javascript:void(0)

Sunday, January 1, 2012

මතු සම්බන්ධයි......

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


නොදනිමි
යා යුතු මග
මංමුලා වී
සිටින්නෙමි;
මානසිකත්වය ගඩොලින
බැඳි මහා
බලපොරොත්තු
ඉලක්ක
අරමුණ
පවුරු
බිඳී......
සුණු විසුණු වී ඇත!!
නැවතත්
යා යුතු මග සොයා
බලාපොරොත්තුව
හෙට දින
අරුණලු,
නැගෙන තුරා
නොමියෙමි..!!

Thursday, December 15, 2011

සෙවනැල්ල අත් නොහරිමි.....

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

 

සෙවනැල්ල අත් නොහරිමි...

     එනමුදු,

     ඔබ මා හැර දා ගොස්,

    නිමාව මෙයද?

    නොඅදහමි;

    මිථ්‍යාවට මුලා වූ

    යම් දෙයක් වෙද

    එයම අදහමි....

    සෙවනැල්ල අත් නොහරිමි....

ආදරෙයි කියන අය..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                 ඇත්තටම අපිට ආදරේ කරනවයි කියල අපි හිතන අය අපිට ආදරේ කරනවද? අපිට නොහැඟෙන කොච්චර දේවල් එයාලගෙ හිත් වල තියෙනව ඇත් ද අපිව අහිමි කරගන්න අකමැතිව එහෙම කිවුවට?

          මසැසට යටින් නුවණැසට නොපෙනෙන දේවල් කොතෙක් නම් තියෙනවා ඇත්ද?


2010/10/24

Wednesday, December 14, 2011

තනිකම...

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


             

            ඔන්න එකෝමත් එක දවසක ඒ කියන්නෙ දෙසැම්බර් අට වෙනි අඟහරුවාද හවස හතර හමාරට විතර අතරමං වෙලා හිටපු පවනි ආයෙමත් ඇවිත් මගෙ මේසෙ ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා ඉන්නව. එයාගෙ තැඹිලි පාට ඉරි ඉරි තියෙන ගවුම තැන් තැන් වලින් ඉරිල! ඒ සමහර තැන් වලින් යට සායත් පේනව! ගවුමෙ කර ගාවිනුත් ගොඩක් ඉරිල. එයා එතන ඉඳගෙන හිටියෙ හරියට සුන්නත් කරල වැසිකිලි යන්න අමාරුවෙන් ඉන්න සෝමාලියානු ජාතික ගැමි කෙල්ලෙක් වගේ. මම එහෙම කිවුවෙ මොකක්දෝ කියාගන්න බැරි අපහසුතාවකින් එයා එතන හිටපු නිසයි. ගොඩක් දුක හිතෙන විදියට එයා මං දිහා බලාගෙන ඉන්නව දැක්කත්, මට ඒ බැල්මෙන් මිදෙන්න උවමනාවකුත් ඒ වෙලාවෙ තිබුනෙ නෑ.

            හීතල හුළං හමන නත්තල් මාසෙ වුනත් මගෙ කාමරේ ජනේලෙන් පිටත මට පෙනුන එක ගහක් වත් එක දශමයක් වත් හෙල්ලුනේ නෑ. හරිම නිහඬයි. මම පිට කරන එක හුස්ම බිඳක් ඒ ගහක කොළයක් හෙලවෙන්න හේතුවක් වේවිදෝ යි ඉතාම දරුණු බියජනක හැඟීමක් මගෙ හදවත පතුලටම කිඳාබැහැල තිබුන. ඒ අතරින් ඒ නිහඬතාවයත් බිඳගෙන දෙපැත්තට වැනි වැනී පුංචි හිම කැටිති වැටෙනව මම ජනේලෙන් දැක්ක. 

            මගෙ ඇස් අදහගන්නත් බෑ. පිංතූර වලින්, වීඩියෝ වලින් දැක්කට මම කවදාවත් ඇත්තටම හිම වැටෙනව දැකල තිබුනෙ නෑ. එක චූටි හිම බිංදුවක්ගේ ඉස්සරහ පොකුනට වැටෙනව මම බලාගෙන හිටිය... නෑ....
නෑ... ඒ....

          ඒ හිම නෙමෙයි. යෝධයින්ගෙ කඳුළු. අපේ වත්තට එහා වත්ත සම්පූර්ණයෙන්ම එළි කරල මහ දැවැන්ත ගස් කපල ඒවට ගිණි තියල. ඒ ඇවිලුණු අළු මගේ පපුවත් තද කරගෙන බිමට වැටෙනව නේදෝ යි කියල මට හිතුන. "මහ බල කණු" වගේ කොන්ද කෙළින් තියාගෙන හිටපු ගස් පොළවට දණ ගස්සවල. ඒ ගස් අඬනවයි කියල පවනි මට ඒ වැටෙන අළු කෑලි පෙන්නනව. දැන් ඒ වත්තෙ කිසිම ගහක් නෑ. හාවො, මීමින්නො, මුගටි එහෙම හිටපු කැලේ... ඒත් දැන් ඒ කැලය එතන නෑ.  ඒක මගෙ මතකයෙ අංශුමාත්‍රයක් විතරයි.

          මම ඒ දිහා බලාගෙන හිටිය.එකපාරටම මම ඒ වත්ත මැද්දෙ ඉන්නව මම දැක්ක. මගෙ ඇස් කළුවර වුනා. ආයෙ මම එළිය දකිනකොට මම හිටියෙ ඒ වත්තෙ මැද. පේන තෙක්මානෙක කිසිම කෙනෙක් නෑ. මම.., මම විතරක්මයි. එතැන පුංචි ගස් කීපයක් තිබ්බ. ඒ හැර වෙන කිසිම දෙයක් තිබ්බෙ නෑ. මට ලොකු සතුටක් දැනුන. මට කරදර කරන්න කවුරුත් නෑ.

          ඒත් ඒ සතුට තිබ්බෙ බොහොම ටික වෙලාවයි. මට කතා කරන්නවත් කවුරුත් නැති බව දැනුනෙ එතකොට. මට සතුටුයි කියල කියන්නවත් කෙනෙක් හිටියෙ නෑ. අනේ!! මම තනි වෙලා. මම බිම ඉඳගත්ත. ගම්පහ විතර ටවුන් එකක් ගැන හිතන්න. එතන ගොඩනැගිලි, බස්, අජීවී, සජීවී කිසිම දෙයක් නෑ. ඔයා විතරක් තනියම. ඔයාට වතුර තිබහ වත් බඩගින්නක් වත් දැනෙන්නෙ නෑ. ඔයාගෙ හොඳම යාලුව නෑ. වෙන යාලුවොත් නෑ. අම්මත් නෑ. තාත්තත් නෑ. ඔයා විතරක් තනියම. ඔයා එක දිගට දවස් තුනක් විතර දිවුවොත් ඔයාට කතාකරන්න එක මිනිහෙක්ව හම්බ වෙන්න පුලුවනි. ඒත් ඔයාට එහෙම දුවන්න බෑ. ඒ අතරෙ ඔයාට මතක් වෙනව නුදුරු අතීතෙ ඔයාගෙන් වියෝ වුණු සමීපතමයන්... ඔයාගෙ හදවත බර වෙලා ඔයාට ඇඬෙන්න වගෙත් එනව. ඔයාට ඒ වෙලාවෙ කොහොම හැඟීම් පහල වෙයිද? මැරෙන්න? දුවන්න? මුකුත් නොකර එතනටම වෙලා ඉඳගෙන ඉන්න? ?

  අන්න ඒ වගේ හැඟීමක්, අර වත්ත මැද්දෙ මුකුත් නැතිව බිම ඉඳගෙන හිටපු මටත් ඇති වුනා...

             විශ්වාස කරන්න අන්න ඒ ඒ හැඟීම, ඒ චිත්‍රය, ඒ මනෝභාවයන් තමයි මගෙ මේසෙ ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා හිටපු පවනිගෙ ඇස් දෙක තුළත් මම දැක්කෙ.....!!

Thursday, November 3, 2011

බාල බොළඳ????

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

              අවුල් වෙලා දූවිලි පිරුණු, පොත්පත් පමනක් නොව විටෙක රෙදි පවා තබා තිබූ මේසය මත මාගේ සටහන් පොතෙහි සටහනක් තබන තවත් එක දවසක්. අහසත් එක්ක තරහ වෙච්ච පුංචිම පුංචි වැහි බිංදු එකින් එක අහස අත ඇරල පොළොව හොයාගෙන එනව. පෙරේද වගේ නෙමෙයි අද එයත් එක්ක මේඝලතායි විජ්ජුලතායි දෙන්නම එකතු වෙලා!!!  තවත් එක පුංචි වැහි බිංදුවක් මට ජනේලෙන් පේන තැඹිලි ගහේ අත්තක් දිගේ හිමින් හිමින් රූටගෙන ඇවිත් බිම තිබ්බ තණකොළ අත්තක් බදාගෙන සිප ගන්නව.. ලැජ්ජ නැද්ද මන්ද මෙහෙම ප්‍රසිද්ධියෙ හැසිරෙන්න...!!
  
දෙවියනේ..!
            මම එහෙම කියන වෙලාවෙත් පවනි මගෙ ළඟ හිටියෙ නෑ. රාස්සිගෙ අව්ව වැටිල සීතල මිශ්‍ර තුනී අන්ධකාරයක් ඒ වෙනකොටත් මගේ කාමරේ ඇතුළට ගොඩක් කාන්දු වෙලා තිබුන. මට සෑහෙන්න බය හිතුන. මේ බය හිතෙන අඳුරත් එක්ක මගේ පවනි'ට මොකක් හරි කරදරයක්වත් වෙලා ද කියල..... මගේ ඇඟේ රෝම කූප කෙළින් වුනා! "මගේ පවනිට කරදරයක් කරල තිබුණොත් එහෙම, සේරටම කොටනව"  කියල මම හයියෙන් කෑ..ගැහුව! මගේ හඬ මැකී යනවත් එක්කම මගේ හඬ පරයා පවනි කෑ ගහන සද්දෙ මට ඇහෙන්න ගත්ත.. මම ටිකක් දැඩිව, වාඩි වෙලා හිටිය පුටුවෙන් ඉස්සිලා ජනේලෙ විනිවිදගෙන පේන මිදුල දිහා බැලුව. ඒ වෙලාවෙ උණුසුම් ආදරණීය හැඟීමක් මගෙ මුළු ඇඟම වෙළාගන්නව වගේ දැණුනත් ඊට වඩා දැඩිව විරුද්ධව මගේ කෝපය නැඟී හිටිය.

         මෙන්න මේ කෙල්ල මහ වැස්සෙ මිදුලට වෙලා නටනව කිසි ගානක්වත් නැතුව!!!
                 "බිමට වැටෙන සෑම වැහි බිඳුවක්ම තම දෑතින් පොඩි කිරීමට ඈ මහත් උත්සාහ දරයි. විටෙක ඈ දෑත එකතු කර දෑතට එකතු වන වතුර ටික වේගයෙන් උඩ දමා එයට හිස අල්වයි. පවනි තවමත් තුන වසරේ පමණ දැරියකැයි මට හිතෙන්නේ මෙවන් වේලා වලටය. තවත් විටෙක ඈ අහස මත ඇති සියලු දේ තම හිසට වැටෙන්නාක් මෙන් සිතා දෑතින් හිස බදාගෙන බිමට පාත් වෙයි. ඇගේ ලොකු තාත්තා කියා දී ඇති පරිදි ගහ යට වැහි දෙක දැයි බැලීමට මෙන් ඈ තැඹිලි ගසේ අතු හා එක එල්ලේ සිට ගනියි. මේ සියල්ල දකින විට මා හට මාගේ කුඩා කාලය මතක් වේ. පවනි විසින් මේ රඟ දක්වන්නේ මගේම බාල විය නොවේදැයි විටෙක මට සිතේ. ඒ එසේමය. ඒ මාගේ බාල බොළඳ ළමා කාලයයි.”