javascript:void(0)

Wednesday, June 27, 2012

වැස්සත් එක්ක ප්‍රශ්නත් හේදිලාම ගිහින්...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."



" වැස්සත් එක්ක ප්‍රශ්නත් හේදිලාම ගිහින් වගේ...
ආයෙත් අපි හිනා වෙනවා....
හැම වෙලේම වැස්ස අපිට ගේන්නෙ සතුටක්..
ඒත්,
ඇයි හැමතැනම මඩ වලවල් විතරක් ඉතුරු වෙලා??
ඒක නම් ප්‍රශ්නයක්???
චූටි කාලෙ වගේ, ඒවට පනින්න තිබ්බා නම්...
අපෝ......
එහෙම කරන්න එපාලු, අපි දැන් ලොකු ළමයිලු...
හැමෝම එහෙම කියනවා.... "

---උපුටා ගැනීමකි---
copyrights©(- Edited by Hasz Salvatore & Hashan Salinda -)

මම ආසයි මේකෙ එක පාරටම පේන්නෙ නැති යථාර්තයට... මම ටිකක් අඳුරන නංගි කෙනෙක් ලියල තියෙන්නෙ... මට ඒකට උත්තරයක් ලියන්නම හිතුන... ඒ නිසයි මෙහෙම ලිවුවෙ..... අපි අපේ ජීවිත වලදි ප්‍රශ්න එක්ක හරි හරියට ගැටෙනව... ඒ ප්‍රශ්න නිසා අපිට පොත පතින් ඉගනගන්න බැරි විදියෙ ලොකු දැණුම් සම්භාරයක් ලැබනව... සමහරු එයින් වැටෙනව... සමහරු ඒක කාගෙන ඉන්නව.. සමහරු ඒව අභිබවා යනව... අන්තිමට කියපු දෙගොල්ලන්ටම ටිකක් රළු උනත් ජයග්‍රාහී මාර්ගයක් විවෘතයි...

ඒක මට දැනුනෙ මෙහෙමයි... -

වැස්සත් එක්ක
ප්‍රශ්න හේදි හේදි ගියත්...
ඉවර වෙන්නෙ නෑ..
අපේ ප්‍රශ්න....
කවදාවත්...

දුකයි සැපයි අතරෙ
තියෙන්නෙ..
වෙන් කරන්න බැරි
බැඳීමක්..

වැස්ස අපිට සතුටක්..
මඩ වලවල් අපිට දුකක්...
වැස්ස නැත්තම් මඩ වලවලුත් නෑ..
සතුට නැත්තම් දුකත් නෑ....
මඩ වලවලුයි...
වැස්සයි නැත්තම්....
අපිට කවදාවත්ම....
ජීවිතේ ගැඹුර දැනෙන්නෙත් නෑ...
"එහෙම කරන්න එපාලු,
අපි දැන් ලොකු ළමයිලු
"
කියල
අපෙ අම්මල කියන්නෙ ඒ වගෙ...

Wednesday, June 13, 2012

මංසන්ධිය

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

^^^^^^^
->->->->->->->-^-^-^-^-^->->->->->->->->
හිතෙනවද
ඔයාට;
ඔයාගෙ ජීවිතේ
ලැබුණු දේවල් වලට
වඩා
නොලැබුණ දේවල්
වැඩියි කියල???
දුක් වෙන්න එපා....
අපි හිතන්නෙත්
ඔයා හිතන විදියටම
තමයි
ඒත්.....
වෙනස
ඔයා තාමත්
ඒ ගැන හිතන එකයි
අපි
තව දුරටත්
ඒ ගැන, 
නොහිතන එකයි...
වෙනස් වෙන්න..

 වහාම...!!!
^^^^^^^
->->->->->->->-^-^-^-^-^->->->->->->->->




දිනය - 2011.03.16
ස්ථානය - බුත්පිටිය මධ්‍ය මහා විද්‍යාලය,මහර
අවස්ථාව - මැතිවරණ රාජකාරි (මැතිවරණ දිනයට පෙර දින )

Friday, June 8, 2012

පාපොච්චාරණය.

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ >>--> මෙතනින්
                              පවනි කියන විදියට ඒ මැසේජ් එක දැකල තප්පර ගානක් ඇතුලත මාව ඇඳ උඩට ඇදගෙන වැටිල තියෙනව. ඒ කෙසේ වෙතත් පණ වගෙ රකින මගෙ ජංගම දුරකතනය, මට කල්පනාව එනකොට තිබුනෙ බිම වැටිලයි. ඒක කොහොම උනාද කියල මටවත් හිතාගන්න බෑ. මමත් කාලයක ඒ වගේ අදහස් හිතේ පුරෝගෙන හිටිය. අඩුම තරමින්.. මගෙම වචන වලින් කියතොත් තියෙන ඇහැට කනට පේන ගෑණු ළමයි පස් හය දෙනෙක් විතර මාව එයාලගෙ ඉතා සමීප යාලුවෙක් විදියට ඇසුරු කළා. එයින් තුන් දෙනෙක් විතර එයාලත් එක්ක ආදර සම්බන්ධතා පවත්වන්න මට ආරාධනා කළා.

                        ඒත් ඒ කාලෙ මට ඕන වුනේ එක්කෙනෙක්ට විතරක් කොටු වෙන්න නෙමෙයි ( ඒකටත් හේතුවක් තිබුන ). ඒත් එහෙමයි කියල හැමෝටම ආදරෙයි කියල රවට්ටන්න අදහසක් මගෙ තුන් හිතකවත් තිබුනෙත් නෑ. මට ඕන වුනේ ඒ හැමෝගෙන්ම එක වගෙ ආදරේ ලබමින් ඒ හැමෝම අති සමීපතමයන් විදියට ඇසුරු කරන්න. ඒත් ඒ කාලෙ ඒ හිටපු එක්කෙනෙක් වත් මම තමන් තරම් සමීපව අනිත් අයව ඇසුරු කරනවට කැමති වුනේ නෑ. එක අතකට ඒක සාධාරණයි. ඒක මානුෂීය හැඟීමක්. ඒ දවස් වල මට මේ කාරණාව අපේ අයිය කෙනෙක් පිරිසිදු සිංහලෙන්ම පැහැදිලි කරල දුන්න. එයා කිවුවෙ,"රූ., ඔයා කරන්නෙ ආත්ම වංචාවක් වගේ දෙයක්" කියලයි. ඕක කවදාවත් හරියන දේකුත් නෙමෙයි කියලත් එයා මට කිවුව. ඒත් ඒ කාලෙ මගෙ වයසෙ ප්‍රශ්නයක් නිසා මම කීයටවත් ඒක පිළිගන්න කැමති වුනේ නෑ. ඒත් අද....

                 අද ඒක මටම පඩිසන් දුන්න කියල හිතෙනව. ඒ තරම් ගැඹුරු බැඳීමක් මගෙ ජීවිතේ තිබුනෙ එක්කෙනෙක් එක්ක විතරයි.... ඒ "I" නමුත්...

අනේ මම..මගේ හිත .. මට හිතාගන්න බැරි තරම් දුකින් බර වෙලා....

                                                                                                                          ----කතෘ අඥාතයි----