පවනි කියන විදියට ඒ මැසේජ් එක දැකල තප්පර ගානක් ඇතුලත මාව ඇඳ උඩට ඇදගෙන වැටිල තියෙනව. ඒ කෙසේ වෙතත් පණ වගෙ රකින මගෙ ජංගම දුරකතනය, මට කල්පනාව එනකොට තිබුනෙ බිම වැටිලයි. ඒක කොහොම උනාද කියල මටවත් හිතාගන්න බෑ. මමත් කාලයක ඒ වගේ අදහස් හිතේ පුරෝගෙන හිටිය. අඩුම තරමින්.. මගෙම වචන වලින් කියතොත් තියෙන ඇහැට කනට පේන ගෑණු ළමයි පස් හය දෙනෙක් විතර මාව එයාලගෙ ඉතා සමීප යාලුවෙක් විදියට ඇසුරු කළා. එයින් තුන් දෙනෙක් විතර එයාලත් එක්ක ආදර සම්බන්ධතා පවත්වන්න මට ආරාධනා කළා.
ඒත් ඒ කාලෙ මට ඕන වුනේ එක්කෙනෙක්ට විතරක් කොටු වෙන්න නෙමෙයි ( ඒකටත් හේතුවක් තිබුන ). ඒත් එහෙමයි කියල හැමෝටම ආදරෙයි කියල රවට්ටන්න අදහසක් මගෙ තුන් හිතකවත් තිබුනෙත් නෑ. මට ඕන වුනේ ඒ හැමෝගෙන්ම එක වගෙ ආදරේ ලබමින් ඒ හැමෝම අති සමීපතමයන් විදියට ඇසුරු කරන්න. ඒත් ඒ කාලෙ ඒ හිටපු එක්කෙනෙක් වත් මම තමන් තරම් සමීපව අනිත් අයව ඇසුරු කරනවට කැමති වුනේ නෑ. එක අතකට ඒක සාධාරණයි. ඒක මානුෂීය හැඟීමක්. ඒ දවස් වල මට මේ කාරණාව අපේ අයිය කෙනෙක් පිරිසිදු සිංහලෙන්ම පැහැදිලි කරල දුන්න. එයා කිවුවෙ,"රූ., ඔයා කරන්නෙ ආත්ම වංචාවක් වගේ දෙයක්" කියලයි. ඕක කවදාවත් හරියන දේකුත් නෙමෙයි කියලත් එයා මට කිවුව. ඒත් ඒ කාලෙ මගෙ වයසෙ ප්‍රශ්නයක් නිසා මම කීයටවත් ඒක පිළිගන්න කැමති වුනේ නෑ. ඒත් අද....
අද ඒක මටම පඩිසන් දුන්න කියල හිතෙනව. ඒ තරම් ගැඹුරු බැඳීමක් මගෙ ජීවිතේ තිබුනෙ එක්කෙනෙක් එක්ක විතරයි.... ඒ "I" නමුත්...
අනේ මම..මගේ හිත .. මට හිතාගන්න බැරි තරම් දුකින් බර වෙලා....
----කතෘ අඥාතයි----