javascript:void(0)

Friday, December 28, 2012

...කතා දෙකක්...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

අද.....ලියන්න....... ලොකූ මාතෘකාවක් අරගන්නෙ නෑ මම.... ඒත් අපේ ජීවිත වලට ගොඩක් සමීප පුංචි කතා දෙකක් මතක් උනා ලියල දාන්න....

පළවෙනි එක - "ගෑණු අඬනව මිනිස්සු බොනව"

ඔය කියන කාරණා දෙක බෝම දරුණු විදියට... වෙන් කරන්න බැරි තරම් තදින් බැඳිල තියෙන දෙකක් කියලයි මට නම් හිතෙන්නෙ.. ඔය දෙකේ දෙපැත්තෙම වැඩි සාධාරණත්වයක් දකින්නෙ නෑ... හෙහේ... මොකද මිනිස්සු බොන එකේ ගතයුත්තක් ගෑණු දකින්නෙ නෑ වගෙම.. ගෑණු අඬන එකේ ගතයුත්තක් මිනිස්සු දකින්නෙත් නෑ...   එහෙම නේද? :)

මම ,මිනිස්සු බොන එක හේතුවක් විදියට "දුක" ගන්නම්කො... කොහොමත් ජීවිතේට නොබී ම හිටපු  සමහර අයත් "දුක" නිසා නෙ බොන්න පුරුදු වෙලා තියෙන්නෙ...

කෝම හරි කමක් නෑ... හේතු ගොඩක් තිබුනත්. මම එක හේතුවක් ගත්තොත් මේ දෙකටම පොදු; ගෑණු අඬන්නෙ දුක ට.... මිනිස්සු බොන්නෙ දුක ට කියල....
එතන ප්‍රශ්න දෙකක්,

1. දුකට ඇඬුවා කියා ගෑණුන්ට ලැබෙන්නේ මොනවා ද?  (අඬන්න එපා කිවුවාට ගෑණු අඬන එක නවත්තනවා ද?)

2. දුකට බිවුවා කියා මිනිස්සුන්ට ලැබෙන්නේ මොනවාද?  (බොන්න එපා කිවුවාට මිනිස්සු බොන එක නවත්තනවා ද?)

එහෙනම් අඩන්න එපා කියන මනුස්සය ද හරි බොන්න එපා කියන ගැහැණිය ද හරි? ප්‍රශ්නයක් නේද?

සංවාදයට විවෘතයි -- කමෙන්ට්ස්

විශේෂයි 1 - ----බොන එක ශරීර සෞඛ්‍ය පිරිහීමට හේතු වේ කියන තර්කයට එන්න කලින් මේ තත්වය ගැන හිතන්න කියන එක මගේ විශේෂ ඉල්ලීමක්! මොකද මම මේ කතා කරන්නෙ ඊට ගොඩාක් කලින් අවස්ථාවක් ගැන---

විශේෂයි 2   - ----(ගෑණු = මහත්මියන් සහ මෙනෙවියන්)   (මිනිස්සු = සියලුම පිරිමින්)------
---------------------------------------------------------------------------------------------------------------------------

දෙවෙනි එක  - "කෙල්ලෙක් හොයන්නෙ තමන් එක්ක තමන්ගෙ අනාගතය සාර්ථකව ගත කරන්න පුලුවන් කොල්ලෙක්ව... ඒත් කොල්ලෙක් හොයන්නෙ තමන්ගෙ අතීතය බොහොම සාර්ථකව ගත කරපු කෙල්ලෙක්ව...."

සාමාන්‍යයෙන් කෙල්ලෙක් (යාලු වෙන්න කලින් කොල්ලගෙ අතීතය ගැන දැනගත්තොත් නම් ඉතින් අප සරණයි.. යාලු වෙන එකකුත් නෑ) කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනට පස්සෙ ඒ කොල්ලගෙ අතීතය දැනගත්තොත්.... එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියල... ඒ අතීතය හාරා අවුස්සල හොයල බලන්නවත්... කොල්ලව දාල යන්නවත් වැඩි කැමැත්තක් නෑ නේද? මොකද... කෙල්ලෙක් විදියට ඔයා හිතනව එයාගෙ අතීතෙන් වැඩක් නෑ.. දැන් මගෙත් එක්ක හොඳින් ඉන්නව නෙ..එයා හොඳ විදියට වෙනස් වේවි කියල...
1. ඒක එහෙම නේද?

ඔව් එහෙම නැති අයත් ඉන්න බව මම දන්නව......

කොල්ලෙක් සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙ "පස්සෙන් ගිහින්" නෙ යාලු වෙන්නෙ... නෑ ඉතින් මම කතා කලේ ප්‍රායෝගිකව... කෙල්ලෙක් කොච්චර කලත් කොල්ලෙක් ගැන හිතක් පහල වෙච්ච ගමන්ම ගිහින් කොල්ලගෙන් අහන්නෙ නෑ නෙ.. ඉස්සෙල්ලම කොල්ලට අඟවනව නෙ තමන් එයා ගැන උනන්දුයි කියන එක... අන්න ඒ නිසා ඒ ඒ තත්වත් එක්ක.. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින්.. අර මම කියපු "පස්සෙන් යන "කාලෙ හරි තමන් ගැන උනන්දුයි කියල දැනෙන කාලෙ හරි කෙල්ල ගැන..
2. එයාගෙ අතීතය ගැන ඒව මේව විස්තර හොයනව නේද?

ඔව් එහෙම නැති අයත් ඉන්න බව මම දන්නව....


3. කතාවෙ ප්‍රායෝගික බව ගැන ඔයාලගෙ අදහස මොකක්ද?


විශේෂයි 1  ---තමන්ගෙ දක්ෂතාවය තමන්ගෙ මතය තරයේ ඔප්පු කරන්න උත්සහ නොකර තමන්ගෙ ස්වභාවය පිළිබඳව අවංකව හදවතින්ම උත්තර බලාපොරොත්තු වෙමි-----