javascript:void(0)

Thursday, November 3, 2011

අහු වුණා හොරා!!
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


අහු වුණා හොරා!!

හෙමින් සැරේ...

ළඟට ඇවිත්..

සද්දයක් වත් නැතුව;

මගෙ ප්‍රශ්න පත්තරේ අරන්

යන්න හදනකොටම...!!!

අහුවුණා!!!

ඒත් මගේ logic paper එක

හුළඟ හොරකම් කරන්න හැදුව කියල,

කාට කියන්නද?


හොරා!!

මගෙ ප්‍රශ්න පත්තරේ

විතරක් නෙමෙයි...

තව දෙන්නෙකුගෙනුත්

හොරකම් කරන් යනව...

එතකොටයි මම දැක්කෙ!

:-)


Tuesday, October 11, 2011

තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය ii
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

 වෙනදට මගේ දුක අහන නිල් අහස, අද නපුරු කළු වළාකුළු වහගෙන. එයත් මට ඔරවනව. ඉස්සරහ බිත්තියෙ ඇඳල තියෙන අවුරුදු ගාණක් පරණ, පුංචි අලි පැටියත් මට ඔච්චම් කරනවද මන්ද කියලත් මට හිතෙනව.
මගෙ උත්තර පත්තරේ මම ම ලියපු අකුරු මට විරිත්තනව. ප්‍රශ්න පත්තරේ හිටිය එක "ඊ" යන්නක් මගෙ කණට රිංගල,"පවනි...ට අද නම් ලොජික් මතක නෑ" කියල කෑ... ගහනව.
 ඒ අහගෙන හිටපු තවත් අකුරු ටිකක් පෑනත් එක්ක එකතු වෙලා උත්තර පත්තරේ වම් පැත්තෙ කොනට වෙන්න,"පවනි...ට ලොජිc කෙළ වේ" කියල ලියනව.
මට තරහ ගිහින් ඒ අකුරු ටිකයි පෑනයි අල්ලල බැම්මට උඩින් office  එක ඉස්සරහ පොකුණට වීසි කළා. ඒක දැකපු මගෙ මහපොට ඇඟිල්ලෙ නියපොත්ත හූ කියනව.
මම ඒ ඔක්කොගෙන්ම අහනව "තමුසෙල ඔහොම මගෙ හිත විකාර කරද්දි මම කොහොමද උත්තර ලියන්නෙ?".
ඒම කියපුවම එයාලට මං ගැන ගොඩාක් දුක හිතිල කලින් හිටිය තැන් වලටම යනව. මට එයාල ගැන අනුකම්පාවකුත් හිතෙනව. ඒත් තව විනාඩි පහෙන් පේපර් එක එකතු කරනව...
:(  

ඈ.....
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

අනේ මාව අත අරින්න..
මට බයයි...
මම එහෙම කිවුවත් එයාගෙ ගොඩක් මෘදු සීතල අත්, මාව අත අරින්න සූදානම් නෑ... මං එයාගෙ කණට ළං වෙලා මිමිනුව..,"මට බයයි... මාව අත අරින්න..!!" කියල. මම එහෙම කිවුවත් මාව වැළඳගෙන හිටිය ඒ ගොඩක් මෘදු සීතල අත් තිබුණු පුංචි කෙල්ල මාව අත අරින්න සූදානම් නෑ...

මම ඉර දෙවියන්ට කන්නලවු කලා,"මට උදවු කරන්න!!"

ටික වෙලාවකින් එයා මගෙ උදවුවට ආව... තනියම නෙමෙයි...!
එයාගෙ රළු සටන්කරුවෙක් වේගයෙන් ඇවිත් මාව වෙළාගෙන හිටිය ඒ පුංචි ගෑණු ළමයව ඇදගෙන වේගෙන් ඈ...තට ගියා...

එයාව කරදරයක් වෙලා හිටපු මට ඒ වෙලාවෙ නම් එයාට කරදරයක් වෙයිද කියලත් වෙයිද දන්නෑ කියලත් හිතුන..

තවත් අඳුරු දවසක මාව සිප වැළඳගන්නට ඒවි කියන අහිංසක සිතුවිල්ලත් හිත කෙළවරක කැටි කරගෙන මම ආයෙමත් පියවි ලෝකෙට ආව......



                                                  නැවත හමුවෙමු සිහින් මදනළ....  

Thursday, September 29, 2011

......................................
"පවනි"
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                                   "එයා හරිම එඩිතරයි". වෙලාවකට අර යුගාන්තය නවකතාවෙ එමලින් වගෙ හරිම ලැජ්ජාශීලීයි.. "එහෙත් නොබිඳෙන සිතක් ඇතියකි. ඉහළ පැලැන්තියේ අය සමග කටයුතු කරද්දී ඇගේ උගත්කම පරයමින් ගමේකම මතුව පෙනෙන්නේ යැයි විටෙක සිතේ". පිරිමි නමක් තියන්නෙ නැතුව මේ වගේ නමක් තියන්න මට හිතුනෙත් මේ වගේ ලැජ්ජාශීලී ගතිය නිසාම තමයි... "කොතරම් කීවද ඈ විටෙක බොළඳය. එසේ කියන්නේ ඈ කෙතරම් බොළඳ බව පිලිකුල් කලත්, ඉතා දැඩි බරපතල කරුණුවලදී ඒවා ගැන සිතා ඈ බොළඳ ලෙස දුක් වන බැවිනි. ඈ ඉතා සංවේදීය. 

                                 කණ්ඩායමක් සමග කටයුතු කරද්දී ඈ තම කණ්ඩායමේ අය පිළිබඳව තමාටත් වඩා කල්පනා කරයි. ජීවිතයේ බොහෝ ගැටළු වලට මුහුණ දී ඇති ඈ අත්දැකීමෙන්ම තවත් අයෙකුට ඇතිවන එවැනි ගැටළු බුද්ධියෙන් අවබෝධ කරගෙන කටයුතු කරයි. කතා කිරීමට ඈ බිය නැත. තාත්තාට වුවත් කිව යුතු දේ කෙලින්ම කියා දමයි.  ඈ නොසිතන තරම් ආත්ම විශ්වාසය මත පදනම් වූ ශරීර ශක්තියක් ඈ සතුය. සබකෝලය ඇයට තවත්පයට පෑගෙන දූවිල්ලක් බඳුය.


පවනි කියන්නෙ මම ගොඩක් ආදරේ කරන මාත් එක්ක රණ්ඩු වෙන මගේම ආදරණීය "සිත"... සමහර වෙලාවට "පවනි" කියන්නෙ මගේ සිතුවිලි...

Thursday, September 8, 2011

ලෙඩ වාට්ටුව..
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

ඇඟට නම් කිසි අමාරුවක් නැහැ.. ඒත් විශ්වාස කරන්න මම දැන් ඉන්නෙ කොළඹ නවලෝක රෝහලේ හයවෙනි තට්ටුවෙ අංක 6602 කියන කාමරේ ඇඳක් උඩ!! නැහැ...

නැහැ... ඔයාල හිතුව වැරදියි! මගෙ අසනීපෙකට නෙමෙයි මම මෙතනට ආවෙ. මගෙ මාමට ටිකක් සනීප නැති වුන නිසා එයාට බෙහෙත් ගන්නයි ආවෙ. ඒත් එයා ලඟ නවතින්න කවුරුවත් නැති නිසා මම කැමැත්තෙන්ම නැවතුනා.. ඒක කළ යුතුයි කියල මට හදවතින්ම දැනුන... මට ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක මම මාම එක්ක ලොකු බැඳීමක් ඇති වුණා කියලයි පවනි නම් කියන්නෙ..
ඇත්තම කිවුවොත් මම ඉන්නෙ කොන්ක්‍රීට් වනාන්තරයක කියල කිවුවොත් තමයි හරි. ඒත් එහෙම කිවුවට වායුසමීකරණය කරල තියෙන මේ කාමරේ ඉද්දි මගෙ හිත හරි එකඟ බවක් පෙන්නනව. තේරුමක් නැති අදහස්, පවනිත් ටිකින් ටික ඈතට යනව දැනෙනව. එයා තව ටිකක් ඈතට යනකම් ඊළඟ ඡේදය පටන් ගන්න මගේ අදහසක් නෑ.
මම හිතන්නෙ විනාඩි දෙකකට වඩා මට බලාගෙන ඉන්න වුනේ නැහැ. මම ළඟටත් ඈතටත් පෙනුනෙ ලොකු කුඩා ගොඩනැගිලි ගොඩක්. ඒ අතරින් පතර ගහක් කොළක් නොතිබුනාමත් නෙමෙයි. මට හොඳට පේනව කොම්පඤ්ඤ වීදියෙ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තට්ටු විස්සක විතර ගොඩනැගිල්ල. ඒ දිහා එක දිගට ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට ටිකින් ටික මගේ ඇස් දෙක රිද්දෙන්න ගත්ත. ඒ නිසා මම ඒ දිහා බලාගෙන ඉන්න එක නවත්තලටිකින් ටික මගේ ඇස් දෙක එහා මෙහා කරනකොටයි දැක්කෙ හමන හුළඟට විරුද්ධ වෙලා හිටපු කොට්ටං ගහ. ඒක දකිද්දි මගෙ ඇස් දෙකට දැනිච්ච සනීපෙ ඔයාලටත් අත්විඳින්න පුලුවන් වුණා නම්, ඔයාලත් ගොඩක් පුදුම වෙයි. ඒ තරම් ඒ දසුන හරිම සනීපයි ඇස් දෙකට....
මම ඒ දර්ශනයට ගොඩක් ඇදිල ගියා. මම කාමරේ සඳළු තලයට ආව. ලෝකෙ තියෙන ලස්සනම දේ මොකක් කියලද ඔයාල හිතන්නෙ? ;) මම නම් හිතන්නෙ කාන්තාව තමයි මේ ලෝකෙ ලස්සනම!! (එහෙම නේද? ;) ) චිත්‍ර ශිල්පීන්ට අනුව නම් ලෝකෙ තියෙන ලස්සනම චිත්‍රය "නිරුවත් කාන්තා" රූපය යි.
ප.ලි. ඒත් ඔයාලට පුදුම ඇති මම මොන කෙහෙල්මලක්ද මේ කියවන්නෙ කියල... මට ඉදිරියෙන් තියෙන (මම තවම ඉන්නෙ මේ කාමරේ සඳළුතලේ ;) ) නවලෝක රෝහල් කාර්ය මණ්ඩලේ කාන්තා නේවාසිකාගාරෙ ඉන්න කෙල්ලො දෙන්නෙක් මාව බයිට් කරන්න හදනව. :) එයාල ඇත්තටම ලස්සනයි. මම එහෙම කිවුවෙ, අයිබ්‍රෝස් හදල කොන්ඩෙ අයන් කරල ලිප්ස්ටික් ගාගෙන කෘතිමව ලස්සන වෙන්න හදන අද කාලෙ සමහර ගෑණු ළමයින්ට වඩා අමුතු ලස්සනක් (ඒ මොකුත් නොකරපු)  එයාලගෙන් මම දැකපු නිසයි. ඔයාලට ඕනෙ නම් එයාල මට දුන්නු එයාලගෙ දුරකතන අංකත් මම ඔයාලට දෙන්නම්..... ;)
ඒත්..
ඒක හරි නැහැනෙ නේද?
ඒ ඇති.......