javascript:void(0)

Wednesday, January 11, 2012

ගාල්ලෙ ගෙට්ටුව සහ “The අපිට වෙච්ච දේ Show”

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                   ඔන්න ඉතින් හෙට උදේ 6 වෙද්දි කොළඹට යන්ටය කියල මටත් ට්‍රේන් එකක් ගන්ට සිතාලා ගත්ත කෝල් එකක් ඉස්ටේසමට. "හරි මගුලක් නෙ, තමුසෙට යන්ට ඕන වෙලාවට ට්‍රේන් දෙන්ට තමුසෙ වෙල්ගමගෙ පුතා ය කියලය හිතන් ඉන්නෙ "කියල අහපි ඉස්ටේසන් මාස්ටර්!!.
 
                   ඔක්ක කොරන්ටය... ඉතින් 05.05 ට්‍රේන් එකේ 6 වෙනකොට මම කොටුවෙය ඕන්.. ( වැරදියට හිතනව එහෙම නෙමෙයි, මේක ඉස්ටේසම ) කොටුවෙ ඉස්ටේසම ඉස්සරහ බස්ටෑන්ඩ් එකේ ඉඳගෙන ඉන්නකොට කවුද කොල්ලො තුන් තෙනෙක් (තුන් දෙනෙක් කිවුවට එකෙක්ට පට්ට වයසයි, තව එකෙක්ගෙ ඇඟිල්ලක අප්සට් එකක්) මොකක්දෝ ගාල්ලෙ යන එකක් ගැන කතා කොරනව මට එහා පැත්තෙ ඉඳන්... ඒ අස්සෙ හිටපු තුන් කාලෙ කලිසමකට බැහැගත්තු එකෙක් කියපි, ඒ මම නාකිය බං"කියල.. විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.... !!

                    ඔන්න ඉතින් හයත් වෙලා තිඋන නිසා උදෑසන ආහාරය, අතුරුපස සහ විටමින් ප්ලෑනත් (කාගෙද මන්ද ප්ලෑනක් ලු ඕන්) කැන්සල් කොරල වර්ණා කෙල්ලගෙ කිරිටොපි ටිකක් වත් කාල ඕන් බඩ පුරවගන්ට හිතාගෙන කොට්ටාවට යන්ට බස් එකේ යනවලු... ඒ අස්සෙ බස් එකේ සේරම බලනව කවුද මේ ලස්සන කෙල්ලත් එක්ක යන ඇඟිලි කෑල්ල කියල... ලොල් ය..
 -----------------------------------------------------------------------------------------------------
“The අපිට වෙච්ච දේ Show” එක මෙතනින් බලාලා එන්ටකෝ ඕන්...
------------------------------------------------------------------------------------------------------
 $#@%#$^%$^&&%^&*^&(^&()^&*$^$#%@#$!~$!@%^#$^&%$&%^

-------------නිසි බළධාරීන්ගේ දැඩි ඉල්ලීම පරිදි මෙයි තිබූ ඡායාරූප දෙක ඉවත් කරන ලදී. (දුටු විටම ඇති වන වැරදි වැටහීම ප්‍රධාන හේතුව බවද දැනගන්නට ලැබුණි )-------------

        ඒ අතර අප ගමන් ගත් වාහනයේ සිටි ළඳුන් දෙදෙනෙක්, “ඇඟේ ගෑවාම සුදු වෙනව නම් මූණෙ ගෑවම මොක” කියා සොබාවික රහස් බොඩි ලෝසන් මූනේ උලා ගැනීමටද අමතක කලේ නැත.  කෙසේ හෝ අප රූමස්සලට පැමිනෙන විට අපගේ පැමිණීම පිළිබඳව අයෙක් සිහින දකිමින් පසු වූ බවක් දක්නට තිබිනි... ඉන්පසු සිදු වූ සිදුවීම බොහෝ දෙනෙක් දන්නා නිසා ඒ ගැන කතා නොකරමි. 


ආපසු කොළඹ කරා පැමිණීමේදී සිදු වූ ඔබ නොදත් සුවිශේෂී සිදුවීම මෙන්න...


       අතර මගදී සිදු වූ ශක්තිමත් පානය මිළදී ගැනීම නිසා නොසංසුන් වූ බස් රථයේ මගීන් වහ වහා ඒ බව වසන් කිරීම සඳහා ගීත ගායනය ආරම්භ කිරීය. ඒ අතරින් දහයේ කණුව දොළහට වැදුනු වයසක පුද්ගලයා විසින් තම ගීත ගායන හැකියාව තම ජීවිතයේ අමරණීය මතක සටහන් ගළපමින් විශිෂ්ට ගීත ගායනයක නිරතවීය.....

දිලීප ගෙන් - 8

වයසක මනුස්සයාගේ වයසට නොගැළපෙන ගීතය

කමොන් ගායිස්... දිස් ඉස් ද වේ වී රොක් දෙ බ්ලොග් ගායිස්
සෝ නායිස්....
:ඩී
:ඩී  :ඩී  :ඩී

මත්පැන් පානය ශරීරයට අහිතකරයි . එයින් අංශභාගය (එනම් ශරීරයේ පැත්තක් පණ නැති වීම), ඇස් පෙනීම දුර්වල වීම, කුඩා මොළය ක්ෂය වීම, මතකය අඩු වීම සහ සිහිය මද වීම, (Dementia) අත් පා දැවිල්ල පමණක් නොව නින්ද නොයාම වැනි රෝග ඇති වීමටද හේතුවේ.!!
ප.ලි. - පසුව දැනගන්නට ලැබුනේ අයිංස්ටයින් විසින් නිපදවන ලදුව ස්ටීව් ජොබ්ස් විසින් වැඩි දියුණු කරන ලද අයිස්කැට පන්නයේ ඔරලෝසුවක් භාවිතා කිරීම නිසා වර්ණනාගේ සියළු වැඩ පිළිවෙල ප්‍රමාද වූ බවයි. පසුව සොයා ගැනුනේ දින ගණනක් තිස්සේ නොසෝදන ලද හස්ථයක එය බැඳ තැබීමෙන් එයට ඇතුළු වී තිබූ විශේෂ ඔක්සයිඩයක් නිසා ඔරලෝසුවේ තත්පර කටුවේ ප්‍රවේගය අඩු වී තිබූ බවයි...
 සංයුක්ත ගණිත උපදෙස් - ඇඟිල්ලකිනි.

ප.ප.ලි. - සම්පූර්ණ ගමන තුළ සිදු වූ භයානකම සිදුවීම.!!



නමට වඩා පඩියට ලොල් වී සිදුකළ පාපතර ක්‍රියාව - එල්ලා මැරීම!!!

මෙහි එන ලොල් සිංහල බාසාවේ එන ලොල් = ආශාව, ලෝබ වීම බව සලකන්න













අපි සමූහ ඡායාරූපයක් ගැනීමට සෙට් වූ හැටි  (පිංතූරය පාට පාට කෙල්ලගෙනි)











අපි ගත්තු සමූහ ඡායාරූපය (පිංතූරය පාට පාට කෙල්ලගෙනි)



ස්තූතිය - මෙම අවස්ථාව සංවිධානය කළ අභීත අයියා, රංග අයියා, මගේ මරණය, රාජ් අයියා ඇතුළු නම් වශයෙන් සඳහන් නොකල සිංහල බ්ලොග් කලාවේ ප්‍රවීන සහ ජ්‍යේෂයින්ටත්, විශේෂයෙන්ම කොළඹ සිට මෙම අවස්ථාවට සහභගී වූ පිරිස මනාව සංවිධානය කොටගෙන බාධක කම්කටොළු මධ්‍යයයේ එම කටයුත්ත සාර්ථකව නිම කළ රාජ් අයියාට මාගේ  හදපිරි ස්තූතිය.

“The අපිට වෙච්ච දේ Show”

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

&*$&&$%&^#$^$#^ “The අපිට වෙච්ච දේ Show” &*$&&$%&^#$^$#^

                      ඔන්න අපි හා පුරා කියල රාජ් කොල්ලවත් අඳුරගෙන නැග්ග බස් එකට. ඒ අතරෙ උණු උණුවෙම නිව්ස් එකක් ආව කීපදෙනෙක්ම ලිස්ට් එකේ කාගෙද මංද නමක් හොයනවලු ඕන්.. 

දේවා ගෙන් - 1
          ඔන්න එතනදිම කස්ටියක් රෙදි වගයක් ගලෝල වේලෙන්ට වැලටත් දැම්මලු ඕන්.  ඒ අතරෙ රෙදි හෝදන්ටය කියල සබන් හොයන්ට ගිය දෙන්නෙක්ට වෙච්ච දේ ඒ දෙන්නම  පාපොච්චාරණය කලානෙ ඕන්. තවත් එක රෝස මලක්ද කොහෙද කැන්ඩි වල ඉඳන් නුවරට යන්ට කතාවක්ලු ඕන්.

                   
ඔන්න ඉතින් හතට පිටත් වෙන්ට හිතන් උන්නු අපි බස් එකේ ලු. ඔන්න ඉතින් කටු කැරකෙන සීය දීපු ඔරලෝසුවෙ හත පහු වෙලා පැයක් විතර ගිහින් අට වුනාලු ඕන්... අට පහු වෙලා පැය දෙකක් විතර ගියාට පස්සෙ ඕන් නමය වුනාලු... ම්හක්.. නෑලු.... හෝ ගාල විටමිනුත් යනවලු. 

(දිලීප ගෙන් - 3) මුඛ පිළිකා ඇති වීම - බුලත් කෑම මෙන්ම දුම්පානය ද මුඛ පිළිකා අවදානම වැඩි කරයි. එමෙන්ම උගුරේ පිළිකාද ඇති විය හැක.ආමාශයේ සිට ගලනාලයට ආම්ලික ද්‍රව්‍ය නැවත ඒම (gastric reflux) ග්‍රහනියේ තුවාල ඇති වීම සහ සමහර විට මෙම තුවාලවලින් රුධිරය වහනය වී මරණය පවා සිදුවේ.විදුරුමසේ සහ දිවේ ආසාදන ද වැඩි වේ.
 නෑ ලු... නමය පහු වෙලා ටික වෙලාවකින් අපේ රාජ් උපාසක මහත්තය මහත් ඵල මහත් ආනිසංස සහිත දානයක් දීල මාර පිංකමක් කරගත්තලු ඕන්. ඔන්න ඉතින් වර්ණනාගෙ මෑණියන්ට පියාණන්ට බෝධිපූජාවකුත් කරල 11ට විතරද කොහෙද අපි පිටත් වුනාලු ඕන්. අධිවේගී මාර්ගෙ 51.3 ගහල තිඋන බෝඩ් ලෑල්ල කාටවත්ම අමතක නෑලු ඕන් කාටවත්. හේතුව දන්නෝ දනිති. 

එහිදී සුවිශේෂී වාර්ථා කිහිපයක්ම පිහිටවූ අපේ ඈයෝ...

1.
අධිවේගී මාර්ගයේ බස් රථය නවතාගෙන සිටීම,
දිලීප ගෙන් - 1
   බස් රථයෙන් බැස ඇවිදින්නට යාම,  

වර්ණා කෙල්ල ගෙන් - 1

 
වර්ණා කෙල්ල ගෙන් - 3


අධිවේගී මාර්ගයේ සිට සමූහ හා ඒකල ඡායාරූප ගැනීම,  
 
දිලීප ගෙන් - 3



දිලීප ගෙන් - 2


ශරීර කෘත්‍ය සඳහා මාර්ගයේ වම්පස කඳු මුදුනට නැඟ වනගත වීම.


වර්ණා කෙල්ල ගෙන් - 2

2. අධිවේගී මාර්ගයේ බස් රථයක් තල්ලු කිරීම.


3. පැයට සැතපුම් සියයක් වේගයෙන් වාහන ගමන් ගන්නා මාර්ගයේ මැද ටොපි කොලයක් තබා පැමිණීම. ( තව පොඩ්ඩෙන් දිලියා නිසා එතැන සවුත්තු වීමටද ඉඩ තිබී ඇත )


4. අධිවේගී මාර්ගයේ බස් රථය සයිලන්ට් මූඩ් දමා 20Kmph වේගයෙන් ගමන් කිරීම. ( අනෙකුත් සියලුම රථ වාහන 100Kmph වේගයෙන් ගමන් කරද්දී)

අසංක අයිය ගෙන් - 1

අසංක අයිය ගෙන් -2
  
අසංක අයිය ගෙන් -3


5. තවත් සුවිශේෂ වාහන දෙකක ආරක්ෂාව යටතේ කුරුඳුගහ හැතැක්ම දක්වා ගමන් කිරීම


මෙන්න මේ අය විශේෂයි - අපේ උදවුවට ආපු (එයාලගෙ සෙට් එකේ) නාකියා (අපේ සෙට් එකේ එකාට ඒ තරම් වැඩක් කොරගන්ට බැරිය ) ඇතුළු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආපදා සහායක කණ්ඩායමේ සෙට් එක...
අහ්... මේ ග්ලවුස් දාල ඉන්නෙ ඒ හිත හොඳ වැඩකරු...


අසංක අයිය ගෙන් - 3



------------------එන්ඩ් ඔෆ් “The අපිට වෙච්ච දේ Show”----------------------------

Thursday, January 5, 2012

අපේ ගාලු ගෙට් එක - අහස අපේ ලොල් :-D

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


ඔන්න ඉතින් අලුත්ම සිද්දියක් තියේ....
කස්ටිය ගාලු යතේ...
හා හා පුරා කියල අපිත් ගෙට්ටුවකට යන්ටයි සූදානම....
මෙන්න මෙහෙමයි විස්තරේ...

බ්ලොග් ලියන අයට වගෙම කියවන අයටත් මේකට එන්ට පුලුවන්ලු ඕන්.....

දිනය ජනවාරි 7 වැනිද ඕන්....

කොළඹින් කස්ටියයි, ගාල්ලෙන් කස්ටියයි... කොළඹින් එන කස්ටියට ගම්පහ, මීගමුව ඇන්ඩ් බ්ලා බ්ලා බ්ල පැති වල කස්ටියත් ඉන්ක්ලූඩ් ලු....

එන හැමෝම මෙතනට >>-------> ගිහින් එන බව කොන්ෆර්ම් කොරන්ටලු.

කොළඹට සෙට් එකට සෙට් වෙලා වාහනේ සෙට් වෙන අය මෙතන්ට>>------->  ගිහින් විස්තර ගන්ට....

මූලික පිරිවැය රුපියල් 800යලු ඕන්... ඒ දවල් කෑමටත් එක්කලු ඕන්..

වැඩි විස්තර - 
පොඩි මෑන්
කිඩෝ

ඉතුරු විස්තර ටික එදාට දැනගන්ට පුලුවන්ලු ඕන්... :D :D :D

Wednesday, January 4, 2012

කවියක්...

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


කවියක්
පබඳින්නට;
පද වැල්
එමට ඇති මුත්
කපා
කොටා
ඔපමට්ටම් කොට
අපූර්වත්වයෙන්
ඉදිරිපත් කිරීමට
හදවත සූදානම් නැත!!

Sunday, January 1, 2012

මතු සම්බන්ධයි......

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


නොදනිමි
යා යුතු මග
මංමුලා වී
සිටින්නෙමි;
මානසිකත්වය ගඩොලින
බැඳි මහා
බලපොරොත්තු
ඉලක්ක
අරමුණ
පවුරු
බිඳී......
සුණු විසුණු වී ඇත!!
නැවතත්
යා යුතු මග සොයා
බලාපොරොත්තුව
හෙට දින
අරුණලු,
නැගෙන තුරා
නොමියෙමි..!!