javascript:void(0)

Wednesday, February 29, 2012

විදවීමයි වින්දනයයි එකතු වෙන තිත.....

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."



මගෙ ජීවිතේට ආදරේ කරන,

මගෙන් ලැබෙන ආදරේට ආදරේ කරන,

මගෙ අදහස් වලට ආදරේ කරන කෙනෙක් ඇවිත්

"රූ... ඔය දේවල් නවත්තන්න"

කියනකම් මම මේ දේවල් නවත්තන්නෙ නැහැ.........

වෙන කාටවත් නවත්තන්නත් බැහැ!!!!

ඒම නවත්තන්න වුවමනාවකුත් නෑ...


මීටත් වඩා මාව විනාස වෙයි.......

ඒත් ඒ වෙනකම් මම මගෙන්ම පලි ගනීවි...

මටම රිදව ගන්නකොට,

මට හුස්ම ගන්න අමාරු වෙන හැම වෙලාවකම ඒ දැනෙන වේදනාවට මම ගොඩක් ආදරෙයි....

ඒ ඇයි කියන්න මට තේරෙන්නෙ නැහැ!!!


[*විදවීමයි වින්දනයයි එකතු වෙන තිත.....*Thursday, 04 November 2010]

මේක මම ගොඩාක් කලින් ලියපු එකක්... ඒ වුනාට ඒ දැනුන අදහසට, ඒ හැඟීමට මම ගොඩක් ආසයි.... මේක මට එහෙම ලේසියෙන් අමතක වෙන එකකුත් නෙමෙයි.... මොකද මේක මට නිතරම දැනෙන දෙයක් නිසා...ඒත් මට දැනෙනව මේක මට දැනුන වෙලාවට වඩා මම දැන් හිතන විදිය ටිකක් වෙනස් කියල...

Sunday, February 26, 2012

"තනි සෙට් එක"

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

_______________________________________________________________
සියල්ලට පෙර -  මගෙන් වෙච්ච වරද මම පිළිගන්නව. මම හිතන්නෙ මේකට සම්බන්ද හැමෝමත් දන්නව මට එහෙම කරන්න වුනේ ඇයි කියන්නත්.... ඒක නිසා මම වැරදිකාරයෙක් වුනත්... මාව හලල දාන්න.... මට වෙනස්කමක් කරන්න තරම් ඒක ඒ තරම් දෙයක් කියල.... මම ඒ දවස් වල විස්වාස කලෙත් නෑ දැන් විස්වාස කරන්නෙත් නෑ.... මම මගෙත් එක්ක වැඩ කරපු උන් වෙනුවෙන් ගොඩක් දේවල් වෙනුවෙන් මට ප්‍රශ්නඇති වෙන්න පුලුවන් තරමේ අය එක්ක මම කතා කරල තියෙනව... බැනුම් අහල තියෙනව... ඒත් මම මෙහෙම සැලකුවෙ නෑ කාටවත්... මට දුකයි....ඒත් එක අතකට සතුටුයි.... දුකයි මට මෙහෙම වෙච්ච එකට... සතුටුයි මට මෙහෙම කරන අයව තේරුම්ගන්න පුලුවන් වෙච්ච එකට....
ජය වේවා...
_______________________________________________________________

                            හිතාගන්න බැරි තරමට දේවල් ගොඩක් වෙනස් වෙලා. ඒ දවස් වල මගෙත් එක්ක බොක්කෙන්ම හිනා වෙච්ච මිනිස්සු අද මගෙත් එක්ක හිනා වෙන්නෙ නිකම් මූනිච්චාවට වගෙ. බොක්කෙන්ම හිටපු මගෙත් එක්ක කාපු බීපු කතා කරපු මිනිස්සු අද කතා නොකර බැරි නිසා කතා කරන තත්වෙට පත් වෙලා. මම මොකක් හරි දේකට කොහෙ හරි යනකොට, "මචන් හෙට කිරිබත්ගොඩ යනව, උබලත් එනවද කියල" සෙට් එකේ හැමෝටම කියල යන තරම් බැදීමක් මගෙ තිබුනට එයාලත් එක්ක, එයාලගෙ එහෙම තිබිල නෑ වගෙ. අද උන් සම්පූර්ණයෙන්ම මාව හලල දාල. යන්න කලින් කතා නොකලත් ගියාට පස්සෙ වත්," මචන් එදා අපි එහෙ ගියා, උඹට කියන්න බැරි වුනානෙ"කියලවත් නොකියන තරමට උන් වෙනස් වෙලා...වෙනදට සෙට් වෙලා මගෙන්," අද අපිට පංතිද බං, ආයෙ අපිට පංති තියෙන්නෙ කවදද බං"කියල කියල මගෙත් එක්ක කතා කරපු අපෙ උන්ගෙන් මට පංති තියෙන දවස් අහගන්න වෙලා. එක අතකට ඒ වෙනස් වීමෙ අසාධාරණත්වෙකුත් නෑ.... (දන්නෝ දනිති )

                 මම හිටියෙ කෙල්ලො තුන් දෙනෙක් විතරක් හිටිය පංතියක. ඒ පංතියෙ අපි හතරදෙනා බොක්කෙන්ම ෆිට් වෙලා උන්න. පස්සෙ එතනට ආපු මගෙ හොඳ යාලුවෙක් වෙච්ච හතරවෙනියෙක්(කොල්ලෙක්)  නිසා තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. අපි එයාට "පෙන්ටියම් ෆයිව්" කියමුකො. ඒ නිසා "අපේ සෙට් එකෙන්" නොදැනීම කැඩිල ගිහින් "අපි දෙන්නගෙ සෙට් එක" බවට පත් වුනා. "අපි දෙන්නගෙ සෙට් එක"ත් සෑහෙන ෆන් එකේ හිටිය සෑහෙන කාලයක් "ලොකු සෙට් එක"ත් එක්කත් සෙට් වෙලා.



               ටික දවසක් ගියා... ඊට පස්සෙ  පටන් ගත්තු අලුත් පන්තියත් එක්ක පෙන්ටියම් ෆයිව් පෙන්ටියම් සික්ස් වෙලා "අපි දෙන්නගෙ සෙට් එකෙන්" අයින් වෙලා "ඒ දෙන්නගෙ සෙට් එක" හදාගත්ත... මට මගේ "තනි සෙට් එක"ට ඉබෙම සෙට් වෙන්න වුනා.

             දැන් තත්වය සම්පූණයෙන්ම වෙනස්!!! දැන් "අපේ සෙට් එක"යි "ඒ දෙන්නගෙ සෙට් එක"යි "ලොකු සෙට් එක"යි ඔක්කොම දැන් සෙට් වෙලා සෑහෙන ෆන් එකේ ඉන්නව....
අන්තිමේ ස්වාධීන සෙට් ගොඩක් හදන්න මූලිකත්වය ගත්තු ඒව නඩත්තු කරපු මට අද මගේ "තනි සෙට් එක"ත් එක්ක තනියම සෙට් වෙන්න වෙලා... දුකේ බෑ...!!!


               ඔය අතර මුල් දවස් වල අපිත් එක්ක වැඩිය එකට හිටියෙ නැති, "අපේ සෙට් එකේ" හිටියෙත් නැති ටික කාලයක් අපිත් එක්ක වැඩ කරල දැන් "අපේ සෙට් එකේ", "ලොකු සෙට් එකේ" සහ තවත් එකී මෙකී නොකී සෙට් දෙක තුනකම ඉන්න පස්වෙනියෙකුත් (කෙල්ලෙක්) හිටිය මේ සෙට් එකේ. අපි එයාට "බීක්" කියල කියමුකො. පෙර කී සෙට් සියල්ල දැන් මගෙත් එක්ක නැති වුනත් මෙතනින් තවම මාව හලල නැති මේ බීක් ගැන විතරක් චුට්ටක් විතර තවම මට සතුටු වෙන්න පුලුවන්. අනිත් සෙට් හැමෝම මාව හලල තියෙනකොට කාලයක් මගෙත් එක්ක වැඩ කරපු එක යුතුකමක් විදියට වත් සිද්ධ වෙන දේවල් ගැන ටිකක් හරි මාව දැනුවත් කරපු එක ගැන තවමත් මම එයාට කාරුණිකව ස්තූති කරනව.

             මී ළඟට අපේ වැඩ වලට සෙට් වීමෙන් පෙර කී සෙට් සියල්ලට ඇතුලත් වූ දැන් මුල් ස්ථානයක සිටින්නාවූත් හයවැනියෙකුත්(කොල්ලෙක්) හිටිය. අපි එයාට..... නෑ ඕනෙ නෑ.... අපි එයා ගැන කතා නොකර ඉමු.... මගෙත් එක්ක සෑහෙන කාලයක් හිටපු සෙට් එක මෙහෙම වෙනකොට මෑතකදි අපේ සෙට් ඔක්කොටම සෙට් වෙච්ච මගෙත් එක්ක ගොඩක් ෆිට් වෙච්ච (ඒ දවස් වල - දැන් නම් කතා නොකර බැරි කමට වගෙ ලයින් එකක් තියෙන්නෙ ) කෙනෙක් ගැන ආයෙ අමුතුවෙන් දෙයක් කතා කරන්න තරම් මගෙ හිතේ පිරෙන්න තියා එක මාත්‍රයක් නෑ.. හිස්....

       දැන් කෝමටවත් කතා කරන්න දෙයක් මට ඉතුරු වෙලාම නෑ.... ඔන්න ඕකයි මම දැන් ඉගෙනගන්න IT Institute එකේ මට තියෙන තත්වෙ....
මේක මෙහෙම නෙමෙයි කියන්න මේකට සම්බන්ද කවුරු හරි ඉන්නවනම් මෙතම කමෙන්ට් එකක් දාවි කියල මම විස්වාස කරනව..


2012.02.16
@ d staff room
කිසිදු සිදුවීමක් මනඃකල්පිත නැත. නම් ගම් සියල්ලද සත්‍ය ය. 

Monday, February 13, 2012

"The වැලන්ටයින් ඩේ"

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

 
මගෙන් ආදරයක් බලපොරොත්තු නොවී මට ආදරය කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම්....
එයාටයි මම මේ කියන්නෙ...

මගෙ ආදරේට හෙටත් එක දවසක් විතරයි....

ඒත් හෙට කවුරු හරි මට ආදරේ කරන්න පටන් ගත්තොත් හෙට වැදගත් දවසක් වෙයි...

ඒ දවස පෙබරවාරි 14 වෙන්නම ඕනෙ කියල මට හිතෙන්නෙ නැහැ....

ඒත් එහෙම "වැදගත් දවසක්" ගැන මට බලාපොරොත්තු නැහැ..
:(

ඒක මට විතරක් නෙමෙයි...
ගොඩක් අයට දැනෙන යථාර්තයක්.....?



 මට එහෙම ආදරේ කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම්....

එයා ඇත්තටම මට ආදරේ නම්..අන්න එදාට ඒ කෙනාට මගෙ ජීවිතේ තරම් ආදරේ කරන්න මම සූදානම්....

ඒත් ඒ තරම් මම ආදරය කළ යුතුද නැතිද කියන එක එයාව හමු වෙලා එයාගෙ අදහස්..සිතුම් පැතුම්... දැනගන්නකම් තීරණයක් ගන්න මම සූදානම් නෑ....

ඒක මගෙ විදිය...

මගෙ විදිය ටිකක් රළු... ටිකක් අපහසු විදියක් තමයි... ඒත් ඒක තම තමන් දකින් විදිය.... ගොඩක් මුදු මොලොක් අහිංසක කෙනෙක්ට ඒක කෝම දැනෙයි ද කියන්න නම් මම දන්නෙ නෑ...

මම පවනි.... මේකයි මයෙ විදිය... පවනි කියන්නෙ කවුද කියල මෙතනින් දැනගන්න පුලුවන්... >>>>------> :..පවනි..:



...:{ආදරේ තරම් සියුමැලි වගෙම... රළු වෙන්න... පුලුවන්ද...
වෙන දේකට???}:....









...............dated for ever...........

Friday, February 10, 2012

මොකද හිතන්නෙ?

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

ගත්තෙ >>--> මෙතනින්
එක පාරක් මැරෙන්න උත්සාහ කරල බලන්න......
  ඔයාලට ජීවත් වෙන්න ආස හිතෙයි...
ගත්තෙ >>--> මෙතනින්
 ඒත් එක පාරක් ජීවත් වෙන්න උත්සාහ කරල බලන්න....
ඔයාලට මැරෙන්න දස දහස් වාරයක් හිතෙයි.......

ඒත් වටින්නෙ පැනල ගිහින් මැරෙන්න හදන එකට වඩා උපරිම උත්සාහ දරල එක පාරක් ජීවත් වෙන්න උත්සාහ කරන එකයි.....

ඔයාල ඒ ගැන මොකද හිතන්නෙ?


                                                                                                                  November 17, 2011 at 7:25pm

Wednesday, February 1, 2012

එයාගෙයි මගෙයි අතර දුර...

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                      2010.07.27
පාඩම් කරන්ටය කියල සෙට් වුන දවසක.   

                        මගේ පවනිත් ආගිය අතක් නෑ.ඇරිසෝනත් මගේ ඇඳට වෙලා ඉඳගෙන බරටම එෆ්.බී. ලොග් වෙලා. සුපුරුදු විදියටම ඉස්සර මගෙ හිතේ අදහස් මවපු තැඹිලි ගහ මගේ කාමරේ ජනේලෙන් පේනව. ඊට එහායින් තියෙන මම චූටි කාලෙ සෙල්ලම් ගේ හදපු අම්ම ලස්සනට වවපු (තල් ජාතියක්) තල් ගහත් හමන සුළඟ කෙරෙහි හැඟීමක් දැනීමක් නෑ වගේ ඊළඟ වැහි දවසෙ අකුණු සැර වැදිල තමන් මිය යන දිනය එනතුරු බලාගෙන ඉන්න හැටි මට පේනව.

                          මම චූටි කාලෙ එයාගෙ තල් අතු අම්ම විසි කරල තිබුන රෙදි පටි වලින් ගැට ගහල වැස්සට තෙමෙන්නෙ නැති වෙන්න සෙල්ලම් ගෙවල් හදපු හැටි මට මැවිල පේනව. මගෙ පොත්, පැන්සල්, ලේන්සු ඔක්කොම එතනින් තියාගෙන මහ වැහි වෙලාවක මම හිටපු හැටි, ඒ චූටි කාලෙ හිතේ කිසිම කහටක් නැතුව සතුටු වුණ හැටි මගෙ මතකෙට එනව. එකපාරට වැටුණු අත්තක් නිසා ඒ වැස්සෙ මගෙ සෙල්ලම් ගේ කැඩිල මගෙ පොත් එහෙම තෙමෙන්න ගත්තම අම්ම බැනපු හැටි,  ඊට පස්සෙ වැස්සෙ තෙමීගෙන ඒව අරගෙන ගෙට දුවගෙන ආපු හැටි එදා වගෙම තවමත් මතකයි මට.  මට නොදැනිම මගේ ඇහෙන් කඳුළු බින්දුවක් වැටුන හැටි.... සමාවෙන්න ඕනෙ. ඒක නම් වුණේ එදා නෙමෙයි.. මේක ලියන වෙලාවෙ.

                            මම එයාට ගොඩක් ආදරේ කළත් එයා මට එහෙම ආදරේ කලේ නෑ. එයාගෙ හැම අත්තකම කටු තිබුණ. එයා ඒ කටු වලින් ලෝකෙට රළු විදියට මුහුණ දුන්න කියලයි මට නම් හිතෙන්නෙ. අනේ ඒ කටු ඇනගෙන මම කී පාරක් නම් තුවාල කරගෙන තියෙනවද?  ..... මම චූටි කාලෙ එයා මාත් එක්කමයි උස ගියෙ. ඒත්....

                   එයා ඊට පස්සෙ මගෙ ලෝකෙන් ටිකින් ටික ඈත් වුණා. ඒත් ඒ කාලෙ එයා ටිකින් ටික මගෙ ලෝකෙන් ඈත් වුණාද මම ටිකින් ටික එයාව මගෙ ලෝකෙන් ඈත් කලා ද  කියන එක තවමත් රහසක්. නොදැනීම වසර ගණනාවක් ගත වෙලා ගියා. මගේ මතකෙනුත් ටිකින් ටික මැකිල ගියා........

                   ඒත් අද මම ඒ මතකය නැවත ආවර්ජනය කරනව. දැන් මට පේනව අපි දෙන්න කොයි තරම් දුරස් වෙලාද කියල. ඒ කාලෙ අපි දෙන්නම වැඩුනෙ එකට. ඒත් දැන් එයා මම වගේ පස් හය ගුණයක් පරිණතයි. මම මගේ තරුණ වියට එළැඹිලා. එයා එයාගෙ සැඳෑ සමය ගත කරනව. ඇත්තට මේ ලෝකෙ කොයිතරම් පුදුමාකාර ද? එක් කෙනෙක් තමන් සතුටින්ම ගත කරන කාලෙ පහු කරනකොට තවත් කෙනෙක් එයාගෙ දුක්ඛජනකම පරිච්ඡේදය ගත කරනව. අනේ... තවත් මේක දරාගන්න බෑ මට පවනිත් මයෙ ළඟ නැති නිසා.... මට දැනෙනව දැන් ලිවුව හොඳටම ඇති කියල....

            මේ පහලින් තියෙන.. එක පාර දැකපුවම කිසිම විශේෂත්වයක් නොපෙනෙන උසම උස ගහ ගැන තමයි මම මගේ මෙච්චර වටින කාලය ගෙවාගෙන මේ පෝස්ට් එක ලිවුවෙ.....



කිසිදු සිදුවීමක් මනඃකල්පිත නැත. නම් ගම් සියල්ලද සත්‍ය ය.