javascript:void(0)

Tuesday, December 31, 2013

--වාසනාවට ඇත්ත කතාවක්--"

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


      මේක මගෙ යාලුවෙක් මේ ළඟකදි කියපු කතාවක්. මේ යාලුවව මට හම්බ උනෙ ගම්පහ ගාඩර් එක උඩදි... ඒ එනකොටත් තව කවුද අයියල දෙන්නෙක් එක්ක එයා හිටියෙ. මට නම් කිවුවෙ චැනල් ෆයිව් එකේ මොකක්ද එකකට සෙට් උනා කියල... එයා කියපු කතාවත් එක්ක මට හිතුන.. සමහර කොල්ලන්ගෙ ඇත්තම කතාවත් මේ වගේමයි නේද කියල.. ඒ නිසා ඕන දෙයක් වෙන්න කියල ඔන්න ඒකත් මම ලියල දැම්ම... මේකට හේතු වෙච්ච එයාගෙ කතාව මම මේ විදියට එයාගෙම වචන වලින් දාන්නම්..

 "  ඒ කාලෙ බොන්න ඕන... සල්ලි නෑ.. හැබැයි ඇති වෙන්න බොන්න හම්බ වෙනව නිකම්ම...

   ඊට පස්සෙ... බොන්න ඕන.. ඒත් සල්ලි නෑ.. හැබැයි ඇති වෙන්න බොන්න හම්බ වෙනව නිකම්ම.... ඒත් සල්ලි නොදී බොන්න අකමැති නිසා වැඩිය බිවුවෙ නෑ...

   මම එහෙම වෙච්ච නිසා ඊට පස්සෙ, බොන්න ඕන... බොන්න සල්ලිත් නෑ, නිකම් බොන්න හම්බ වෙන්නෙත් නෑ..
 

     දැන් මට බොන්න එහෙමට උවමනාවක් නෑ, ඒත්... මට ඇති වෙන්න.. බොන්න සල්ලි තියෙනව, ඇති වෙන්න බොන්නත් හම්බ වෙනව නිකම්ම...
 ඒත් මම දැන් බොන එක පස්සෙ යන්නෙ නෑ, එහෙමට කියල බොන්නෙත් නෑ...බොන්න උවමනාවකුත් නෑ..."

මම මේ කියන්නෙ ගොඩක් පෝසත් සල්ලි තියෙන පිරිමි ළමයි ගැන නෙවෙයි.. මේ කතාව, ඒ තරම්ම සල්ලි නැති යාන වාහන නැති සාමාන්‍ය පංතියෙ පවුලකට ඉපදෙන ටිකක් විනෝදයට බර වගකීම් වැඩිය නැති උසස්පෙළ කරන වයසෙ කොල්ලො ගැන..

             මම ඉතුරු ටික කියන්න යන්නෙ නෑ... ඔය මගෙ යාලුව කියපු කාරණා ටික කියවල බලල ඔයාලම කමෙන්ට් එකක් දාල යන්නකො.. මම මේ කියන කතාවෙ යම් කිසි ගැළපීමක් තියෙනව නේද කියල..
කෙටවල


             ඔය කියන මගෙ යාලුවට උසස්පෙළ කරල ඉවර වෙච්ච කාලෙ හරියට යාලුවො හිටිය... ඒ අතරෙ ටිකක් යහමින් සල්ලි තිබුන අයත් හිටිය. ඒ කාලෙ විනෝදයටමයි බර... ජීවිතේ කිසිම වගකීමක් බරක් දැනෙන්නෙ නැති කාලයක් නෙ...
           බොන එක හොඳයි කියනව නෙමෙයි.... ඒත් මම මේ කතා කරන්නෙ යථාර්තය ගැන. ඒ කාලෙ ජීවිතේ කියන්නෙ කොල්ලො ටිකක් එක්ක සෙට් වෙලා බොන එක, ෆන් ගන්න එක, හොරෙන් නාන්න ට්‍රිප් යන්න එහෙම සෙට් වෙන එක.. පිස්සු වැඩ කරන එක, විශේශයෙන්ම කැපී පෙනෙන්න උත්සහ කරන එක, මෝඩ වැඩ කරන එක එහෙම.. අනිත් වැදගත්ම දේ වලි වලට එහෙම යන එක... ඒක ඔය කාලෙ වයසෙ හැටියක් නෙ.... මොන්ටානා එකට හැරෙන පාර ළඟ කේක් කඩේ ඉස්සරහ කල්ලි ගැහෙන, කල්ලි ගැහිල තියෙන කොල්ලො නම් මේ කියන කතාව හොඳටම දන්නව නෙ..

 
අලවල
           හැබැයි මම මේ කතා කරන මගෙ යාලුවත් අන්න ඒ කල්ලි වල හිටපු කෙනෙක් ඉස්සර... ඒ චරිතයෙ ඉස්සරයි අදයි වෙනස එදා හොඳටම මම දැක්ක ඒ ගාඩර් එක උඩ හම්බ උන මොහොතට.... වචන වලට කියාගන්න බැරි උනත් උසස් පෙළ කරන, කරපු කාලෙ නිදහසේ වගකීම් නැතුව ගෙවපු සරල නිදහස් ජීව්තේ ගැන ලොකූ කතාවක් ඒ ඇත් ඇතුලෙ ලියවෙලා තියෙනව මම දැක්ක...

අලුත් මිණුවන්ගොඩ පාර


             බලන්න ඔයාලටත් මම මේ කියපු විදියෙ ජීවිතයක් තිබුන ද කියල ඒ කාලෙ... සාහර විට සමහර අය නම් මේ දවස් වල ගෙවන්නෙ මේ කියපු ජීව්තේ... ඒත්.. මේ වෙනකොට ඔය මම කියපු විදියෙ ජීවිතයක් ගත කරපු, මේ පෝස්ට් එක කියවන ගමන් ඒ කාලෙ කරපු වැඩ මතක් කර කර හිනා වෙන, දුක් වෙන අය මේ වෙනකොටත් පෝස්ට් එක කියවන එක පැත්තකට දාල තමන් ගත කරපු ඒ ලස්සන කාලෙ ගැන බෝම ලස්සන චිත්ත රූපයක් මවාවෙගෙන ඒක රස විඳිනව  ඇති... අන්න ඒ අයට මගේ මේ කතාව වෙන කාටවත්ම වඩා හොඳටම දැනේවි...

සතුටු වෙන්න, දුක් වෙන්න එපා.. කවද හරි අපිට සතුටු වෙන්න ඉතුරු වෙන්නෙ ඔය ටික විතරමයි... --මතකයන්--- 

--මතක වස්තුව-- ලියන පවනි තරංගා

Tuesday, December 3, 2013

අපේ බීච් පාටිය - ගෙට්ටුව 2013
--මුහුද අපේ...... ලොල්--"


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

       
                 අම්මියෝ... මගේ මතක වස්තුව සෑහෙන්න පරණ වෙලා මකුළුදැල් බැඳලත් එක්ක.. 
:ඩී


         හරි හරි... ඒක නෙමෙයි අද කතාව... අද කතාව අපේ බ්ලොග් ලියන උන්දැල එකතු වෙන ගෙට්ටුව ගැන... තුන් වෙනි හෝ හතරවෙනි ගෙට්ටුව මයෙ හිතේ...

             ගාල්ලෙ ගෙට්ටුවෙදිත් හරි හරි වැඩ උනා ලු... හයි වේ එකේ යන්ඩ කලින් බස් තල්ලු කරපු උන්දැල, නුවර ඉඳන් කැන්ඩි යන්න හදදු උන්දැල, විටමින් ගන්ඩ කඩවල් වල ගිහින් වයස නෑ කියල විටමින් නැතුව ආපු උන්දැල, පාන්දරින්ම කිරි ටොපි හදන් ආපු උන්දැල, අපිට උදේට කන්න බනිස් ගෙනත් දීපු උන්දැල, බස් රථය ඇතුලත වැඩිහිටියන්ට පමණැයි රූපරාමු වීඩියෝ කල සහ ඒවායේ රඟපාපු උන්දැල, කොළඹ කට්ටිය එනකොට වැල්ලෙ නිදාගෙන හිටි උන්දැල, පොරොන්දු ඉෂ්ට කොරන්ට ගිහින් මත්පැන් බෝතල් කටේ තියන් බීපු උන්දැල.. ඒ ඔක්කොටමත් වඩා මං එනකම් බලන් හිටපු මාව කාර් එකේ එක්කන් යන්න බලන් හිටපු එහෙම උන්දැල මේ වෙනකොට කටවල් ඇරගෙන බාගෙට හිනා වෙවී එදා වෙච්ච සිද්ධි මතක් කරනව ඇති.... බලන්ට... ඔයාත් ඔය කියන සිද්ධිය වල උන්න ද දන්නවද එහෙම කියල....

 මේ බලන්ට -ගාල්ලෙ ගෙට්ටුව සහ “The අපිට වෙච්ච දේ Show”





 ඔන්න ඉතින් ඒකත් ඉවර උනා... ඊට පස්සෙ මෙහෙමයි..
ඊට පස්සෙ ඕන් තවත් මොකක්ද ගෙට්ටුවක් තිබුන ලු.. ගම්පහ ද කොහෙද කියල පැත්තෙ..
මටත් කතා කලා ඕන්...    ;)  සිරා අයිය කියල කෙනෙක්.... බෝම අමාරුවෙන් බේරුනේ... අම්ම දැනගත්ත නම් කොල්ලෙක් එක්ක කතා කරනව කියල, විසුමක් වෙන්නෙ නෑ..   :ඩී



               ඒකෙත් හරි හරි සිද්ධි තමයි උනේ... කවුද මන්ද උන්දැ කෙනෙක් නම් ලිස්ට් එක අතේ තියන් ගේට්ටුව ළඟට වෙලා බලන් උන්න ලු එන කට්ටිය කවුද එයාලගෙ නම් මොනවද කියල හොයාගන්න එහෙම..... තවත් අය ගෙට්ටුවට ඇවිත් ගෙට්ටුවට නෙමෙයි වගේ ඇවිත් මල් වත්තෙ ගේට්ටුව ළඟ ඉඳගෙන උන්න ලු... සමහරු ගෙට්ටුවට එනවයි කියල ගම්පහට ඇවිත්, ගම්පහ නගරය ගැන මාර ආදරයක් ඇතිවෙල ප්ලැට්ෆෝම් ටිකට් එකක් අරන් ස්ටේෂන් එකට වෙලා නිදාගෙන උන්න ලු.. ඇන්ඩ් සෝ ඔන්..

මෙන්න ඒකෙ විස්තර අපේ රජාගෙ කතා කරන පිංතූර වලින්...

ගෙට්ටුවේ කැතම කැත කතා කරන පොටෝ!!! - Live & Exclusive -

මඩ පොටෝ Season 2

එන්න එන්න!!!! තව ගහගම්මු!!! - මඩ පොටෝ Season 2

 හරි හරි... ඒව ඉවරයි... ඔන්න තවත් සීසන් එකක් ඇවිත් ඒකට..... සයිබර් ගෙට්ටුව 2013....!!!!! :)
 මේ පාර ගෙට්ටුව තියෙන්නෙ ගල්කිස්ස බීච් එකේ... ගොඩක් කස්ටිය යනව ලු... මන්ද.. මාව නම් යවන පාටක් නෑ අපෙ ගෙදරින්.. ඒ උනාට උපරිම උත්සහය දරන්නම්කො...
මෙන්න ගෙට්ටුව ගැන විස්තර...

මෙන්න දවස  ---->

දෙසැම්බර් 21 වෙනිදා

මෙන්න තැන ----->

ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස් ( Jo Jo's Place in Mount Lavinia )

මෙන්න මෙතනින් වැඩි විස්තර ---->

 ගිනියම් ඉර ........ සඳ සිසිලස ............අතරේ හොයනවා හොයනවා අපි අපි කවුරුද?