක් දාල සම්බන්ධය නවත්තන බවක් අඟවනව... එතනදි එයාගෙ තීරණය මත සම්බන්ධය නවත්තන හෝ දිගටම ගෙනියන එක තීරණය කරනව.



මේ ගැන සම්පූර්ණ අදහස් ඕන මට ඔයාලගෙන්.... ඔයාල මේ ප්‍රශ්නෙ දකින විදිය...  ඔයාට දැනුන විදිය... මට දැනුන විදියට මම කරනවයි කියපු දේව ගැන ඔයාගෙ අදහස..... මම හිතන්නෙ.. මේකට දරුවො ඉන්න දෙමවුපියො වගෙම ආදරවන්තයින්ගෙත් අදහස් ගොඩක් ඇති මේ ගැන...

                                                  ---------ස්තූතියි---------